දීප්තිමත් හා තරුණ සමක් ලබා ගැනීමට වටින ආයුර්වේද ඖෂධ පැළෑටි 6 ක්

December 6, 2020
17,740
6 herbs that rejuvenate your skin
නිරෝගී, දිලිසෙන සහ තරුණ සමක් අවශ්‍ය නැත්තේ කාටද? ඒත් ඒ සඳහා අද කාලයේ වෙළඳපොලේ ඔබට ගන්න තියන සියලුම ආලේපන වර්ග මිල අධිකයි හෝ අධික සමේ ගැටළු ඇති කරන රසායනික ද්‍රව්‍යවලින් පිරිලයි තියෙන්නේ. ඉතින්, ඔබට කරන්න පුලුවන් හොඳම දේ කුමක්ද?

ස්වාභාවික දේවල් වල රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා ඒවායින් ලැබෙන සුපිරි ඵලදායී බව විශ්වාස කරන්න. ඒ නිසා මෙම ආයුර්වේද ඖෂධ පැළෑටි වලින් ඔබට බොහෝ දේ අපේක්ෂා කරන්න පුළුවන්. ඔබේ සමේ ඕනෑම ගැටළුවකට ආයුර්වේදයෙන් පිළිතුරු තියනවා! අද හැඩකාරී අපි ඔබේ මුහුණට පැහැපත් දීප්තියක් ලබා ගැනීම සඳහා වැදගත් වෙන ආයුර්වේද ඖෂධ පැළෑටි හයක් ගැන මේ ලිපියෙන් කියලා දෙන්නම්. එහෙනම් ඔබට තරුණ පෙනුමක් සමඟ සම පැහැපත් කර ගන්නට අවශ්‍ය නම්, ඔබට අනිවාර්‍යෙනම ඕනේ වෙන ආයුර්වේද ඖෂධ පැළෑටි 6 ක් මෙන්න.

1. නෙල්ලි
නෙල්ලි විටමින් සී වලින් පොහොසත් වන අතර ප්‍රතිඔක්සිකාරක වලින් පිරිලයි තියෙන්නේ. මෙය වයස්ගත වීම වළක්වන පළතුරක් බව ද හඳුනාගෙන තියෙනවා. නෙල්ලි ඔබේ සමේ නිරෝගී බව ප්‍රවර්ධනය කරන අතර වයසට යාමේ සලකුණු අඩු කරයි. ඒ විතරක් නෙමෙයි, ඔබේ සම තද කිරීමට උපකාරී වන අතර සමට නිරෝගී දිලිසීමක් ද ලබා දෙයි. මානසික ආතතිය හා පීඩනය නිසා ඇති වන අතුරු ආබාධවලින් ඔබේ සම ආරක්ෂා කර දීමටත් නෙල්ලි වලට පුළුවන්.

2. තුල්සි
ඖෂධීය ගුණාංග රැසක් සහිත තුල්සි පැළ, ඔබේ මුහුණේ තියන රැළි සහ සිහින් රේඛා වගේ වයසට යාමේ දෘශ්‍යමාන සළකුණු සමඟ සටන් කිරීමට උපකාරී වෙනවා. එයින් සමට පෝෂණය ලබා දීමට උපකාරී වනවා පමණක් නෙමෙයි, ඔබේ සමේ පැහැය වැඩි කර වඩාත් සුමට නිමාවක් ද ලබා දෙනවා. මේ සියලු හේතු නිසා තුල්සි සමට හිතකර සුපිරි ආහාරයක් ලෙස ද අද කාලයේ ඉදිරියට ඇවිල්ලා තියනවා.

3. ජින්සෙන්
ජින්සෙන් කොරියාව සහ ජපානය රට වල ඉතාමත් ජනප්‍රිය ඖෂධයක්. වයසට යාමේ සලකුනු සමඟ සටන් කරන phytochemicals එහි අන්තර්ගතයි. හිරුගේ කිරණින් ඇති වෙන හානිවලින් ඔබේ සම ආරක්ෂා කර ගැනීමට ජින්සෙන් උපකාරී වෙනවා.

4. අශ්වගන්ධ
අශ්වගන්ධ ආතතිය දුරු කිරීමේ ගුණාංග සඳහා ප්‍රසිද්ධයි. නමුත් බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි ඔබේ සම පුනර්ජීවනය කිරීමේ හැකියාව ද ඒවායේ තියනවා. අශ්වගන්ධ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්. අශ්වගන්ධ නිතිපතා පරිභෝජනය කිරීමෙන් ඔබට තරුණ හා දීප්තිමත් සමක් ලබා ගන්න පුලුවන්.

5. කහ
කහ වල ප්‍රතිලාභ නොදන්නේ කවුද? කහ කියන්නේ සැබවින්ම මිනිසාට ලැබුණු සොබාදහමේ ත්‍යාගයක්. හොඳ සෞඛ්‍යයක් සහ නිරෝගී සමක් ලබා දෙන්න කහ වලට පුළුවන්. කහ වල අඩංගු curcumin වල ඔබේ වයස්ගත වීමේ ලක්ෂණ අඩු කිරීමේ ගුණ ඇති අතර එමඟින් ඔබේ සමට තරුණ පෙනුමක් ලබා දෙයි. ඔබේ ආහාර වේලෙට කහ ඇතුළු කිරීමෙන් ඔබේ සෞඛ්‍යය තත්ත්වය නංවාලීමට පුලුවන් වෙනවා පමණක් නෙමෙයි, තරුණ සමක් ද ලබා ගන්න පුළුවන්.

6. රසකිඳ
එහි ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ ගුණ අන්තර්ගතයි. ඒ තුළ සමේ ඉදිමුම් සහ දැවිලි සමනය කරන ගුණ ඇති අතර එය ඔබේ සමේ පටක පුනර්ජීවනය කිරීමට ද උපකාරී වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1922 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:15 AM
Script:/article/1922/6-herbs-that-rejuvenate-your-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:16 AM
Script:/article/1922/6-herbs-that-rejuvenate-your-skin.html