පසු ප්‍රසව ආතතිය කොපමණ කාලයක් තියෙනවාද? එය අවම කර ගැනීමට හැකිද..

May 10, 2021
20,986
How Long Can Postpartum Depression Last?
ගර්භනීකාල සීමාව තුල මවකගේ මානසික තත්ත්වය රෝලර්කෝස්ටර් එකකට සමාන වන්නේ නම් දරු ප්‍රසූතියෙන් පසු කාල සීමාව තුල ඇයගේ මානසිකත්වය සුළි සුළඟකට සමාන කරනවා.. හැඩීම, නොරුස්සන සුලු හැගීම හා කෝපයෙන් පිරිණු දවස් ගත කිරීමට සිදුවෙනවා.. මෙයට හේතුව වන්නේ දරු ප්‍රසූතියට සූදානම් වීමේ කාලයේදි සහ ප්‍රසූතියෙන් පසු කාලයේදි ඔබගේ ශරීරය තුළ සිදුවන හෝමෝන වෙනස්වීමයි.
මෙම කාල සීමාව තුළ බලාපොරොත්තු වූ සතුට වෙනුවට ඔබගේ සිත තුල දුක, ආතතිය හා කාංසාව වැනි හැගීම් වලින් පීඩාවට පත්වන්න පුලුවන්.. බොහෝ දෙනා මෙම තත්ත්වය “බේබි බ්ලූස්” (baby blues) ලෙස හදුන්වනු ලබනවා.. බහුතරයක් මවුවරුන් දරු ප්‍රසූතියෙන් පසු සුවය ලැබීමේ කාල සීමාව තුල මෙම තත්ත්වය අත්විඳින අතර දරු ප්‍රසූතියෙන් සති 1 -2 ත් අතර තුළ මෙම තත්ත්වය පහව යනවා.. කෙසේ නමුත් ඇතැම් කාන්තාවකට මෙම තත්ත්වය සමනය නොවී දිගටම පවතී නම් එය පසු ප්‍රසව විශාදය - Postpartum Depression ලෙස හදුන්වනු ලබනවා..

පසු ප්‍රසව මානසික අවපීඩනය යනු කුමක්ද..?

පසු ප්‍රසව මානසික අවපීඩනය නැතිනම් පසු ප්‍රසව විශාදය යනු දරු ප්‍රසූතියකින් පසු මවකට ඇතිවන මානසික අවපීඩන තත්ත්වයකි.. මෙම තත්ත්වය ඇති මවක් තුළ පහත ලක්ෂණ දැකිය හැකි වනවා..
- ආහාර රුචිය නැති වීම
- අධික ලෙස හැඬීම හෝ තෙහෙට්ටුව
- නොසන්සුන්කම සහ නින්ද නොයාම
- දරුවා සමඟ බැඳීම අඩුවීම
- කාංසාව සහ සන්ත්‍රාසය මිශ්‍ර හැඟීමක් තිබීම
- යටපත් කරගත නොහැකි කෝපය සහ ලජ්ජාශීලිභාවය

දරුවකු බිහි කිරීමෙන් පසු ඉතා ඉක්මනින් එළඹෙන කාලය මවක් දැඩි අවදානමකට මුහුණ දෙන කාලසීමාවක් ලෙස හඳුන්වා දීමට පුලුවන්. මන්ද එම කාලය තුල දරු පැටියා සම්බන්ද අත්දැකීම්, දරු ප්‍රසූතියේදි විඳි අත්දැකීම් ආදී සියල්ල නිසා ඇය මානසික පීඩනයකට ගොදුරු වීමේ ඉඩකඩ තිබෙනවා..

උදාහරනයක් ලෙස දරු ප්‍රසූතියෙන් පසු මවකට,
- ප්‍රමාණවත් නින්දක් නොලැබීම
- හෝමෝන වෙනස්වීමකට භාජනය වීම
- සිසේරියන් සැත්කමට හෝ සාමානය දරු ප්‍රසූතියකදී ඇතිවූ වේදනවා සහ ඒවා සුව වෙමින් පැවතීම
- අලුත් අමුත්තා සම්බන්ධ වගකීම්
- ඔබගේ දරු ප්‍රසූතිය සහ ඒ සඳහා ගතවූ, ඔබ මුහුන දුන් ආකාරය පිළිබදව කලකිරීමක් ඇතිවීම
-සිතට හුදෙකලා බවක්, තනිකම් සහ ව්‍යාකූල බවක් දැනිය හැකි වීම


පසු ප්‍රසව ආතති තත්ත්වය දරුවකු බිහිකල දෙමවුපියන් පමණක් අත්දකින තත්ත්වයක් නොවේ... එය ඇතැම් විට ගබ්සාවක් සිදු කල නැතහොත් ගබ්සාවක් සිදුවූ දෙමව්පියන් තුලද දැකිය හැකි තත්ත්වයක් ලෙස හදුන්වා දීමට පුලුවන් වනවා.එමෙන්ම කාන්තාවන් තුළ පමණක් නොව පසු ප්‍රසව ආතති තත්ත්වය පියවරුන් තුළද හඳුණගැනීමට පුලුවන්.. මේ පිළිබඳ පර්යේෂණ කළ මූලාශ්‍රයකට අනුව පියවරුන්ගෙන් සියයට දහයක් පමණ මෙම රෝගයෙන් පීඩා විඳින බව සොයාගෙන තිබෙනවා..

පසු ප්‍රසව විශාවද තත්ත්වය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ කවදාද..

දරු ප්‍රසූතියෙන් පසු එළඹෙන මුල් දින් කිහිපය තුල දුක, වෙහෙස සහ සාමාන්‍යයෙන් “විවිධාකාරයෙන්” දැනීම සාමාන්‍ය දෙයක් ලෙස සලකන අතර ඔබට පසු ප්‍රසව ආතතිය වැළඳී ඇතැයි සැක ගැනීම අපහසුයි.. පශ්චාත් ප්‍රසව කාල සීමාවට දරු උපතින් පසු පළමු සති 4ත් 6ත් ඇතුළලත් වන අතර බොහෝවිට පසුප්‍රසව ආතති තත්වය වර්ධනය වන්නේ ද මෙම කාල සීමාව තුලයි.. නමුත් මෙම කාලය වසරක් දක්වා පමණ පවතින බැවින් ඔබ තුළ ඇති වන වෙනස්වීම් අඩුතක්සේරු කිරීමෙන් වලකින්න.

PPD එහෙමත් නැත්නම් පසුප්‍රසව ආතති තත්වය කොපමණ කල් පවතින්නේ ද යන්න පිළිබඳව පර්යේෂණ කර තිබේද..

සාමාන්‍යයෙන් දරු උපතින් සති දෙකක පමණ සිට වසරක් පමණ යනතුරු මෙම තත්ත්වය තිබෙන්න පුළුවන්.. පර්යේෂකයන්ට අනුව පීපීඩී රෝග ලක්ෂණ කාලයත් සමඟ වැඩිදියුණු වන අතර මානසික අවපීඩනයේ බොහෝ අවස්ථා ආරම්භ වී මාස 3 සිට 6 දක්වා පමණ කාලයකදී නිරාකරණය වනු ඇති බව පැවසෙනවා..

පසු ප්‍රසව ආතති තත්වය ඔබට කල් පවතින්නේ ඇයි..

මෙම තත්ත්වයෙන් සුවවීමේ කාලය එකිනෙකාගෙන් වෙනස් වනු ලබනවා.. ඔබට යම් යම් අවදානම් සාධක තිබේ නම් ඔබට දිගු කාලයක් මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනවා.. ඔබේ රෝග ලක්ෂණ වල බරපතලකම සහ ඔබට කොපමණ කාලයක් රෝග ලක්ෂණ තිබුනාද යන්න ඔබගේ සුව වීමේ කාල ප්‍රමාණය තීරණය කරනු ලබනවා..

පසු ප්‍රසව ආතති තත්ත්වයේ අවදානම වැඩි කරන සාධක. .
1. මානසික අවපීඩන තත්ත්වයක් හෝ මානසික රෝග පිළිබඳ පෙරදී ප්‍රතිකාර ලබා තිබීම
2. මව්කිරි දීමේ දුෂ්කරතා
3. සංකීර්ණ ගැබ් ගැනීමක් හෝ දරු ප්‍රසූතියක්
4. ඔබේ සහකරුගේ හෝ පවුලේ සාමාජිකයින්ගේ සහ මිතුරන්ගේ සහයෝගය නොමැතිකම
5. පශ්චාත් ප්‍රසව කාලය තුළ ඔබගේ ජීවිතයේ සිදුවන වෙනත් ප්‍රධාන වෙනස්කම්. උදාහරණයක් ලෙස ඔබගේ රැකියාව අහිමිවීම වැනි කරුණු
6. පෙර දී සිදු කරකරන ලද දරු ප්‍රසූතියකින් පසු ඇතිවූ පසු ප්‍රසව ආතති තත්වය

පසු ප්‍රසව ආතති තත්ත්වයට මුහුණ දෙන්නේ කවුරුන්ද හෝ නැත්තේ කවුරුන්ද, සුව වීමට කොපමන කාලණ කාලයක් ගත වන්නේ ද යන්න කලින් සොයා ගැනීමට කිසියම් සූත්‍රයක් නැහැ. නමුත් නිසි වේලාවට, නිසි ප්‍රතිකාරය ලැබුනහොත් මෙම තත්ත්වයෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඔබට පුළුවන්කම ලැබෙනවා.

පසු ප්‍රසව ආතති (PPD) තත්ත්වය ඔබගේ ජීවිතයට බලපාන ආකාරය..

පසු ප්‍රසව ආතති තත්ත්වය ඔබගේ ජීවිතයට යම් බලපෑමක් එල්ල කරන බව ඔබ දැන් දන්නවා.. එය ඔබගේ වරදක් මත සිදු නොවන නමුත් ඇතැම් අවස්ථාවලවකදී ඔබගේ ජීවිතයේ සබඳතාවලට එය බලපෑමක් එල්ල කරනු ලබනවා.. එම නිසා ඔබ මෙම තත්ත්වය අත්විඳිනවා නම් ඔබ ප්‍රතිකාර ලබාගත යුතුයි. එමගින් මෙම කාල සීමාව කෙටිකර ගැනීමට ඔබට පුළුවන්. එමෙන්ම මෙම තත්ත්වයට ඔබගේ සමීපතමයන්ගෙන් උදව් ඉල්ලා ගැනීමත් වැදගත් වනවා..

ඔබේ සහකරු -
පසු ප්‍රසව ආතති තත්ත්වය නිසා ඔබ හුදකලා වී, හෝ සහ සහකරු සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් ඉවත් වී සිටිනවා නම් එය ඔබේ දෙදෙනාගේ සම්බන්ධයට අහිතකර ලෙස බලපාන බව මතක තබාගත යුතුයි.

ඔබේ පවුලේ අය සහ මිතුරන් -
මෙම තත්ත්වය නිසා ඔබ පවුලේ සාමාජිකයන්ගෙන් මිතුරන් ගෙන් ඈත් වූ විට ඇතිවන හිඩැස් පිරවීමට ඇතැම් විට ඔවුන්ට අවබෝධයක් නැති වීමට පුළුවන්. ඔබ ඔවුන්ගෙන් ඈත් වී ඇති බව ඔවුනට තේරුණත් ඔබට උදව් කිරීමට ඔවුන් තුළ අත්දැකීම් නොමැති වේවි.. මෙම නිසා ඔබ තව තවත් හුදකලා වීමට ඉඩ තිබෙනවා..

ඔබගේ දරුවන් -
පසු ප්‍රසව ආතති තත්ත්වය ඔබත් ඔබගේ දරුවාත් අතර ඇති වියයුතු සම්බන්දතාවයට බාධා එල්ල කරනවා.. ඊට අමතරව ඔබේ දරුවා රැකබලා ගන්නා ආකාරයට සහ ඔබට වෙනත් වැඩිහිටි දරුවන් සිටීනම් එම දරුවන් සඳහාත් ඔබගේ මානසික තත්ත්වය බලපානු ලබනවා.. ඇතැම් පර්යේෂකයන් පවසන ආකාරයට මවකගේ පසු ප්‍රසව ආතති තත්ත්වය දරුවෙකුගේ සමාජ හා චිත්තවේගීය වර්ධනයට දිගු කාලීන බලපෑම් එල්ල කරනවා.. එම දරුවන්ට චර්යාත්මක ගැටළු සහ නව යොවුන් වියේ මානසික අවපීඩනය ඇතිවන බව ඔවුන් හෙළිදරව් කර තිබෙනවා..

ඔබ වෛද්‍යවරයෙකු හමුවිය යුතු වන්නේ කවදාද..

දරු උපතින් සති දෙකක් පමණ ගතවූ පසුත් ඔබට සහනයක් නොදැනේ නම් ඔබ වෛද්‍යවරයා හමු විය යුතුයි. ප්‍රසූතියෙන් සති 6කට පසු ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසුන පසු පීපීඩී සඳහා පරීක්‍ෂා කරනු ලබන අතර නමුත් ඔබට ගැටලුවක් ඇතිනම් එතරම් කාලයක් බලා සිටිය යුතු නැහැ.. අවශ්‍ය වන්නේ ඔබ ඔබටම අවංක වී මෙම තත්ත්වයෙන් අත්මිදීමට උත්සාහ කිරිමයි.. ඔබට උදවු අවශ්‍ය නම් ඔබ ඔබට අවංක වී එය ලබා ගත යුතුයි.. දරුවකු මේ ලෝකයට බිහි කිරීමත්, ඔහු හෝ ඇය රැක බලා ගැනීමත්, ඒ සදහා හුරු වීමත් ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නොවේ.. ඔබ ඔබගේ පසු ප්‍රසව ආතති තත්ත්වය පිළිබද වඩාත් අවංක වී තොරතුරු ඉදිරිපත් කරනවා නම් ඔබගේ වෛද්‍යවරයා හට ඔබට උදව් කිරීම ලෙහෙසි සහ වේගවත් වේවි..

වෛද්‍ය ප්‍රතිකාර මගින් සහනයක් ලබාගත ගන්නේ කෙසේද. .
1. ඔබට වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ
2. වෛද්‍ය උපදෙස් මත විශාදනාශක ඖෂධ භාවිතා කිරීම
3. උපදේශනයට යොමු වීම

පසු ප්‍රසව විශාදය තත්ත්වයන් බොහෝ විට මාස ගණනාවක් පවතිනවා.. එමඟින් ඔබගේ මොළයට පමණක් නොව මුළු ශරීරයටම බලපෑම්ක් එල්ල කරනවා.. ඔබට නැවතත් ඔබම වීමට යම්කිසි කාලයක් ගත වෙනවා.. ඔබ මුල් අවස්ථාවේදීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම මේ සඳහා ගත හැකි ඉක්මන් ක්‍රියා මාර්ගයයි.. තනිව මෙම තත්ත්වයට මුහුණ දීමට නොහැකි නම් ඔබගේ සහකරු නැතිනම් ඔබගේ හිතවත් මිතුරියක් මාර්ගයෙන් ඔබට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්.. නිරවුල් මනසකින් යුතු මවක් මුළු පවුලේම ජීවනාලියයි. එම නිසා මතක තබා ගන්න, ඔබට ඉක්මනින් උදව් ලැබෙන තරමට ඉක්මනින් සුව වීමටත් ඔබට හැකියාව ලැබෙන බව..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   53,176
   38

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   14,168
   20

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Weralu benefits
   22,745
   20

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…
How to reduce under arm sweating
   23,379
   19

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed