පහසුවෙන් රසට පරිප්පු වඩේ හදමු

January 21, 2017
6,795
how to make Parippu vada recipe
අවශ්‍ය ද්‍රව්‍ය

පරිප්පු 250g
රතු ලූනු 30g
මුගුණුවැන්න 50g
අමු මිරිස් කරල් 3
වියළි කෑලි මිරිස් තේ හැඳි 1/2
කරපිංචා
උම්බලකඩ කුඩු මේස හැඳි 1
තෙල් බෝතල් 1/2
ලුණු අවශ්‍ය පමණට

සාදන ආකාරය

මුලින්ම පරිප්පු ටික සොදලා පිරිසිදු කරන් පැය 3ක් පමණ පෙගෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ පොගවාගත්ත පරිප්පු ටික පෙරාගෙන අබරා ගන්න.

මුගුණුවැන්න හැර අනික් සියලු දේවල් වංගෙඩියකට දා අඩකට වැඩිවෙන විදිහට කෙටා ලුණු ඇඹුල් රස බලා ගන්න. හීනියට කපාගත් මුගුණුවැන්න දා කළවම් කරගන්න.

අනාගත්ත මිශ්‍රණය ටික ටික ගෙන කැමති හැඩේකට හදාගෙන රන්වන් පැහැ වෙනකම් බැදගත්තා නම් හරිම රසයි.

මේ මිශ්‍රණයෙන් වඩේ 25ක් විතර හදාගන්න පුළුවන්.

කඩේ තියන කෑම කොහොම හදනවාද කියලා අපි දන් නෑනේ. ඉතින් ගෙදරදී හදාගන්න එක ඇගටත් ගුණයි හිතටත් හොදයි. උත්සහා කරලා බලන්න ඔයාලත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Things matter for the durability of your handbag
   482
   424

ඔබේ හෑන්ඩ් බෑග් එක කල් පවත්වාගන්න මේ ක්‍රම පාවිච්චි කරන්න

වැස්සද, හවසද, බෝයිෆ්‍රෙන්ඩ්ද, යාළුවොද කියලා ඒ ඒ අවස්ථාවේ හැටියට හෑන්ඩ්බෑග් පාවිච්චි කරනවා. තවත් සමහරු ඇඳුමේ පාටට හෑන්ඩ්බෑග් පාවිච්චි කරනවා. හැබැයි මේ හෑන්ඩ්බෑග් කල් පවතින විදියට පාවිච්ච් කරන්නෙ කොහොමද කියන කාරණේ ගැනයි මේ කතාව
Keep your lips beautiful everyday
   410
   324

ඔයාගේ දෙතොලේ සුන්දරත්වය හැමදාටම තියා ගන්න

ඔයාගේ තොල් වල මි පැණි තවරන්න එතකොට ඔයාගේ තොල් වල නිරෝගිව බව තියාගන්න පුළුවන්. අද හැඩකාරී ඔයාට ඔයාගේ ලස්සන මුහුණට තවත් ලස්සන වැඩි කර ගන්න තොල් ආලේපන පාවිච්චි කරන්නේ කොහොමද කියලා දෙනවා
Garlic Kan Kung Recipe
   250
   207

ගාලික් කංකුන් - Recipe

හැමෝම ගෙදර කංකුන් හදනවා ඇති. හැමදාම එකම විදියට කාලාත් එපා වෙලා වෙන්න පුළුවන් අද හැඩකාරී අපි ඔයාට  ඔයාගේ ගෙදර ඉඳලාම  වෙනස්ම ක්‍රමයට ගාලික් කංකුන් පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා.
How a thin girl can choose a saree to look full
   239
   194

සිහින් සිරුරක් තියෙන කෙනෙක් පිරිලා පේන විදිහට සාරියක් තෝරා ගන්නේ මෙහෙමයි

මේ ලිපිය ඉදිරිපත් කරන්නේ සිහින් සිරුරක් තියෙන, සාරි අඳින ඔයා වෙනුවෙන්මයි
Chilli Chicken Recipe
   2,174
   104

චිලි චිකන් - Recipe

කවුරුත් කන්න කැමති චිලී චිකන් ගෙදරම හදමු

Latest Articles

Most Viwed