දත් ගැන ඔබ නොදන්නා දේ බොහොමයි

January 28, 2017
14,292
Things You Didn’t Know About Your Teeth
කිරිදත්

දරුවෙකුගේ මුඛයෙහි කිරිදත් සංඛ්‍යාව 20 කි. එවා ප්‍රමාණයෙන් කුඩා වඩාත් සුදු පැහැති වටකුරු හැඩයක් ගනී. එක් හණුවක දත් 10 බැගින් ඇත. දරුවාට වයස මාස 6-9 පමණ වන විට පළමු කිරි දත මතුවෙයි. අවුරුදු 2 1/2 - 3 අතර කාලය තුළ කිරි දත් මුඛය තුළට පැමිණ අවසන් වේ.

කිරිදත් වලින් ඉටුවෙන මෙහෙය

ආහාර විකීමට ආධාරවීම
වචන උච්චාරණයට ආධාරවීම
මුහුණේ මනා පෙනුමක් ලබාදීම
ස්ථීර දත් නියමිත පරිදි ස්ථාන ගතවීමට ආධාර දීම
උඩු සහ යට හනුවල තුලිත වර්ධනයට ආධාර දීම

ස්ථීර දත්

සංඛ්‍යාවෙන් ස්ථීර දත් 32කි. එක හණුවක දත් 16 බැගින් ඇත. මෙයට කෘන්තක දත් 4ක් ද රදනක දත් 2ක්ද පුරස් චාර්වක දත් 4ක්ද, චාර්වක දත් 6 ක්ද ඇත. ආහාර විකා ගැනීමටත් වචන උච්චාරනයටත්, සිනා සීමට හා මුහුණේ මනා පෙනුමටත් මෙම දත් අපට උදව් වේ.

ස්ථීර දත්-කිරි දත්වලට වඩා කහ පැහැයට හුරුය. කිරිදත් වලට වඩා විශාලය

දතක කොටස් (ව්‍යුහය)

ඉනමලය (Enamel)

දතෙහි දිලිසෙන බාහිර ආවරණය වන මෙය ශරීරයේ ඇති ශක්තිමත්ම පටකයද වේ. මෙය ස්නායු නොමැති නිසා සංවේදී නැත. එම නිසා එනමලය දිරා යෑමේදී වේදනාවක් ඇති නොවේ.

දන්තිනය (Dentine)

එන මලයට ඇතුලකින් පිහිටි මෙයට එනමලයට වඩා ඝනකමින් අඩුය. මෙය ලා කහ පැහැයෙන් සහ මෘදු බවින් යුක්තය. ස්නායු අන්තර්ගත වන බැවින් සංවේදී වේ.

කල්ක කුහරය (Pulp cavity)

මෙහි ස්නායු රුධිර සහ වසා වාහිනී පිහිටා ඇත. මෙම නිසා සිරුරේ රුධිර වාහිනී පද්ධතීය හා ස්නායු පද්ධතිය දත සමඟ සම්බන්ධ වේ.

සිමෙන්තිය (Cementum)

දත් මුල් ආවරණය වී ඇති මෙම පටලයට පරිදන්තික පටලයේ තන්තු සම්බන්ධ වී ඇත.

පරිදන්ත පටලය (Periodontal membrane)

දත හා ගර්තික අස්ථීය සම්බන්ධ කරන්නාවු තන්තුමය පටලයකි. ආහාර සැපීමේදී දත මත ඇතිකරන සියළු කම්පන දරාගැනීමට හැකිවන ආකාරයට මෙම පටලය සෑදී ඇත.

පුධාන මුඛ රෝග

දත් දිරායාම
විදුරුමස් රෝගය
දන්ත හා හනුක විකලාංග
දන්ත ෆ්ලෝරෝසියාව
ඇප් තස් වණ
මුඛ පිළිකා
දත් හා හනු වලට සිදුවන හදිසි අනතුරු

දන්ත ව්‍යසනය සඳහා වැඩි අවදානමක් ඇති අය

නිතර පැණිරස භාවිතා කරන අය
දත් පිරිසිදු කිරීමට අකමැති අය
දෙමාපිය ඇසුරේ නොවැඩෙන දරුවන්
දන්ත ව්‍යසනය නිසා කිරි දත් කිහිපයක් ගලවා ඇති දරුවන්
මානසික ආබාධ ඇති අය
අක්‍රමවත් ලෙස දත් පිහිටා ඇති අය
අධික ලෙස දන්ත ව්‍යසනයට ලක්වී ඇති දෙමවුපියන්ගේ දරුවන්
ඇතැම් කායික රෝග ඇති අය
නිතර ඖෂධ භාවිතා කරන අය
හදිසි අනතුරු වලට ලක් වු අය

දත් ව්‍යසනයේ මුල් අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම සාර්ථක භාවයෙන් වැඩිය. බොහෝ විට වේදනාවෙන්ද තොරය. වියදමද අධික නොවේ.

දැනට තිඛෙන නවීන තාක්ෂණය අනුව දතේ පැහැයට සමාන පිරවුම් ඛෙහෙත් ඇත. මේවා පිරවීමේදී දතේ කොටස් අවම වශයෙන් ඉවත් කරනු ලබයි.

දත ව්‍යසනය වී කැක්කුම හැදුණු පසුව වුවද ස්නායු පිරවීම Root filling මඟින් දත ආරක්ෂා කරගත හැකිය.

එහෙත් දන්ත ව්‍යසනය පැතිරෙන තෙක් නොසිට වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම නුවණට හුරුය

උපදෙස්-දන්ත ශල්‍ය වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර
සටහන-අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 20 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 4:19:07 AM
Script:/article/20/things-you-didn-t-know-about-your-teeth.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 4:19:08 AM
Script:/article/20/things-you-didn-t-know-about-your-teeth.html