ඔබට වයසට වඩා වැඩි වයස පෙනුමක් ලබා දෙන විලාසිතා වැරදි කීපයක් සහ පිලියම්

January 5, 2021
7,996
Fashion mistakes that makes you look older
සුප්‍රසිද්ධ විලාසිතා නිරූපකයෙකු වන කොකෝ චැනල් වරක් පැවසුවේ, “කාන්තාවක් අධික ලෙස වියදම් කිරීම හා සංකීර්ණ දේවල් භාවිතා කිරීමට වඩා ඇයව වයසින් වැඩි කරලා පෙන්වන තවත් දෙයක් නෑ” කියලායි. මෙම උපුටා දැක්වීම අදටත් අදාළ වන්නේ ඕනෑවට වඩා දේවල් භාවිතා නොකිරීම වර්තමානයේද පිළිගන්නා විලාසිතා ක්‍රමය නිසායි. ඇත්ත වශයෙන්ම විලාසිතා කරද්දී ඒකට බොහෝ දේවල් එකතු කරන එකෙන් කාන්තා ඔබේ පෙනුම වයසින් වැඩි කරවන අතර ඔබේ පෙනුමට තව අවුරුදු කිහිපයක් හෝ 10 ක් එකතු වෙලායි ම්නිස්සු දකින්නේ.

ඔබට ඒ වගේ වයස්ගත පෙනුමක් අවශ්‍ය නැතිනම් ඔබ වළක්වා ගත යුතු දේවල් කිහිපයක් අද අපි කියන්නම්.

සෑම දෙයක්ම පරිපූර්ණ ලෙස පෙනෙන රූපයක්
අපි අපේ පෙනුම stylish හා trendy විදිහට පෙන්නන්න ඕනේ වුණාම සමහර දේවල් වලට විශාල අවධානයක් සහ විශාල මුදලක් වැය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් එහෙම කරලත් ඒ වගේ විලාසිතාවලින් අපිට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක්. ඔබ ඉගෙන ගන්න ඕනේ දේ තමයි ඕනේම විලාසිතාවක් හැම වෙලාවෙම සුඛෝපභෝගී බවක් සහිතව කරන්න යද්දි ඔබේ ස්වාභාවික සුන්දරත්වය සහ පෙනුම අතුරුදන් වෙන බව.

ෂයින් වෙන සම් සපත්තු සහ උපාංග
ආලෝකය පරාවර්තනයය කරන ඒ වගේ අමු අමුද්‍රව්‍ය වලින් හදපු විලාසිතාවන් වලින් අපිව නැවත රැගෙන යන්නේ අතීත කාලයටයි. අද කාලයේ සපත්තු සහ බෑග් යන දෙකටම වඩාත්ම ගැළපෙන නවීනතම අමු ද්‍රව්‍යය වන්නේ suede (මැට්, වෙල්වට් සම් නිපැයුම්).








Perfect Hair Styles
හෙයාර් ස්ප්‍රේ විශාල ප්‍රමාණයක් යොදාගෙන සෙට් කරන පරිපූර්ණ කොන්ඩ විලාසිතාවන් කියන්නේ ඔබව 80 සහ 90 දශකවලට නැවත කැඳවීමක්. ඊට වඩා අද කාලයේ කාන්තාවන් හිසකෙස් සම්බන්ධයෙන් වඩාත් නවීන ක්‍රම භාවිතා කරනවා. නිදසුනක් වශයෙන්, හිසකෙස් වල වොලියුම් එක වැඩි කර පෙන්වන Hair Cuts තියෙනවා. එසේම dry shampoos, hair lamination හා root sprays ද තියනවා. ඔබට කොණ්ඩය කැරලි කර ගැනීමට අවශ්‍ය නම්, ඔබට හැකි තරම් කුඩා කෙස් නිෂ්පාදන ප්‍රමාණයක් භාවිතා කරන්න. නිදහස් සරල කොන්ඩා මෝස්තර ඔබේ සුන්දරත්වය වඩාත් හොඳින් පෙන්නුම් කරනවා.






ලාභ ආභරණ
ප්ලාස්ටික් කරාබු, මුදු, මාල, බ්රේස්ලට් සහ බහු වර්ණ ආභරණ පාසල් සිසුවියන් හා යෞවනියන් සඳහා ලස්සන පෙනුමක් ඇති කරනවා. නමුත් එය වැඩිහිටි කාන්තාවන්ට ගැළපෙන්නේ නෑ. ඒ වගේ ඇක්සසරීස් භාවිතා කරද්දී ඔබව තරුණ පෙනුමක් ලබා ගැනීමට උත්සහ කරන වැඩිහිටි කාන්තාවක් වගේ පෙනෙන්න පුලුවන්. ඊට වඩා ලෝහ වලින් සාදන ලද එක් විශාල ඇක්සසරී එකක් තෝරා ගැනීම වඩා හොඳයි.












තද රතු හෝ තද නිය ආලේපන
දීප්තිමත් රතු නියපොතු ගොඩක් දෙනෙක් අතරේ තියනවා අපි දකිනවා. නමුත් අවාසනාවකට ඒක හොඳම තේරීම නොවේ: අනෙක් සියලුම රතු පැහැයන් මෙන්ම, රතු පැහැයන් ඔබේ සමේ අඩුපාඩු වඩාත් පැහැදිලිව පෙනෙනවා. තද හෝ අඳුරු වර්ණ සඳහාත් ඒ කාරණයම අදාළයි. ඔබට තවමත් මෙම වර්ණ භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඔබට ඒවා සමඟ නේල් ආර්ට් (Naild Art) එකක් කරන්න. නමුත් බේස් වර්ණය ලෙස බේජ් හෝ ඕෆ් වයිට් එකක් තෝරා ගන්න. නැතිනම් ඇඟිලි සහ නියපොතු නිසි ලෙස නඩත්තු කර (Manicure කර) තබා ගන්න.






ශීර්ෂ පාඨ සහිත ටී ෂර්ට්
ඇඳුම් කියන්නේ ඔබේ ප්‍රකාශනයන් සඳහා හොඳ මෙවලමක් තමයි. නමුත් එය ශීර්ෂ පාඨ සහිත ටී-ෂර්ට් සම්බන්ධයෙන් ගත්තාම එම කාරණයේදී ඔබ ප්‍රවේශම් විය යුතුයි. සමහර මුදිත වාක්‍ය වල තියන වචන උත්ප්‍රාසයක් දනවන්න පුලුවන්. ඒකෙන් ඔබට ලැබෙන්නේ ටිකක් නොමේරූ පෙනුමක්.






ඉතා ගතානුගතික විලාසිතාවන්
ව්‍යාපාරික හමුවීමක් සඳහා එකිනෙකට ගැලපෙන පූර්ණ ඇඳුම් කට්ටලයක් ඇන්දාට කමක් නෑ. නමුත් එදිනෙදා ජීවිතයේදී pencil skirt එකකට sweatshirt එකක් හෝ sneakers සමඟ ක්ලැසික් කලිසම් ඇඳීමට බිය වෙන්න එපා. ඔබටත් අනෙක් සියල්ලන් වගේ පෙනෙන්නට අවශ්‍ය නම් මිස විලාසිතා වල ප්‍රමිතීන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ.








ක්ලැසික් වර්ණ සංයෝජන අධික ලෙස භාවිතා කිරීම
කළු සහ සුදු, රතු සහ කළු වගේ සම්මත වර්ණ සංයෝජන සැබවින්ම වයස්ගත වෙමින් පවතින අතර අද කාලයේ ඒවා නොබිඳින්න බැරි නීති ලෙස සළකන්න එපා. අවසානයේදී, “ක්ලැසික්” කියන්නේ විලාසිතා වල එක් පැත්තක් පමණයි. නවීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, හරිත හා ලිලැක් සංයෝජන සමඟ අත්හදා බැලීම ආරම්භ කිරීම සහ වෙනත් අසාමාන්‍ය වර්ණ තෝරා ගැනීම ඔබට මේ කාලයේදී වඩා හොඳයි.






ඉතා කෙටි කෙස්
කෙටි කෙස් කාන්තාවන්ට තරුණ පෙනුමක් ලබා දෙන බව විශ්වාස කරන නමුත් සමහර අයට ඒකේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ද ලැබෙනවා. මොකද ඒවා බොහෝ දුරට සරල රේඛා සහිත වඩාත් ගතානුගතික කැපීමක් විතරක් වෙනවා. නමුත් අසමමිතික කොණ්ඩා කැපීම් වඩාත් නවීන ලෙස පෙනෙන අතර ඒවා රැකබලා ගැනීම ද පහසුයි.








Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1933 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:30:20 PM
Script:/article/1933/fashion-mistakes-that-makes-you-look-older.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:30:21 PM
Script:/article/1933/fashion-mistakes-that-makes-you-look-older.html