කොරල සහිත සමට සදහටම සමු දෙන්න

June 20, 2018
22,786
Say bye to scaled skin
ඕනම කෙනෙක්ගෙ සුන්දරත්වයට ලොකුම හානියක් කරන්න පුළුවන් දෙයක් තමයි මේ කොරළ සහිත සමක් කියන්නේ. අපි ඔය කොටුරූල් හැදිලා කියලා කියන්නේ. විශේෂයෙන් කකුල්වල සහ අත්වල මේ තත්ත්වය දකින්න පුළුවන්. ඒ වගේම ඉතිං මේ තත්ත්වය ඇති වුනොත් අනිවාර්යෙන් ඔබව අපහසුතාවයට පත් වෙනවා. අනිත් අයගෙන් හැංගිලා තමයි ගොඩක් වෙලාවට ඉන්නේ වෙන්නේ. මොකද ඒ ලැජ්ජාව නිසා. වියළි සම නිසාත්, අත්‍යවශ්‍ය විටමින් වර්ග නොලැබී යාම නිසාත් ඕනම කෙනෙක්ට මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඉතින් උනන්දුවක් තියෙන කෙනෙක්ට ඉක්මනින්ම සුව කර ගන්නත් පුළුවන්. බලන්නකෝ මොනවද කරන්න පුලුවන් කියලා.

ඔක්කොටම කලින් ඔයා ඔයාගේ අභ්‍යන්තර පෝෂණය ගැන අනිවාර්යෙන් හිතන්න ඕන. කලිනුත් කිව්වා වගේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීයාම නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් මත මෝර තෙල් හෝ මෝර ගුලි ලබා ගැනීම ඉතාමත් වැදගත්. හිතුමතේට ඒ දේවල් කරන්න යන්නෙ නැතුව වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ඇතිව ඒ ප්‍රතිකාර ලබාගන්න. ඊට අමතරව ඔබට සුදුසු ප්‍රතිකාර හා උපදෙස් වෛද්‍යවරයෙක්ගෙන් ලබාගන්න පුළුවන්.

හරි දැන් බලමු ඔයාට ගෙදරදී මේකට මොනවද කරන්න පුළුවන් කියලා.

කොරළ සහිත බව වගේම සමේ වියළි බව අවම කරගන්නත් ඔලිව් තෙල් කියන්නේ හොඳ ඖෂධයක්. රාත්‍රී නින්දට පෙර කකුල්වල, අත්වල ඔලිව් තෙල් ආලේප කරන්න. එහෙම නැත්නම් ඔයාට මේ වෙනුවට එඩරු තෙල් හෝ ආමන්ඩ් තෙල් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

මේ වගේ තත්ත්වයක් ඇති වුණු කෙනෙක් තමන්ගේ සමේ තෙතමනය ආරක්ෂා කරගන්න එක ගැන ගොඩක් හිතන්න ඕන. ඒ නිසා අනිවාර්යෙන් වැඩිපුර වතුර නම් බොන්නම ඕනේ. එහෙම නැතුව නම් ඔය තත්වය අවම කරගන්න එක ඒ තරම් ලේසි වෙන්නේ නෑ. සමේ වියළි බව වැඩි වෙද්දී මේ තත්ත්වය වැඩිවෙනවා. ඒ නිසා වතුර වගේම දියරමය ආහාර, පලතුරු වර්ග, පලතුරු යුෂ තමන්ගේ ආහාර වේල් අතරට එකතු කරගන්න.

කෝමාරිකා කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කරන්න පුළුවන් හොඳ ඖෂධයක්. කෝමාරිකා මදය සූරලා අරගෙන එය සම මත ආලේප කරන්න විනාඩි 30කින් විතර ඉවත් කරන්න.

කොහොඹ තෙල් කියන්නෙත් සමේ කොරල බව අවම කර කරගන්න තියෙන හොඳ ඖෂධයක්. කොහොඹ තෙල් ස්වල්පයක් අරගෙන සම මත ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. දිනපතා එම සත්කාරය කිරීම මගින් සමේ වියළි බව වගේම කොරළ සහිත බව අවම කර කරගන්න පුළුවන්. එහෙම නැත්තන් කොහොඹ කොළ බ්ලෙන්ඩර් කරලා ලබාගත් යුෂ ආලේප කිරීමත් ඉතාමත් හොඳයි.

ඒ වගේම සමේ වියලි බව නැති කරන සමේ තෙතමනය ආරක්ෂා කරන මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් දිනපතා ආලේප කරන්න. උදෑසනට වගේම රාත්‍රියේ නින්දට පෙර මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කරන එක් ගොඩක් වැදගත්. හැබැයි ඒක ඔබේ සමට ඉතාමත් සුදුසු වෙන්න ඕනේ. කොරළ සහිත සමක් තියෙන අයට විශේෂිත ක්‍රීම් වර්ග තියෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් මත ක්‍රීම් වර්ගයක් තෝරා ගන්න එක තමයි වඩාත් හොඳ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 897 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:03:31 PM
Script:/article/897/say-bye-to-scaled-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:03:31 PM
Script:/article/897/say-bye-to-scaled-skin.html