මේ ලක්ෂණ තියෙන පෙම්වතෙක් කවදාවත් ඈත් කරන්න එපා

January 19, 2018
14,338
Do not ever say goodbye to a boyfriend like this
විවාහය කියන කාරණාවේදී අපි හැමෝම උත්සාහ කරන්නේ හැම අතින්ම හොඳ සහකරුවෙක් තමන්ගේ අනාගත සැමියා විදියට තෝරා ගන්න.  එහෙම නොවුනොත් පවුල් ජිවිතයක් ගෙනියන එක හරි අමාරුයි. හැබැයි ඉතින් අපිට ඕන කරන හැම ගති ගුණයක්ම තියෙන අපි බලාපොරොත්තු වෙන හැම දෙයකින්ම සම්පුර්ණ කෙනෙක්ව කවදාවත් හොයන්න බැහැ. මොකද සර්ව සම්පුර්ණ මිනිස්සු කොහෙවත් නැහැනේ. භෞතික දේවල් වලට වඩා අපි මුල් තැන දෙන්න ඕන හොඳ ගුණ යහපත්කම් වලට, හොඳ අදහස් වලට. මොකද ජිවිතේ කියන්නේ මිල මුදල්, යාන වාහන, වත් පොහොසත්කම් විතරක්ම නෙවෙයි.

ඔයාගේ පෙම්වතා ළඟ මෙන්න මේ කියන ගතිගුණ තියෙනවා නම් ඒ වගේ කෙනෙක් එක්ක ජිවිතේ ගෙනියන එක හරිම ලේසියි. 

1. විශ්වාසය බිඳෙන විදියේ දේවල් කවදාවත් කරන්නේ නැහැ 

2. ඒ වගේම ඔයා ගැනත් එයාගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා

3. හැමතැනකදීම ඔයාට ලැබිය යුතු ගෞරවය ලබා දෙනවා

4. ඒ වගේම ඔයාගේ නිදහස සීමා කරන්නේ නැහැ 

5. කිසිම විටක ඔයා එක්ක ගැටුම් ඇති කර ගන්න උත්සාහ කරන්නේ නැහැ

6. පිට අය ඉදිරියේ ඔයාව කවදාවත් විහිලුවට ලක් කරන්නේ නැහැ

7. අනිත් අය ඉස්සරහා ඔයාව ලජ්ජාවට පත් වෙන විදියේ දේවල් කරන්නේ නැහැ. පිට අය වගේම පවුලේ අය ඉස්සරහදිත් ඒක එහෙමමයි

8. එයා කිසිම වෙලාවක ඔයාව පාලනය කිරීමටවත් ඔයාව සිරකර තබා ගැනීමටවත් උත්සහ කරන්නේ නැහැ

9. ඔයාට එයාගේ උදවු අවශ්‍ය වෙන හැම වෙලාවකම එයා අනිවාර්යෙන් ඔයා ළඟ ඉන්නවා

10. කිසිම වෙලාවක ඔයාව හුදකලා කරන්නේ නැහැ

11. ඔයා දුර්වල වෙන හැම වෙලාවකම ඔයාට ඔයා ගැන විශ්වාසයක් ඇති කරනවා

12. නිතරම ඔයාව  සතුටින් තියන්න උත්සාහ කරනවා

13. ඔයාගේ දුක ඔයත් එක්ක බෙදා ගන්න ඔහුට පුළුවන්

14. ඔයාට වගේම ඔයාගේ පවුලේ අයටත් ලැබිය යුතු ගෞරවය ලබා දෙනවා

15. ඔයා වගේ සහකාරියක් ලැබුණු එක ගැන එයා සතුටු වෙනවා

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 633 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:34:13 PM
Script:/article/633/do-not-ever-say-goodbye-to-a-boyfriend-like-this.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:34:13 PM
Script:/article/633/do-not-ever-say-goodbye-to-a-boyfriend-like-this.html