නින්දේ දී අඬන බිළිඳෙකු සනසවන්න හා සන්සුන් කරන්න ටිප්ස්

September 9, 2020
24,423
How to calm infants when crying at night
ළදරුවෙක් නිතරම අඬනවා කියන්නේ එම දෙමව්පියන් කනස්සල්ලට පත් කරන කරුණක්. අලුත උපන් බිළිඳුන් දවසේ වැඩි කාලයක් (පැය 16 ත් 18 ත් අතර කාලයක්) නිදා සිටින නිසා, ඔවුන්ගේ නින්දේ රටාවට බාධා ඇති වුණොත් එය දරුවාගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට බලපානවා. අලුත උපන් බිළිඳෙක් අඬනකොට එයාගේ අභ්‍යන්තරය තවමත් වර්ධනය වී නැති නිසා නින්දේ රටා අක්‍රමවත් වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට කියන්නේ ඔබටත් ඉන්නේ එහෙම දරුවෙක් නම්, එයාව සන්සුන් කිරීමට ගන්න පුලුවන් පියවර ගැන ටිප්ස් කිහිපයක්.

1. ඔයාගේ දරුවාව හොඳින් අල්ලාගෙන ඔවුන්ව ටිකක් එහාට මෙහාට හොලවමින් නළවන්න. මෙමගින් දරුවන්ට සැනසීමක් ගෙනෙන අතර එයා අඬන එක නතර කරයි. 

2. ළදරුවන් විශේෂයෙන් මවකගේ කටහඩ හදුනා ගන්නවා. දරුවාව සන්සුන් කිරීමට පහසුම ක්‍රමයත් මෙයයි. ඔයාගේ දරුවා සන්සුන් වන විදිහට ගීතයක් ගායනා කළාම එයා ඉක්මණින්ම නින්දට වැටෙයි.

3. සමහර විට ඔයාගේ දරුවාගේ කාමරයේ විදුලි පහන් දැල්වෙනකොට දරුවාගේ ඇස් ඒවාට විවෘත වෙන්න පුලුවන්. ඒ නිසා කරන්න පුලුවන් හොඳම දෙය තමයි දරුවා සන්සුන් කිරීම සඳහා නින්දට යන විට අඩු ආලෝකය සහිත විදුලි පහන් දල්වන්න.

4. සමහර විට ස්ථානය වෙනස් කිරීමෙන් එනම් නිදන කාමරයෙන් පිටතට ගෙනයාමෙන් ද දරුවා සන්සුන් වේවි. තමන් ඉන්නේ එකම පරිසරයක නොවන බව දරුවා දැන ගත්තාම එයාට ඒක සැනසීමක් වෙයි. අඬන එක නතර කරයි.

ළදරුවෙකු අඬන්නට හේතුව කුමක් විය හැකිද?

1. වාතය පිරීම
බඩ පිපුම කියන්නේ ළදරුවන්ට ඇති වන අපහසුතාවයට වඩාත් පොදු හේතුවක්. බොහෝ ළදරුවන් ආහාරයට ගැනීමෙන් පස්සේ මේ අපහසුතාවයට පත්වනවා. මව්කිරි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ජීර්ණය කිරීමේ ක්‍රියාවලියේදී ස්වභාවිකව සිදුවන අතුරුඵලයක් තමයි බඩට වාතය පිරීම. මෙය මග හරවා ගැනීම සඳහා හොඳම ක්‍රමය ගුඩුස් ඇරීම වන අතර දරුවා පෝෂණය කළාට පස්සේ ගුඩුස් යනකල් වඩාගෙන එයාගේ පිට හිමීට අත ගාන්න.
 
2. ඩයපර් වෙනස් කිරීම
තෙත් වුණ ඩයපර් වලින් දරුවාගේ නින්ද අපහසුතාවයට පත් කරන්න පුලුවන්. ඔයාගේ දරුවාගේ ඩයපර් මාරු කළාට පස්සේ පොඩ්ඩා සුවපහසුවට නිදා ගනියි.

3. නිදිමත හා වෙහෙස
පොඩ්ඩෙකුට කිරි පෝෂණය මෙන්ම නිදා ගැනීමද වැදගත්. ඔබේ දරුවා අධික ලෙස වෙහෙසට පත් වෙලා ඉන්නවා නම් දරුවා නිදා ගැනීමට කැමතියි. දරුවන් ගොඩක් අඬන්නෙත් වෙහෙසට පත් වූණාමයි. මෙම තත්වය තුළ ඔයාගේ දරුවා සනසාලීමට ඇති හොඳම ක්‍රමය තමයි දරුවාට කිරි දී නිදී කරවීම. 

4. කුසගින්න
ආරම්භක මාස 6 තුළ අලුත උපන් බිළිඳෙක්ව නම් රාත්‍රියේදී පවා පෝෂණය කරන්න ඕනේ. එමනිසා නින්දේදී ඇඬීම දරුවා කුසගින්නෙන් පෙළෙන බවත් පෝෂණය කළ යුතු බවත් අඟවන ලකුණක් වෙන්න පුලුවන්. මෙම තත්වය තුළ ඔයාට කරන්න පුලුවන් හොඳම දෙය නම් දරුවා පෝෂණය කර නැවත නින්දට යාමට පෙර ගුඩුස් ඇරීමයි.

5. කම්මැලියි
සමහර විට ළදරුවන් බොහෝ ශබ්ද නගා රාත්‍රියේ අවදි වෙලා තනිවම නින්දට යනවා. නමුත් සමහර අවස්ථාවලදී ඔවුන් කම්මැලියි. මේ අවස්ථාවේ දී, දරුවා නැවත නින්දට යාමට කලින් ඔබ මඳක් දරුවා සමඟ සම්බන්ධ වීම වඩාත් සුදුසුයි.

ඔබට මෙම ලිපිය ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1820 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:33 AM
Script:/article/1820/how-to-calm-infants-when-crying-at-night.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:33 AM
Script:/article/1820/how-to-calm-infants-when-crying-at-night.html