ලස්සන මුහුණක හිමිකාරියක් වෙන්න

May 11, 2017
11,184
How to prevent wrinkles
අපි හැමෝම හරිම ආසයි ලස්සන, පැහැපත්, නිකැළැල් සමක හිමිකාරියක් වෙන්න. හැබැයි අපේ සමහර නරක පුරුදු නිසාම අපිට ඒ ආසාව ඉෂ්ට කර ගන්න බැරි වෙනවා. මුහුණේ සම රැක ගන්න අපිට ලොකු අවධානයකින් කටයුතු කරන්න වෙනවා. හැබැයි උවමනාවේ තරමට කැප නොවෙන එක තමා ප්‍රශ්නේ.

ඉතින් හම ලස්සනට තියා ගන්න අපි මොනවද කරන්න ඕනේ? සාමාන්‍ය ජීවිතයේදී අපි වැඩි අවධානයක් යොදන්නේ නැති කරනා කිහිපයක් ගැනයි අද කියන්නේ.

1. පරිසර දුෂණයට පිළියම් යොදන්නේ නැති එක

පරිසරය දුෂණය වෙන එක අපිට නවත්වන්න බෑ. එකෙන් වැළකිලා ඉන්න පිළියම් යොදන එකයි තියෙන්නේ. ඉතින් පුළුවන් හැම අවස්ථාවකම මුහුණ පිරිසිඳු කරන්න. ඒ වගේම මොයිචර්යිසර් එකක් භාවිතා කරන්න.

2. උවමනාවට වඩා සේදීම, මොයිචරයිසර් නොකිරීම

සමහර දෙනා ගොඩාක් සැරයක් මුහුණ සෝදනවා. එකෙන් වෙන්නේ සම මතුපිට සෛල වැඩියෙන් වියලීමට ලක් වෙන එක. ඊට පස්සේ සම වියපත් ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඉතින් අවශ්‍ය වෙලාවට විතරක් සෝදලා, අනිවාර්යයෙන්ම මොයිස්ච්රයිසර් එකක් භාවිතා කරන්න.

3. මේකප් කරනකොට මුහුණේ සම ඇදීම

මේකප් කරන කොට සමහර අය මුහුණේ සම එහාට මෙහාට ඇදලා තමයි ඔය ගැන එක එක ඒවා ගන්නේ. කාලයක් තිස්සේ මෙහෙම කරද්දී අපි නොදැනුවත්වම සම අනවශ්‍ය ඇදීමකට ලක්වෙලා, එල්ලා වැටීම සිදු වෙනවා. එහෙම නොකර ඉන්න හිතා ගන්න.

4. ප්‍රමාණවත් නින්දක් නොලැබීම

BEAUTY SLEEP කියලත් බටහිර ලෝකයේ හඳුන්වන හොඳ සුවපහසු නින්දකින් කියන්නේ, ඔබේ මුහුණේ සම ප්‍රකුර්තිමත් වීමට අවශ්‍ය කාලය අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ කියන එක තමයි. මැරුණු සම ඉවත් වෙලා ලස්සනට සම අලුත්වැඩියා වෙන්න හොඳ නින්දක් අවශ්‍යමයි.

5. හරිය වතුර නොබොන එක

අපි වයසට යනවත් සමගම, සමේ වියලි ගතිය එන්න එන්න වැඩි වෙනවා. ඉතින් වයස වැඩි වෙන්න වැඩි වෙන්න අපි පානය කරන ජල ප්‍රමාණයත් වැඩි වෙන්න ඕනේ. හරිහැටි වතුර පානය නොකරන එක අපි කවුරුත් ළඟ තියෙන නරක පුරුද්දක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 266 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:18 PM
Script:/article/266/how-to-prevent-wrinkles.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:19 PM
Script:/article/266/how-to-prevent-wrinkles.html