ඔයාටත් මේ ලෙඩේ තියෙනවා නම් අමතක නොකර මේ දේවල් try කරන්න

January 26, 2018
8,408
If you have this complications, try these
අසාත්මිකතා ඇති වෙන එක අපේ බොහෝ දෙනෙක් අතර දකින්න පුළුවන් රෝගී තත්ත්වයක්. අපි ඔය ඇලජික් වෙනවා කියන්නේ. සමහර අයට විවිධ ආහාර වර්ග අසාත්මිකතා ඇති කරනවා. තවත් සමහර අයට ඖෂධ වර්ග, තවත් අයට මදුරුවෙක් කෑවත් ඇති . මේ විදියට එක එක අයට එක එක විදියට මේ දේවල් බලපෑම් කරනවා. විවිධ අසාත්මිකතා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව තියෙන මේ ආහාර වලින් මේ තත්ත්වයන් අවම කර ගැනීමේ හැකියාව තියෙනවා.

1. ඇපල්

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න පුළුවන්. ඇපල් වල අඩංගු ෆ්ලේවනොයිඩ් අසාත්මිකතාවලට එරෙහිව සටන් කරනවා.

2. කහ

ආසාත්මිකතාවයන් වැළැක්වීම සඳහා බලවත් ඖෂධයක් තමයි කහ. එහි අසාත්මිකතා මර්දනය සඳහා උපකාරීවන ක්‍රියාකාරී අමුද්‍රව්‍යක් වන curcumin අඩංගු වෙනවා. ඒ වගේම එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. අසාත්මිකතා වල ක්‍රියාකාරිත්වය අවම කරන්න එයට හැකියාව තියෙනවා.

3. සුදුළූණු

සුදුළූණු කියන්නෙත් ඔබේ ආහාර වේලෙහි ඇතුළත් විය යුතු තවත් වටිනා ප්‍රතිජීවකයක්. ශරීරයේ අසාත්මිකතා ඇති කරවන සංයෝග නිපදවන ඇතැම් එන්සයිමවල ක්‍රියාකාරිත්වය අඩපණ කරමින් අසාත්මිකතා වලට එරෙහිව සටන් කරනවා.

4. ලෙමන්

ලෙමන් ආසාත්මිකතාවයන් වළක්වා ගත හැකි, එමෙන්ම ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන්නක්. දිනපතා ලෙමන් මිශ්‍ර වතුර පානය කිරීමෙන් සිරුරේ විෂබීජ හා අපද්‍රව්‍ය ඉවත් කර ගන්නත් ඔබට පුළුවන්.

5.සැමන්

සැමන් කියනේ ඔමේගා-3 මේද අම්ල අඩංගු ආහාරයක් එයට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහල නංවමින් ඔබේ ශරීර සෞඛ්‍ය ඉහල නංවන්න හැකියාව පවතිනවා. අසාත්මිකතාවන් ඇති වූ විටදී ආහාරය එකතු කර ගැනීම ඉතා වැදගත්.

6. ග්‍රීන් ටී

අසාත්මිකතා වලින් පෙළෙන අයට ඔවුන්ගේ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමටත් අසාත්මිකතා වල ප්‍රතික්‍රියා වැලැක්වීම සඳහාත් ග්‍රීන් ටී පානය ඉතාමත් වැදගත්.

7. බතල

පොටෑසියම්, මැන්ගනීස් සහ විටමින් B 6 අඩංගු බතල වලින් සිරුරේ ආසාත්මිකතාවයන් ඇති කිරීමට හේතු වන සංයෝගයන්ගේ ක්‍රියාකාරිත්වය අවම කරනවා. විශේෂයෙන් අසාත්මිකතා නිසා ඇති වන දැවිල්ල අවම කරන්න බතල වල අඩංගු මේ පෝෂ්‍ය පදාර්ථ වලට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 643 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:31:20 PM
Script:/article/643/if-you-have-this-complications-try-these.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:31:20 PM
Script:/article/643/if-you-have-this-complications-try-these.html