උදේ කෑම ගැන අපේ කට්ටියට එක එක ප්‍රශ්න තියෙනවා. හැමදාම කන බටර්,ජෑම් පාන් කනවට වැඩිය මේ විදියේ ක්ලබ් සැන්විච් එකක් හැදුවොත් නම් පෝෂණයේ අඩුවක් වෙන්නේ නෑ
අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පෙති 4
බැදගත් බිත්තර 1
චීස් පෙත්තක්
ළූණු පෙති 2
සලාද කොල 2ක්
ලුණු ගම්මිරිස් වලින් සීසන් කර පෑන් එකක දෙපැත්ත දමා පිස ගත් කුකුල් මස් පෙති 1 හෝ හැම් පෙත්තක්
තක්කාලි පෙති 2
මැයෝනිස් සෝස්
ගම්බිරිස් කුඩු
ලුනු
සාදන ක්‍රමය :
01. පාන් පෙති ටික පෑන් එකක පාන් පෙත්තේ දෙපැත්තම ටෝස්ට් කර ගන්න. ටෝස්ට් කරගත් පාන් පෙති වලට බටර් තවරගන්න.
02. එක පාන් පෙත්තට සලාද කොලයක්, තක්කාලි පෙති දෙකක් ,ළූණු පෙති දෙකක් තියාගන්න. ඒ මතට මැයොනිස් ටිකක් දමන්න.
03. එය මත පාන් පෙත්තක් තබා ඒ පාන් පෙත්ත උඩින් කුකුළු මස් හා චීස් පෙත්තක් තියන්න.
04. ඒ මත තවත් පාන් පෙත්තක් තියාගන්න. ඒ පාන් පෙත්තට බැදගත් බිත්තරය තබා අන්තිම පාන් පෙත්තෙන් වසාගන්න.