ඇහිබැම සකස් කරද්දී කවදාවත් මේ වැරදි වෙන්න දෙන්න එපා

June 17, 2018
13,426
Do not let them do these mistakes when you do your eyebrows
තව කෙනෙක් අපේ දිහා බලද්දි මුලින්ම ඇස ගැටෙන්නේ අනිත් කෙනාගේ ඇස් දෙක. ඒ නිසා දෑස් සුන්දරව තබා ගන්න එක අනිවාර්යෙන් ඉතාමත් වැදගත්.  තවත් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න ලස්සන ඇස් දෙකකට තියෙන්නෙ පුදුම හැකියාවක්. ලස්සන ඇස් දෙකක් මුළු මුහුණම සුන්දර කරනවා. දෑස ලස්සන කර කරගන්න හිතන ඕනම කෙනෙක් විශේෂයෙන් තරුණියන් අනිවාර්යෙන් තමන්ගේ ඇහිබැමි සුන්දර ලෙස සකස් කරගන්න අමතක කරන්නෙ නැහැ. ඒත් මේ විදිහට ඇහිබැම සකස් කරද්දී කරන යම් යම් වැරදි නිසා අපේ මේ ලස්සන ඇස් දෙකට හානි වෙනවා කියලා ඔයා හිතන්නත් නැතුව ඇති.  

අපි වටිනා කියන දේවල් පරිස්සම් කරන්නේ හරියට අපේ ඇස් වගේ. එකෙන්ම තේරෙනවනේ අපේ ඇස් දෙක මොනතරම් වටිනවද කියල. ඒ තරම් වටින ඇස්දෙකට තවදුරටත් මේ කියන හානි වෙන්න දෙන්න එපා. එහෙම වෙන්න තියෙන තත්ත්වයන් පුළුවන් තරම් අවම කරගන්න උත්සාහ කරන්න.

ස්නායු හානි කියන්නේ ඇහිබැමි සකස් කරද්දී දෑසට වෙන්න පුළුවන් ඉහළම හානියක්. සාමාන්‍යයෙන් ඇහි බැමි සකස් කරද්දී භාවිතා කරන්නේ නූලක් හෝ  tweezers එකක්. මේ දෙකෙන් කුමක් භාවිතයෙන් ඇහිබැමි සකස් කළත් ඒක කරන්න ඕන ඉතාමත් ප්‍රවේශමෙන් සහ කල්පනාකාරීව. මොකද ඇහිබැමි සකස් වෙලා තියෙන්නෙ අපේ ඇස්වල ආරක්ෂාවට. අපි ඒක ඉවත් කරනවා නම් ඒකත් වැරදි වැඩක්. හැබැයි ඒක ක්‍රමානුකූලව නිවැරදිව සකස් ගන්නවා නම් ඒකේ  ඇති වැරැද්දක් නැහැ. මුහුණේ ස්නායු හා නිල තිබෙන තැන්වලට දැඩි ලෙස තෙරපුමක් සිදු නොවන ආකාරයට ඇහිබැමි සකස්  කලයුතුයි. විශේෂයෙන් මේ ගැන රුපලාවන්යාගාර පවත්වාගෙන යන ශිල්පීන්ට අවබෝධයක් තිබිය යුතුයි.

හරි විදිහටයට ඇහිබැම සකස් කරනවා නම් ඒ සඳහා විනාඩි තිහක්වත් අවම ගත වෙනවා. ඒත් අද නං ඇත්තටම ඒකට විනාඩි දහයක්වත් යන්නෙ නෑ. ඒක ඔයා හොදටම දන්නවා ඇතිනේ.  සැලොන් එකට ගියා විතරයි, වාඩි වෙනවා, ඇහිබැම දෙපැත්තෙන් හොඳට ඇදලා අල්ල ගන්න කියලා ඔහේ ඇදලා දානවා. ඊට පස්සේ හරි කියනවා. ඇත්තටම ඒකට විනාඩි දහයක් තියා විනාඩි පහක් වත් යන්නේ නැති තරම්. ඒ ක්‍රමය හරිම වැරදියි. ඒ මඟින් අපේ ස්නායු වලට දැඩි ලෙස හානි වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ඇස්වලට නිල ස්ථාන වලට හානි වෙනවා. මේ විදියට  දීර්ඝකාලීනව සිද්ධ වෙනකොට කාලයක් යද්දි ඇස් වටා රැලි ඇති වීම, ඇස් වටා සම එල්ලා වැටීම වගේ දේවල් ඇතිවෙනවා.

හරි විදියට ඇහිබැමි සකස් කරද්දී කිසිම රූපලාවණ්‍ය ශිල්පියෙක් ඇහිබැම සකස් කරන නූල කටින් හපාගෙන ඇහිබැමි හදන්නේ නැහැ. ඇඟිලිවලින් නුල පටලවාගෙන ඉතා සීරුවට ඉතා හෙමින් තමයි ඇහිබැමි එකින් එක ගලවන්නේ. එතකොට ඇස් වලට හා ඇස් වටා ප්‍රදේශයට වැඩි තෙරපුමක් ඇති වෙන්නේ නැහැ. සැලෝන් වලට ගිනින් ඇහිබැම සකස් කරන හැම කෙනෙක්ම මේ ගැන අනිවාර්යෙන් දැනුවත් විය යුතුයි.

ඇහිබැමි සකස් කිරීමෙන් පස්සේ විනාඩි දෙක තුනක් වත් ඇහිබැමි හා ඒ වටා ඉතා සෙමින් හා හොඳින් සම්බාහන කිරීම ඉතාම වැදගත්. ඒත් මේ දේවල් හැම රූපලාවණ්‍යාගාරයකින් ම සිද්ධ වෙනවා ද කියන එක නම් ප්‍රශ්නයක්. ඒ නිසා ඔබේ රූපලාවණ්‍ය කටයුතු සඳහා සුදුසුකම් සහිත පළපුරුදු තැනක් හා පළපුරුදු කෙනෙක් තෝරගන්න. මොකද ඔබ මේ සෙල්ලම් කරන්නේ ඇස් දෙකත් එක්ක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 889 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:05 PM
Script:/article/889/do-not-let-them-do-these-mistakes-when-you-do-your-eyebrows.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:06 PM
Script:/article/889/do-not-let-them-do-these-mistakes-when-you-do-your-eyebrows.html