ආදරේදී පුංචිම රණ්ඩුවක්වත් ඇති නොවෙන්න මේ විදිහට හැසිරෙන්න

March 27, 2017
10,837
How to stop fighting in a relationship?
ආදරේ කරන ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි නිතරම ඔවුන් ප්‍රශ්න ඇතිකර ගන්න එක. බොහොමයක් සබදතා අවසන් වෙන්නෙන් මේ පුංචි පුංචි රණ්ඩු දුරදිග යාම නිසා. සමහර අය නම් කියනවා පුංචි රණ්ඩුවක් ඉදලා හිටලා හරි ඇතිවුනේ නැත්නම් කිසි ගතියක් නෑ කියලා. නමුත් ඉතින් ඒවා සබදතාවයක් කෙලවර වෙන තැනටම හේතුවක් වෙනවා නම්. ඒ ගැන සුළුවෙන් හිතන්න බෑ. මේ නිසා ආදරේදී රණ්ඩු ඇති වෙන එක පාලනය කරගන්න පුළුවන් ක්‍රම ටිකක් තමයි මේ තියෙන්නේ.

1. කතාකරන එක නතර කරලා ඇහුන්කම් දෙන්න

බහුතරයක් කාන්තාවන් ප්‍රශ්නයක් ඇතිවුණාම ඔහේ කියවගෙන යනවා. අනෙක් කෙනාට වචනයක් වත් කතාකරන්න ඉඩ දෙන්නේ නැතුව. මේකෙන් වෙන්නේ ප්‍රශ්නේ ඉක්මනින් විසදගන්න තියන මාර්ග කිහිපයක්ම වැහිලා යන එක. මේ නිසා ඔබව ටිකක් පාලනය කරගෙන අනෙක් කෙනා කියන්න හදන දෙයට ඉඩ දෙන්න. එවිට ඔබ දෙදෙනාටම එකගතාවයකට එන්න ලේසියි.

2. කෑගසන එක නතර කරන්න

බොහෝ දෙනා තමන්ට තරහ ගියහම පුළුවන් තරම් හයියෙන් කෑ ගහලා බැනගන්නවා. මේ වෙලාවට ඔබේ පෙම්වතාටත් තරහ ගිහින් ඔහුත් ඔබ විදිහටම හැසිරෙනවා. අවසානයේ වෙන්නේ දෙදෙනාම පිඩාවට පත්වෙන එක. මේ නිසා කොච්චර අමාරු උනත් ඔබේ තරහව පාලනය කරගෙන කෑ ගහන එක නතර කරගන්න.

3. යමක් කියන්න පෙර හිතන්න

මොකද ඔබ කියපු දෙයක් ආපසු ගැනීමේ හැකියාවක් ඔබ සතුව නැහැ. මේ නිසා යමක් කියන්න කලින් හොදින් හිතන්න එයින් වෙන හානිය ගැන.

4. ඔබෙන්ම ඔබ අහන්න මේ ප්‍රශ්නය රණ්ඩුවක් ඇතිකර ගැනීමට තරම් හේතුවක්ද කියලා

ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නේ තේරුමක් නැති දෙයක් මුල් කරගෙන. නමුත් එයින් ඇතිවෙන හානිය නම් වෙලාවකට හිතාගන්නත් බැරි තරම්. මේ නිසා ඔබ රණ්ඩුවක් ආරම්භ කරන්න කලින් හොදින් ඒ ගැන සිතා බලන්න.

5. දිනන්න උත්සහ කරන එක නතර කරන්න

රණ්ඩුවක් ඇතිවුන වෙලාවට හැමෝම බලන්නේ කොහොම හරි ජයගන්න. මේ නිසා අනෙකාට කිසිදු අවස්ථාවක් ලබාදෙන්න උත්සහ කරන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න සෑම විටම ඔබ නිවැරදි වෙන්නේ නැහැ. මේ නිසා රණ්ඩුවකදී දිනන්න උත්සහ කරන එක නතර කරන්න.

6. මත්පැන් කිසිම අවස්ථාවක රණ්ඩුවට ගාවගන්න එපා

මොකද මත්පැන් සුළු ප්‍රමාණයක් උවත් ඔබේ මානසික තත්වය වෙනස් වෙන්න බලපාන්න පුළුවන්. මේ නිසා ඔබ නොහිත දේවල් ඔබේ කටින් පිට වෙන්නත් ඔබේ අතින් සිදු වෙන්නත් තියෙන ඉඩකඩ වැඩියි.

7. ඔහු කියන්න උත්සාහ කරන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න

සමහර විට ඔහු ඔබට යමක් තේරුම් කිරීමට උත්සහ කරනවා විය හැකියි. මේ නිසා රන්ඩුව දුරදිග යාමට ප්‍රථම ඔහු කියන්න උත්සාහ කරන දේ තේරුම් ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 153 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 3:34:53 AM
Script:/article/153/how-to-stop-fighting-in-a-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 3:34:54 AM
Script:/article/153/how-to-stop-fighting-in-a-relationship.html