පොල් වතුරේ ගුණ සහ රූපලාවන්‍යය

April 7, 2020
12,131
Qualities of coconut water and cosmetic use
පොල්ගෙඩිය බිඳලා මොකද කරන්නේ අහුවොත් අපේ හැඩකාරියන්ගේ එකම පිලිතුර සමහර විට බොනවා කියන්නත් පුලුවනි. එහෙම නැත්නම් දෙවතාවක් නොසිතා විසි කරනවා කියන පිළිතුර වෙන්නත් පුලුවනි. ඇත්තමට පොල් වතුරවලට මීපැණි බින්දු දෙකක් එකතු කරලා හිස්බඩ පානය කිරීමෙන් පනු රෝග වලක්වා ගන්නත් පුලුවනි. පොල් වතුර විෂබීජවලින් තොරයි. ස්වභාව ධර්මයෙන්ම වටා තිබෙන ආවරණය නිසා මේ ශක්තිය පොල්වතුරට ලැබී තිබෙනවා.





පොල්වතුරවල කැලරි ප්රමාණය අඩු ය. ආම්ලිකතාවයෙන් යුක්තයි. PH අගය 5 සිට 6 අතර මේද ප්‍රතිශතය ඉතාම අඩුයි. පොල්වතුරේ ඛනිජ ලවණ, පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරීන්, මැග්නීසියම් වැනි සංඝටක නිසා ජලවිච්චේදක අගය රුධිර ප්ලාස්මාවේ පවතින ජලවිච්ඡේදක අගයට සමානයි. ඒ නිසා සිරුරේ ලවණතාවය ආරක්ෂා කර ගැනීමට පොල්වතුර වලට හැකියාව තිබෙනවා. මේ නිසාම පශ්චාත් ලෝක යුද්ධ කාලයේදී සේලයින් වෙනුවට පොල්වතුර කිත්ෂේපනය කරනු ලැබුවා. එය විජලන තත්වයට ඉතාම හොඳ ප්‍රතිකාරයක් වුණා.

ලස්සන වෙන්න..

පොල්වතුරෙන් රුව ලස්සන කර ගැනීම ඉතාම පහසුයි. සමේ තෙතමනය ආරක්ෂා වෙන අතර ලප කැලැල් සහ කුරුලෑ නැති වෙනවා. සම මතුපිට ඇති අනවශ්‍ය තෙල් ඉවත් වී සම පිරිසිදුව තබා ගැනීම ඉතාම පහසුයි.

නින්දට යන්න පොල්වතුර අරගෙන .එය කපු රෙදි කැබැල්ලක පොගවා මෘදුව ආලේප කිරීමෙන් මුහුණේ පැහැපත් බව රැක ගන්න පුලුවනි.

ලෙමන් යුෂ සහ පොල් වතුර මිශ්‍ර කර ගෙන මුහුණ සේදූ විට මුහුණ පිරිසිදු වෙනවා.
ඒ වගේම දිනපතා පොල්වතුරෙන් මුහුණ සේදූ විට තෙතමනය ආරක්ෂා වෙනවා. පොල් වතුර ආලේපයෙන් පසුව මෘදුව සම්බාහනය කිරීමෙනුත් මුහුනේ පෙණුම පවත්වා ගත හැකියි.

ලප කැලැල් නැති වෙන්න..

මුල්තානි මට්ටි මේස හැන්දකට පොල් වතුර මිශ්‍ර කර ගෙන මුහුණේ ආලේප කරලා විනාඩි 15 කට පසුව සෝදන්න.

සතියකට දින දෙකක් පමණ පොල්වතුරට කස්තුරි කහ මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරන්න.

පොල් වතුරට යෝගට් මේස හැඳි දෙකක් දිය කර ගෙන ආලේප කලාම ලප කැලැල් නැති වේවි.

හිසකෙස් ලස්සනට තබා ගන්න..

පොල් කිරි, පොල්වතුර සහ කරපිංචා යුෂ සමානව ගෙන කෙස් කළඹේ ආලේප කරලා විනාඩි විස්සකට පසුව සෝදන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1538 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 3:34:10 AM
Script:/article/1538/qualities-of-coconut-water-and-cosmetic-use.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 3:34:11 AM
Script:/article/1538/qualities-of-coconut-water-and-cosmetic-use.html