චිකන්, මාළු, ඉස්සෝ හෝ අල කරියක් එක්ක හරි කෑමට ගත හැකි ඉඳිආප්ප බිරියානි ගෙදරදීම හදා ගමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
ඉඳිආප්ප 50
හීනියට කපාගත් අර්තාපල් 150g
කජු මද 100g
කුඩු කරගත් කරදමුංගු තේ හැඳි 1/2
බටර් 50g
ලියාගත් රතු ළූණු 75g
පොල්කිරි කෝප්ප 1/2
සාදන ක්‍රමය :
01. පළමුව අර්තාපල්, කජු, රතු ළූණු වෙන වෙනම බටර් වලින් බැදගන්න.
02. පසුව ඉඳිආප්ප ටික කැබලි වලට කඩා කිරි මිශ්‍ර කරගන්න.
03. කජු බැදගත් පෑන් එකට අවශ්‍ය නම් තව බටර් ටිකක් එකතු කර එයට ඉඳිආප්ප ටික එකතු කරන්න. එයටම බැදගත් කජු, ළූණු සහ අල ටික එකතු කර හොඳින් කලවම් කරගන්න. ලිපෙන් ඉවතට ගන්න.