අතුරුපස කන්න කලින් මේ ගැන හිතුවාද?

July 3, 2018
5,769
Did you think this before you having desserts?
අද තිබෙන කාර්යබහුල පරිසරය එක්ක ආහාර රටාව ගැන හිතන්නවත් කාලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් මග හැරෙන ආහාර වේල සම්පුර්ණ කරගන්නේ රාත්‍රී කාලයේදිනේ. උදේ ආහාර වේල රජෙක් වගේ කන්න කියලා තිබුණත් දැන් නම් ඒ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා. අපේ වචනයෙන් කිව්වොත් රාත්‍රී ආහාරය බඩ පැලෙන්න කාලා තමයි ගොඩක් දෙනා නින්දට යන්නේ. ආහාර වේලකින් පස්සේ අතුරු පසක් ආහාරයට එකතු කරගන්න ගොඩක් අය කැමතියි නේ. ඉතිං රාත්‍රී ආහාර වේලෙන් පසුව අතුරුපස ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතුයි.

ගොඩක් දෙනෙක් අතුරු පස සදහා තෝරා ගන්නේ පුඩිං වර්ග, ජෙලි වර්ග, අයිස්ක්‍රීම් හෝ කැලරි අධික ආහාර වර්ගයක්. මෙය යහපත් සෞඛ්‍යය පුරුද්දක් නම් මෙනමෙයි. ඉතිං මේ ගැන ඔයත් එක්ක කතා කර Hadakari.lk අපි සුදානම්.

රාත්‍රී නින්දට කලින් ඔබ ලබා ගන්නා ආහාරවල බලපෑම නිසා ශරීරයේ බර වැඩි වෙනවා. මේ හේතු සාධක වෙන්නේ නින්දේදි ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරකම්වල වේගය අඩාල වෙන නිසා. මේ නිසා නිදා ගන්න පැය 03 කට 04 කට කලින් වඩාත් සැහැල්ලූ ආහාරයක් ගැනීම ශරීර සෞඛ්‍යයට ඉතාමත් වැදගත්.

ඒ වගේම රාත්‍රී කාලයට අධික කැලරි වර්ග තිබෙන අතුරුපස ආහාරයට එකතු කර ගැනීම අනතුරු දායකයි. සමහර අය පුරුදු වෙලා ඉන්නවා රාත්‍රීයට නින්ද නොයන විට වගේම පොඩි බඩගින්නක් දැනුන ගමන් කුමන ආකාරයේ අතුරුපසක් ආහාරයට ගන්න. ඇතැම් විට කුසගින්න ඔබව අවධියෙන් තබනවා වෙන්නත් පුළුවන්. නමුත් මෙවැනි තත්ත්වයකදී බඩකට පුරවාගන්න හිතු මනාපෙට ආහාර ගන්න එක ඔබේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් අනතුරු දායකයි. ඒ නිසා සෞඛ්‍යය සම්පන්න අතුරුපසක් ගැනීමට කටයුතු කරන්න.

පළතුරු වර්ග අතුරුපසට එකතු කර ගන්න

පැණි රස බහුගල ඔබ ආහාරයට ගන්නවානම් එයට විකල්පයක් විදිහට පළතුරු භාවිත කරන්න පුළුවන්. එක් පළතුරක් හෝ පළතුරු වර්ග කිහිපයක් සමගින් සැලඞ් එකක් පිළියෙළ කර ගන්න. නමුත් කිසිම විටෙක සැලඩි එකට සීනි එකතු කර ගැනීමෙන් වළකින්න. පළතුරුවල අන්තර්ගත විටමින් සහ පෝෂක කොටස් සිරුරට උරා ගැනීමෙන් ඔබට සුවදායක නින්දක් වගේම ඔබේ ශරීරී සෞඛ්‍යය තත්ත්වයද නිරෝගී සම්පන්නව පවත්වාගෙන යන්න හේතු වෙනවා.

කිරි යොදා සකස් කළ ධාන්‍ය වර්ග ගන්න

කිරි යොදා සකස් කළ හැකි ආහාර රාත්‍රී නින්දට පෙර ලබාගැනීම අහිතකර වෙන්නේ නැහැ. ඕට්ස් වැනි ධාන්‍ය වර්ග ආහාරයට ගන්නවා නම් ගොඩක් හොදයි. මේවායේ තන්තු ඉහළ යන නිසා ශරීරයේ බර වැඩි වෙන්නේ නෑ. සීනි යොදා නොගත යුතුයි. මේවායෙහි අන්තර්ගත ප්‍රෝටීන වර්ග මගින් ඔබේ සිරුර පෝෂණය කර ඔබට සුවදායක නින්දක් ලබා දෙනවා. ඒ වගේම ඔට්ස් පළතුරු හෝ මී පැණි ස්වලපයක් වුවද අතුරුපස විදිහට ලබාගත හැකියි. රාත්‍රී කාලයේදී අයිස්ක්‍රීම් ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. ඒ වෙනුවට යෝගට් වැනි විකල්පයක් යොදාගත හැකියි.

ක්ෂණික ආහාර ගැනීමෙන් වළකින්න

රාත්‍රී ආහාරයෙන් පසු ක්ෂණික ආහාර ලබා ගන්න හුරු වෙලා ඉන්න අයට විකල්පයක් විදිහට චීස් වැනි කැල්සියම් බහුල ආහාරයක් ලබාගන්න. අවශ්‍ය නම් චීස් සමග ධාන්‍යවලින් සැකසු බිස්කට් කිහිපයක් වුණත් ලබාගන්න පුළුවන්.

බිත්තර ප්‍රෝටීන් බහුල ආහාරයක්. එළවලූ යොදාගෙන හෝ නොගෙන සැකසු බිත්තර ඔම්ලට් එකක් අතුරුපසක් විදිහට එකතු කර ගැනීම වඩාත් හොදයි. එළවලූ ලබා ගැනීම මගින් කුස පිරුණත් එයින් ශරීරයට එකතු වෙන කැලරි ප්‍රමාණය අඩුයි.

කුරක්කන් පාන් සහ සැමන්වලින් සැකසු සැන්ඩවිච් එකක් නින්දට පෙර ආහාරයට ගැනීම සෞඛ්‍යාරක්ෂිතයි. සැමන්වල ප්‍රෝටීන් අඩංගු බැවින් එහි පෝෂණය ශරීරයට උරා ගන්නවා. කුරක්කන්වලින් පාන් සකසා ඇති බැවින් ශරීරයට අහිතකර වෙන්නේ නෑ.

සෞඛ්‍යාරක්ෂිත අතුරුපසක් ලබාගෙන ඔබ නින්දට යන නිසා ඔබේ ඊළග දවස ප්‍රබෝධමත්ව හා සුවදායකව ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම ඔබට ක්‍රියාකාරීව ඊළග දවසේ වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා. අතුරුපස වුණක් යම් ප්‍රමාණයකට ආහාරයට ගත යුතුයි. චීස් වැනි දේවල් වුණත් වැඩිපුර ලබා ගැනීම ශරීරයට යෝග්‍ය වන්නේ නැහැ. කෙසේ වුණත් පිශ්ඨය බහුල හා තෙල් සීනී බහුලව අන්තර්ගත අතුරුපස ආහාරයට එකතු කර ගැනීමෙව් වැළකී කටයුතු කරන්න. එය ඔබේ සෞඛ්‍යය තත්ත්වය වඩාත් නිරෝගිව පවත්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 916 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:23:16 PM
Script:/article/916/did-you-think-this-before-you-having-desserts.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:23:16 PM
Script:/article/916/did-you-think-this-before-you-having-desserts.html