ඔයත් ඔයාගේ ලස්සන ගැන වද වෙන කෙනෙක් නම් කවදාවත් මේ දේවල් කරන්න එපා

July 16, 2017
13,201
Do You Make These Common Beauty Mistakes
කාන්තාවන් තමන්ගේ රූ සපුව ගැන ගොඩාක් වද වෙනවා වගේම තමන්ගේ රූපය හැමදාම ලස්සනට තියා ගන්න සැහෙන්න මහන්සි වෙනවා. එත් සමහර වෙලාවට ඔයා කරන වැරදි නිසා ඔය නොදැනුවත්වම ඔයාගේ සුන්දරත්වයට හානි වෙනවා.

කියවලා බලන්නකෝ මොනවද ඔයා මේ කරන වැරදි කියලා. හැබැයි කියවලා විතරක් මදි. ඒ පුරුදු ඔයා ළඟ තියෙනවා නම් ඒවා හදා ගන්නත් ඕන. එහෙම උනොත් ඔයාට හැමදාමත් ලස්සනට ඉන්නවා කියන එක මහ ලොකු අමාරු දෙයක් වෙන එකක් නැහැ.

1. ඇස් පොඩි කිරීම

ඇතැම් අය ළඟ තියෙන නරක පුරුද්දක් තමයි මේක. නිතරම ඇස් පොඩි කිරීමෙන් ඇස් යට යාම වගේම ඇස් පිහාටු ගැලවී යනවා. ඒ වගේම මේක ඔයාගේ ඇස් වලටත් හානිදායකයි. ඒ වගේම ඇස වටා සම රතු පැහැවීම හා ඇස් වලට විඩාබර පෙනුමක් ලැබෙන්නත් හේතු වෙනවා. ඒ නිසා මේ පුරුද්ද මඟ හැර ගන්න. ඇස් වලට විවේකය ලබා දෙන්න.

2. ඇහි බැම සකස් කිරීම

ගොඩක් දෙනා කරන වැරද්දක් තමයි මේකප් දාන්න කලින් ඇහිබැම ගලවන එක. ඒක ඔයා කරන ලොකුම වැරැද්දක්. මෙහෙම කරන එකෙන් නොයෙකුත් ආසාදනයන් ඇති
වෙන්න පුළුවන්. ඒවගේම ඇහිබැම ගලවපු ගමන්ම මේකප් දැමීමෙන් ඔයාගේ දෑස් අවට අසාදනය වී කැළැල් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා හදිස්සියට එහෙ මෙහෙ යන්න බලාගෙන මේ දේවල් කරන්න එපා.

3. නිතරම මුහුණ ඇල්ලීම

ගොඩාක් වෙලාවට අපි නොදැනුවත්වම වගේ මුහුණට අත යන එක සාමාන්‍ය දෙයක්. නිතරම මුහුණ අතගෑම, කුරුලෑ කැඩීම වගේ දේවල් නිසා සමට ගොඩක් හානි වෙනවා. මේ නිසා ඉක්මනින් මුහුණ රැලි වැටීමට පටන් ගන්නවා වගේම අපිරිසිදු දෑත්වලින් මුහුණ ඇල්ලීම නිසා ඔයාගේ මුහුණේ සම ආසාදනය වී කුරුලෑ වගේම වෙනත් චර්ම රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ පුරුද්ද අදම අත්හැර ගන්න.

4. නිතරම මුහුණට පවුඩර් යෙදීම

මේකත් ගොඩාක් නරක පුරුද්දක්. තෙල් ගතියක් දැනෙන හැම විටම මුහුණට පවුඩර් ආලේප කිරීම, දහදිය සමග නැවත පවුඩර් ගැල්වීම වගේ දේවල් නිසා සමේ තියෙන සියුම් සිදුරු අවහිර කරනවා. එය ඔබේ සමට ඉතා අහිතකරයි. ඒ නිසා ටිෂූ එකකින් මුහුණ පිසදමා හෝ මුහුණ හොඳින් සෝදා නැවත පවුඩර් අලේප කරන්න.

5. අනවශ්‍ය ලෙස ක්‍රීම් ආලේප කිරීම

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ කියනවනේ. මුහුණේ ක්‍රීම් ආලේප කරන විට එය අනවශ්‍ය ලෙස ආලේප කරන්න එපා. ඉතා හොඳ පෝෂණයක් දෙන ක්‍රීම් එකක් වුවත් ඝන තට්ටුවක් ලෙස මුහුණේ ආලේප කිරීම සුදුසු නැහැ. නිතරම රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන ගැල්වීමෙන් වැළකිලා හැකි සෑම වෙලාවකම ස්වභාවික දේවල් අලේප කරන්න උත්සාහ කරන්න. ඒවායින් සමට වෙන හානිය අවම කරන්න පුළුවන්.

6. නාපු ගමන්ම කොණ්ඩය පීරනවද?

එහෙනම් ඔයා ඔයාගෙම කොණ්ඩයට හානි කරගන්නවා. තෙත කොණ්ඩය පීරීම කෙස් අග පැලීමට එක හේතුවක්. ඒ වගේම තෙත පිටින් කොණ්ඩය පීරීමෙන් කෙස් ගැලවී යාමද වැඩි වෙනවා. කොණ්ඩය නීරෝගීව තබා ගන්න නම් නෑමෙන් පසු පළමුවෙන්ම තුවායකින් කොණ්ඩය තෙත මාත්තු කරන්න. තදින් පිස දමන්නත් එපා.

7. කොණ්ඩයට අධික උෂ්ණත්වය සහිත උපකරණ භාවිතයෙන් වළකින්න

විශේෂයෙන් කාන්තා පාර්ශවය කොණ්ඩෙට විවිධ විලාසිතා කරනවනේ. මේවා කරද්දී භාවිත කරන උපකරණ අධික උෂ්නත්වෙකින් යුතු වුනොත් අධික ලෙස හානි වෙනවා. හිසේ තෙතමනය නැතිව යන්නත්, කෙස් අග පැලෙන්නත්, කෙස් ගසේ වර්ධනය බාල වෙන්නත් මේක හේතුවක් වෙනවා. ඒ නිසා උෂ්ණත්වය අධික උපකරණ නිතරම භාවිත කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-11 00:00:00' and A.id <> 348 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 4:57:43 PM
Script:/article/348/do-you-make-these-common-beauty-mistakes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 4:57:44 PM
Script:/article/348/do-you-make-these-common-beauty-mistakes.html