හිස කෙස් වලට වගේම හැම රුපලාවන්‍ය සත්කාරයකදිම ගොඩක් දෙනෙක් වැඩි අවධානයක් දෙන්නේ බාහිර සත්කාර වලට. බාහිර සත්කාර මොනතරම් කරත් ඇතුලතින් ලබා දිය යුතු අභ්‍යන්තර පෝෂණය ලබා දෙන්නේ නැත්තන් වැඩක් නැහැ. මොකද වැඩි ක්‍රියාකාරිත්වයක් හා වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ අභ්‍යන්තර පෝෂණය සපුරන එකෙන්. ඒ නිසා හැම සත්කාරයකටම වඩා සිරුරට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න උත්සාහ කල යුතුයි.
මානසික ආතතිය, රෝගී තත්ත්වයන් සහ ජානමය සාධක අපේ හිස කෙස් වර්ධනය බාල කරන ගමන්ම එහි නිරෝගී බව නැති කරනවා. හිස කෙස් සම්බන්ධ බොහෝ ගැටළු වලට වගේම හිස කෙස් වර්ධනයට, නිරෝගී බවට හේතු වෙන මේ ආහාර ඔයාගේ එදිනෙදා ආහාර වේලට එකතු කර ගන්න. හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය නිකන්ම මේ ආහාර වලින් සම්පුර්ණ වෙනවා.
1. සැමන්
හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය සපුරන ආහාර වර්ග අතර මුලින්ම තියෙන්නේ සැමන්. සැමන් වල ප්‍රෝටීන්, ඔමේගා-3 මේද අම්ල, යකඩ හා විටමින් B12, විටමින් D අඩංගු වෙනවා. ඔමේගා-3 හිතකර මේද අම්ල හිස් කබල නිරෝගිව පවත්වා ගන්න උදවු වෙනවා. අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ හිස කෙස් ශක්ත්මත් කරන්න උදව් වෙනවා. මේ පෝෂ්‍ය පදාර්ථ අහිමි වීම නිසා තමයි හිස කෙස් දුර්වල වෙන්නේ.
2. බිත්තර
හිස කෙස් වලට කරන බාහිර සත්කාර වලදීත් නිතරම බිත්තර යොදා ගන්නවා. බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. එය හිස කෙස් වර්ධනයටත් හිස කෙස් වල පැහැය රැක ගන්නත් උදවු වෙනවා. ඒ වගේම හිස කෙස් වැටීම පාලනය කරන්නත්, හිස් කබලේ නිරෝගී බවටත් බිත්තර වලින් ලැබෙන පෝෂණය ඉතා ඉහළයි.
3. බ්‍රොකෝලි
බ්‍රොකෝලි විටමින් A සහ C වලින් සමන්විතයි. ඒ වගේම එහි ඇති කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, යකඩ, හිස කෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නවා. බ්‍රොකෝලි අමුවෙන් සලාද ලෙස පිළියෙළ කොට ආහාරයට ගැනීම වඩා සුදුසුයි.
4. ග්‍රීන් පීස්
ග්‍රීන් පීස් හිස කෙස් වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියකින් සමන්විතයි. ඒ අතර ඇති යකඩ, සින්ක්, පොටෑසියම් හිස කෙස් ශක්තිමත් කරනවා. විටමින් B, B6, B12 රතු රුධිරානු වර්ධනය කිරීමත්, හිස් කබල ඇතුළු සෑම අවයවටකටම ඔක්සිජන් ගෙන යාම පහසු කරනවා.
5. වට්ටක්කා ඇට
වට්ටක්කා ඇට වල මේ තරම් පෝෂණ කොටස් රාශියක් අඩංගු වෙනවා කයලා ඔයා කොහෙත්ම හිතන්නේ නැතුව ඇති. අපි නොහිතුවට වට්ටක්කා ඇට වල ප්‍රෝටීන්, සින්ක්, පොටෑසියම්, යකඩ, විටමින් B, විටමින් E, මැග්නීසියම් සහ කැල්සියම් අඩංගු වේ. පොතු ඉවත් කර ගත් වට්ටකකා ඇට සුප් වලට එකතු කර ආහාරයට ගන්න පුළුවන්. හිස කෙස් වල වර්ධනයට වගේම දිදුලන බවක් ලබා දෙන්න මේහි ඇති පෝෂණ කොටස් හේතු වෙනවා.