අමතක නොකර මේ පාඩම දරුවට උගන්වන්න

February 5, 2019
14,496
Do not forget to teach this lesson to your child
පුංචි පවුලක් ලස්සන කරන්න දරු පැටියෙක් එනවා කියන්නේ විවාහ උන දෙන්නෙක්ගේ ජීවිතේ ලබන්න පුළුවන් ලොකුම සතුට. ඒ සතුටත් එක්කම අම්මයි තාත්තයි දෙන්නටම ලොකු වගකීමකුත් හිතට දැනෙන්න පටන් ගන්නවා. තමන්ගේ දරුවා හොඳ ගුණ යහපත් නිරෝගී දරුවෙක් කරන එක තමයි ඕනෙම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ බලාපොරොත්තුව. ඉතින් ඒ වගකීම එක්ක බැඳුන බලාපොරොත්තුව ඉටු කරන්න දරුවාගේ අම්මට වගේ තාත්තටත් ගොඩක් දේවල් කරන්න වෙනවා. දරුවෙක් හොඳ දරුවෙක් කරන්න දරුවෙක්ට උගන්වන දේවල් අතරින් තියෙන වැදගත් වගේම විශේෂම දෙයක් තමයි බෙදා හදාගන්න දරුවෙක්ට උගන්වන එක. මේක හිතන තරම් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. හැබැයි හරිම විදිහට හරිම කාලේ ඉඳන් මේක දරුවට පුරුදු කරානම් පහසුවෙන්ම මේ දේ දරුවට හුරු කරන්න පුළුවන්. කිසිම දෙයක් ගැන අවබෝධයක් නැතිව මේ ලෝකෙට එන පුංචි දරුවට මේ ලෝකේ ගැන කියලා දෙන එක වගේම එයාව බාහිර පරිසරයට හුරු කරන්නෙත් දෙමාපියෝ ඒ නිසා දරුවන්ට හැම අතින්ම වැදගත් වෙන මේ බෙදා හදා ගැනීමේ පුරුද්ද දරුවන්ට හරියටම පුරුදු පුහුණු කරන එක දෙමාපියන්ට ලැබෙන ලොකු වගකීමක්.

01. ඇයි බෙදා හදාගන්න දරුවන්ට කියලා දෙන එක වැදගත්?

බෙදා හදාගන්න ඉගෙන ගන්නවා කියන්නේ ළමයෙක්ගේ ළමා කාලය පුරාවටම සෙල්ලම් කරන්න වගේම ඉගෙන ගන්නත් දරුවෙක්ට අවශ්‍ය වෙන නිපුණතාවයක්. බෙදා ගැනීම දරුවෙක්ගේ ජීවිතයට අපි හිතනවට වඩා වැඩියෙන් හැම අතින්ම වැදගත් වෙන කුසලතාවයක්. පුංචි කලේ ඉඳලම මේ හොඳ ගුණාංගය දරුවෙක්ට හුරු කරනවා කියන්නේ එයා තුළ උසස් මානුෂිය ගුණාංග රාශියක් වර්ධනය වෙන්න හේතුවක්. දරුවෙක් ඕනෙම දෙයක් දිහා සාධාරණව කරුණාවන්තව බලන්න හුරු කරන්නේ එයාට අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදු පුහුණු කරන මේ බෙදා හදා ගැනීමේ පුරුද්ද. ඒ වගේම යහළුවන් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න. පවුලේ අය ගැන තියෙන ආදරය වැඩි වෙන්න. සමාජයට හොඳ දරුවෙක් ලෙස පෙනී සිටින්න මේ වගේ ගොඩක් දේවල් වලට මේ බෙදා හදා ගැනීමේ පුරුද්ද දරුවන්ට වැදගත් වෙනවා.

02. කොහොමද දරුවන්ට බෙදා හදාගන්න කියලා දෙන්නේ ?

දරුවෝ අපි කියලා දෙන දේවල් වලටත් වඩා දේවල් ගොඩක් ඉගෙන ගන්නේ අපි කරන කියන දේවල් බලාගෙන ඉඳලා. සරලවම කියනවා නම් දරුවන් බොහෝ විට අනුකරණය කරන්නේ ඒ අයගේ දෙමාපියන්ව. මේ නිසා දරුවෙක්ට  බෙදා හදා ගැනීම වගේ හොඳ දේවල් පුරුදු කරන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඔබ ළඟ ඒ ගතිගුණ තියෙනවා කියන එක දරුවන්ට පෙන්වන එක. එතකොට දරුවෝ නිකම්ම ඒ දේවල් පුරුදු පුහුණු වෙනවා. කොහොම උනත් අපිට මේ පුරුද්ද දරුවන් තුල ඇති කරන්න වගේම වර්ධනය කරන්න මේ වගේ දේවල් ටිකක් කරන්න පුළුවන් 

- දරුවා යමක් බෙදා හදාගන්නවා දැක්කම ඒ වෙලාවේම දරුවාව අගය කරන්න. ඒක දරුවට බෙදා හදා ගැනීමේ පුරුද්ද වර්ධනය කරගන්න ලොකු මඟ පෙන්වීමක්.

- බෙදා හදාගැනීම දරුවන්ට පුරුදු කල හැකි විදිහේ සෙල්ලම් ඔවුන් සමඟ කරන්න. සෙල්ලම් කරන විට ඔබත් සමග සෙල්ලම් බඩු හුවමාරු කරගන්න බෙදාහදා ගන්න දරුවට කියලා දෙන්න.

- තව කෙනෙක් කරන බෙදා හදා ගැනීම් දරුවට පෙන්නලා දෙන්න. ඒ කෙනා කරේ කොච්චර හොඳ දෙයක්ද කියන එක දරුවට පෙන්නුම් කරලා දෙන්න 

- ගෙදර කෑම මේසයත් බෙදාහදා ගැනීම් දරුවන්ට පුරුදු කරන්න පුළුවන් හොඳ තැනක්. කට්ටිය සහයෝගයෙන් එකට කෑම කනකොට දරුවා බෙදා හදාගෙන කටයුතු කරන්න ඉගෙන ගන්නවා.

- ඔබ තුල බෙදා හදා ගැනීමේ හොඳ පුරුද්ද තියෙන බව දරුවට පෙන්වන්න. එය දරුවට හොඳ ආදර්ශයක්.

- දරුවා සතු දේවල් අසරණ අයට දෙන්න අවස්ථාවක් දෙන්න.

- බෙදා හදා ගැනීමේ හොඳ පුරුද්ද ගැන කියවෙන පොත් පත්, වැඩසටහන් දරුවට බලන්න කියවන්න දෙන්න.


03. දරුවා බෙදා හදා ගැනීම ප්‍රතික්ෂේප කරොත්?

ඔබේ දරුවා කොච්චර හොඳ කෙනෙක් උනත් සමහර අවස්ථාවන් වලදී බෙදා හදා ගැනීම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මේ වගේ වෙලාවට ඔබ කලබල වෙලා දරුවට දඬුවම් කරලා තරවටු කරොත් දරුවට නරක විදිහට ඒ දෙය බලපාන්න පුළුවන්. මේ නිසා මේවගේ වෙලාවට බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. දරුවා බෙදා හදා ගැනීම ප්‍රතිෂේප කරනවා නම් ඔහුට ආදරයෙන් කියලා දෙන්න ඒක නරක පුරුද්දක් බව. ආදරයෙන් දරුවාව බෙදා හදා ගන්න යොමු කරන්න. එත් දරුවා අකමැතියි නම් ඒ අවස්ථාවේ තව දුරටත් දරුවට බල කරන එක නතර කරන්න. ටික දවසකට පස්සේ දරුවා හොඳ මානසික තත්වයකින් ඉන්න අවස්ථාවක් බලලා එදා දරුවා කරපු දේ වැරදි දෙයක් බව කියලා දෙන්න. දරුවත් එක්ක ඒ ගැන කතා කරන්න. වඩාත් වැදගත් වෙන්නේ ඔබේ බල කිරීමට දරුවා බෙදා හදා ගන්න පෙළඹෙන එක නෙවෙයි. ඔහුටම බෙදා හද ගැනීම හොඳ දෙයක් බවට සිතීමෙන් පසු එය කිරීමයි. ඒ විදිහට දරුවා බෙදා හදා ගැනීමේ වටිනාකම ඉගෙන ගත්තොත් තමයි මේ පුරුද්ද නියම විදිහට දරුවන්ගේ ජිවිතයට වැදගත් වෙන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1253 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 3:58:04 AM
Script:/article/1253/do-not-forget-to-teach-this-lesson-to-your-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 3:58:04 AM
Script:/article/1253/do-not-forget-to-teach-this-lesson-to-your-child.html