දන්නවද අපි මේ ලෝකයට එන්න කලින්ම එක එක දේවල් ගැන අවබොධයක් ලබා ගන්නවා කියල? ඔබ ගැබිණි කාන්තාවක් නම් ආස ඇතිනේ ඔබේ කුස තුල ඉන්න පුංචි කිරිකැටියා මොන මොන දේවල් ගැන එලියට එන්න කලින් ඉඳලම දැනගෙන ඉන්නවද කියලා.
කෑම වර්ග වල රස
අම්මා ආහාරයට ගන්න හැම කෑමකම වගේ රස කුස ඇතුලේ ඉන්න බබාත් ඉගෙන ගන්නවලු. ගොඩාක් වෙලාවට ඔබ වැඩිපුර ආහාරයට ගන්න දේවල් වල රස මතකයේ තියාගන්න පුංචි බිලිඳට පුළුවන් කමක් තියෙනවා. අම්මා කැමති කෑම වලට කැමති වෙන එක, අම්මා එක්ක යහපත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න විදිහක්ලු. ඉතින් ඔබ වැඩිපුර ආහාරයට ගන්න කැමති කෑමක්, පුංචි දරුවත් කැමැත්තෙන් ආහාරයට ගන්නවලු ඉපදුනාට පස්සෙත්. එකයි ඒ කාලේ අම්මලා, ගැබිණි මවුවරුන්ට උපදෙස් දුන්නේ හැම වෙලෙම ගුණදායක ආහාර ගන්න කියලා. ඒ කතාවල විද්‍යාත්මක පසුබිම වර්තමානයේ හොයා ගත්තට, මේවා පරණ කාලයේ ඉදන්ම සමාජයේ පිළිගැනීමට ලක් වුනු ඒවා.
සංගීතය
අම්මාගේ කුස තුල සිටියදීම පුංචි දරුවෝ සංගීතයට හුරු වෙනවා. එකයි දරුවෙක් ලැබෙන්න ඉද්දි සරල, මියුරු සංගීතයට සවන් දෙන්න කියන්නේ. කලබලකාරී ගෝෂාකාරී සංගීතය නුසුදුසුයි. සරල ගීත, නැලවිලි ගීත අම්මා ගැබිණි කාලයේදීම ඇහුවහම, දරුවා කුස ඇතුලේ ඉඳන්ම ඒවා ගැන ඉගෙන ගන්නවා. හුරු වෙනවා. ඒක නිසා ඔබත් ගැබිනියක් නම්, වැඩි සද්ද බද්ද එක්ක ජිවත් වෙන්න යන්න එපා.
භාෂාව
අම්ම, තාත්තා කතා කරන භාෂාව ඉපදෙන්න කලින් ඉදන්ම ග්‍රහණය කරගන්න පුංචි බිලිදට හැකියාවක් තියෙනවලු. විශේෂයෙන් තමන්ගේ මව් භාෂාවට හොඳින් ප්‍රතිචාර දක්වන්න අම්මගේ කුස ඇතුලේ ඉන්න කාලයේදීම පුරුදු වෙනවලු. ඒ නිසා තමයි, කුස තුල ඉන්න දරුවට ආදරයෙන් කතා කරන්න කියලා කියන්නේ. එතකොට ඒ දරුවන් ඉපදුනයින් පස්සේ ඉතා ඉක්මනින් භාෂාව ග්‍රහණය කරගන්න දක්ෂලු.
ඔබත් ගැබිණි මවක් නම්, හැම අවස්ථාවකදීම යහපත් වචන කතා කරන්න. ලස්සන සින්දු අහන්න, හොඳ කෑම බිම ආහාරයට ගන්න. මොකද ඔබ නොදැනුවත්වම, කුස තුල ඉන්න බිලිඳා මේ හැම දේ ගැනම ඉගෙනගන්නවා.