ඔසප් දින වලදී අනිවාර්යෙන් ගත යුතු කාන්තාවන්ට ගුණ දෙන වටිනාම ආහාරය

March 19, 2018
11,755
A food you should get when you have periods
මෙහි පෝෂණය ලබන්න කාන්තා පිරිමි කියලා කිසිම භේදයක් නැති වුනත් කාන්තාවන් විශේෂයෙන් අමතක නොකර තමන්ගේ ආහාර පිඟානට එක්කර ගත යුතු පලා වර්ගයක්, වටිනාම ආහාරයක් තමයි නිවිති කයන්නේ. එය එළවළුවක් පමණක් නෙවෙයි, ඖෂධීය ගුණය අතින්ද ඉහලයි.නිවිති කියන්නේ ශරීරය අවශ්‍ය යකඩ ලබා ගන්න පුළුවන් හොඳ මුලාශ්‍රයක්. සවිමත් සිරුරකට යකඩ නැතිවම බැහැ. ඉතින් සවිබල සිරුරකට අත්‍යාවශ්‍යය වන යකඩ පිසූ නිවිති වල අඩංගු වෙනවා. ඒ නිසා කිසිම වෙලාවක මඟ නොහැරිය යුතු ආහාරයක් තමයි නිවිති කියන්නේ.

කාන්තාවන්ට නිවිති මේ තරම් වැදගත් කිව්වේ ඇයි කියලා ඔබ දන්නවා ඇති. මසකර වරක් මාස් ශුද්ධිය නිසා රුධිරය විශාල ප්‍රමාණයක් ඔබේ සිරුරින් ඉවත් වෙනවා. රුධිරය වඩන්න හැකියාව තියෙන යකඩ අඩංගු ආහාර මේ දිනවලදී වැඩි පුර ලබා ගන්න කියන්නේ එකනේ. එහෙම නැති වුනොත් ඔබ තුල රක්තහීනතාවය ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා කාන්තාවන් නිවිති තම ප්‍රධාන ආහාරයක් කර ගත යුතුමයි. ඔසප් වෙන වයසේ කාන්තාවන් යකඩ හිඟකමේ දැඩි අවදානමකට මුහුණ පානවා. නිවිති ආහාරයට එකතු කර ගෙන යකඩවලින් සිරුරට අවශ්‍ය පෝෂණය හා ශක්තිය ලබා ගැනීමට හැම කාන්තාවක්ම උත්සාහ කළ යුතුමයි. මස් වලින් යකඩ ලබා ගන්නවාට වඩා කැලරි අඩු, මේද රහිත නිවිති මගින් යකඩ ලබා ගැනීම සෞඛ්‍යයට හිතකරයි.

ඒ වගේම වයස්ගත වීමත් සමඟ ඇති වෙන මොළයේ දුර්වලතා අවම කරනවා. විශේෂයෙන් ආඝාතය වැනි තත්ත්වයකට පසු මොළයට ඇතිවිය හැකි හානිය අවම කිරීමට වැඩිපුර නිවිති කෑමට ගැනීමෙන් පුළුවන්. ඇස් පෙනීමට, ඇසේ සුද, වයස් ගත වීමත් සමග ඇති වෙන අක්ෂි ආබාධ බොහොමයකින් ආරක්ෂා වන්නට නිවිතිවල අඩංගු කැරොටනයිඩ කියන සංඝටකය උදව් වෙනවා.

ගැබිනි මවුවරුන්ට හා කිරි දෙන මවුවරුන්ට වැඩි වශයෙන් යකඩ අවශ්‍ය වෙනවා. මොකද දරුවාට අවශ්‍ය පෝෂණය සපිරෙන්නෙත් මව් කිරි වලින්. ඒ වගේම කිරි නිපදවීමේ හැකියාව ඉහල නංවන්නත් එයට පුළුවන්. කුස තුල වර්ධනය වන දරුවන්ගේ ඇස් පෙනීමේ හැකියාව වර්ධනය කරන්නත් නිවිති වලට පුළුවන්. ඒ නිසා කිරි දෙන මව්වරු නිවිති අමතක කරන්න එපා. ඒ වාගේම වැඩෙන වයසේ දරුවන්ටත් යකඩ අඩංගු ආහාර වැඩිපුර අවශ්‍ය වෙනවා. තැම්බූ නිවිති කෝප්පයකින් දෛනික යකඩ අවශ්‍යතාවයෙන් 35.7% ක් සපුරා ගන්න පුළුවන්.

පිළිකා සෛල වල වර්ධනය අවම කරන්නත් පිළිකා එක්ක සටන් කරන්නත් පුළුවන් සංයෝග රැසක් නිවිතිවල අඩංගුයි. නිවිතිවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ පියයුරු පිළිකා අවම කරන්න උදවුවෙනවා. ඒ වගේම පුරස්ථ ග්‍රථියේ පිළිකා මැඩලීමට ආධාර වෙනවා. මීට අමතරව හදවත, අස්ථි පද්ධතිය නීරෝගීව තබන්නත් නිවිති වලට පුළුවන්.එහි අඩංගු විටමින් K අස්ථි පද්ධතියේ නීරෝගී භාවයට නැතිවම බැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 707 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:14:53 AM
Script:/article/707/a-food-you-should-get-when-you-have-periods.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:14:53 AM
Script:/article/707/a-food-you-should-get-when-you-have-periods.html