ආදරේ ගැන හැමෝටම වගේ අමතක වෙන දේවල් 10ක්

April 3, 2017
17,393
10 things about love most people tend to forget
ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් ඔබට පුලුවන්ද හරියටම හරියන උත්තරයක් එයට ලබාදෙන්න. සමහර විට ඔබට නොහැකි වේවි එයට පිළිතුරක් ලබාදෙන්න. මොකද එකිනෙකාට ආදරය දැනෙන විදිහ වගේම ඔවුන් ආදරය කරන විදිහත් වෙනස්. නමුත් ඉතින් බහුතරක් දෙනා ආදරය කියලා හිතාගෙන ඉන්නේ චිත්‍රපට වල ටෙලිනාට්‍ය වල දකින විදිහේ ආදර සබදතා. නමුත් එහි දකින්නට ලැබෙන දේවල් වලට වඩා සංකීර්ණ යථාර්තයක් ආදරය කියන කාරණාව ඇතුලේ තියනවා. මේ නිසා චිත්‍රපටිවල ටෙලිනාට්‍ය වල දකින ආදර ලෝකයට රැවටුන බොහෝ දෙනාට ආදරය ගැන මේ කාරණා ටික නම් අමතක වෙලා යනවා.

1. ආදරය කියන්නේ සම්මුතියක්

ආදරේදී කිසිම කෙනෙකුට ආත්මාර්ථකාමී වෙන්න බැහැ. මොකද ආදරය කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවෙන සම්මුතියක් වගේ දෙයක්. ආදරය හොදින් ඉදිරියට පවත්වාගෙන යන්න දෙදෙනා අතර හොද එකගතාවයක් පැවතිය යුතුයි අනිවාර්යෙන්ම.

2.ආදරය කියන්නේ උපයා ගැනීමක්

ආදරය අපිට ඉබේම ලැබෙන දෙයක් නෙවෙයි. එය අපිට ලැබෙන්නේ අපේ උත්සාහය මත. අපි අනෙකා වෙත දක්වන කරුණාව, ආදරය, කැපකිරීම් මේ වගේ දේවල් තමයි ඔබට ආදරය උපයා දෙන්නේ. මේ නිසා හොදින් මතක තබාගත යුතුයි ඔබට ආදරය ලැබෙන්න නම්, ඔබ එය ඔබේ උත්සාහයෙන් උපයාගත යුතු බව.

3. ආදරය කියන්නේ පහසු කාර්යක් නොවෙයි

මේ ගැන හොදින්ම දන්නේ දීර්ඝ කාලයක සිට ආදරය කරන අයයි. මොකද ඔවුන් හොදින්ම දන්නවා ආදරය අපි හිතන තරම් පහසු සුන්දර කාර්යක් නොවන බව. මොකද කාලයත් සමග ආදරයට එන ප්‍රශ්න ගැටළු අප්‍රමාණයි. මේ හැම එකකින්ම නොසැලී ඉන්න පුළුවන් නම් ඔබට පුළුවන් හොද ආදර සබදතාවයක් හිමිකරුවෙක් වෙන්න.

4. ආදරය කියන්නේ අවධානමක්

ඔබ ආදරය කරන්න පටන් ගන්නවා කියන්නේ ඔබට සිත් රිදවීම් ඇතිවීමට ඇති ඉඩකඩත් වැඩිවෙනවා කියන එකයි. මොකද හැම ආදර සබදතාවයක්ම සතුටින් අවසන් වෙන ඒවා නොවෙයි. මේ නිසා ආදරයෙන් බැදෙන ඔබ හිත් රිදවීම් දරාගැනීමේ අවධානමත් අනිවාර්යෙන්ම ගත යුතුයි.

5. ආදරයට පුළුවන් අපිව අන්ධ පුද්ගලයන් බවට පත් කරන්න

කතාවටත් කියනවනේ ආදරය අන්ධයි කියලා. මේකෙන් කියවෙන්නේ ආදරයට පුළුවන් ඔබව ඔබ දකින්න කැමති දේවල් විතරක්ම දකින යථාර්තයෙන් ඈත් උන පුද්ගලයෙක් බවට පත් කරන්න කියන එකයි.

6. ආදරය ඒකපාර්ශවිය විය හැකියි

ඔබට යමෙක් ගැන ආදරයක් ඇතිවුණා කියලා එයින් කියවෙන්නේ නැහැ ඒ පුද්ගලයාත් ඔබට ආදරය කල යුතු බව. ඒ වගේම සමහර අවස්ථා ජිවිතයේ එනවා ඔබට වැටහෙන ඔබ විතරක් ආදරය කර ඇති බව.

7. ආදරය සැමවිටම සුන්දර දෙයක් නොවෙයි

ආදරය කියන්නේ වෙනස් විය හැකි දෙයක්. මොකද ජීවිතයට එන ප්‍රශ්නත් එක්ක ආදරය වෙනස් දෙයක් බවට පත්වෙන්න පුළුවන්. මේ නිසා ආදරයේ අසුන්දර පැතිකඩකුත් පවතින බව මතක තබාගත යුතුයි.

8. ආදරය කියන්නේ ඔබේ එදිනෙදා තෝරාගැනීමක්

කිසිම කෙනෙකුට බැහැ ඔබේ හිතේ වෙනත් කෙනෙක් ගැන බලෙන් ආදරයක් ඇතිකරවන්න. ඔබ ආදරය කරන කෙනා ඔබමයි තෝරාගන්නේ. ඒ වගේම සමහර අවස්ථාත් එලබේවි ඔබට ඔබගේ තෝරාගැනීම නිවැරදි නොවන බව තේරුම් යන.

9. ආදරය කියන්නේ එක රැයකින් ඇතිවෙන දෙයක් නොවෙයි

ඔබට පළමු හමුවීමෙන්ම කෙනෙක් ගැන ආදරයක් ඇතිවුනාට එය ස්ථිර වෙන්න ටික කාලයක් ගත වෙනවා. මේ නිසා ආදරය කියන්නේ අපි චිත්‍රපට වල දකිනවා වගේ එක රැයකින් ඇතිවෙන දෙයක් නොවෙයි.

10. ආදරය උසස් දෙයක් වගේම වටිනා දෙයක් බව

ආදරය කොතරම් අපහසු, ස්ථිර නොවෙන වේදනාත්මක දෙයක් විය හැකි උවත් සැබෑවටම ආදරය කියන්නේ අපි කිසිම කෙනෙකුට අපේ ජිවිත වලින් අයින් කරලා දාන්න පුළුවන් දෙයක් නොවෙයි. මොකද ආදරය කියන්නේ අපි ජිවත් වෙන්න අපේ ජිවිත වලට බලාපොරොත්තු ඇතිකරවන දෙයක්. මේ නිසා ආදරය කියන්නේ අපේ ජිවිත වලට වටිනා දෙයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 177 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:14 AM
Script:/article/177/10-things-about-love-most-people-tend-to-forget.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:14 AM
Script:/article/177/10-things-about-love-most-people-tend-to-forget.html