ප්‍රතිශක්තීකරණය වැඩි වෙන්න වැළඳගැනීම උදවු වෙන්නේ මෙහෙමයි

April 14, 2020
7,950
How hugging increase your immune strength
මේ කාලයේදී නම් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගන්න එක අපේ පුද්ගල වගකීමක් නිසා වැළඳ ගැනීම් කියන්නේ නොකළ යුතුම දෙයක්. හැබැයි පවුලේ එකට ජීවත් වෙන අපේ ආදරණීයන් එක්ක ගෙවන මේ විවේකී සමයේදී පහුගිය කාර්‍යබහුල කාලයේදී අපිට අමතක වෙලා තිබ්බ පවුලේ සාමාජිකයන්ගේ ආදරය අලුත් කරගන්න ඔබට මේ උපදෙස් ටික වටිනවා නොඅනුමානයි. ආදරණීය වැළඳගැනීමකින් අනෙකාට දැනෙන්නේ රැකවරණයක්. කොහොමින් කොහොම හරි වැළඳගැනීමකින් ජීවිත වලට හොඳ හැඟීමක් ඇති කරනවා. ඉතිං ඔයාගේ සෞඛ්‍යය හා සබඳතා වැඩි දියුණු කිරීමට බලයක් ඒකට තියෙනවා. මොකද වැළඳගැනීම ඔයාගේ මනසට සහ ශරීරයට ධනාත්මක බලපෑමක් ඇති කරනවා. අද හැඩකාරී අපි ඔයාට ප්‍රතිශක්තීකරණය වැඩි වෙන්න වැළඳගැනීම උදවු වෙන්න විදිහ ගැන තමයි කියන්න හිතුවේ. වැ​ළඳ ගන්නා අනෙකාට සෙනෙහස පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගන්න පුළුවන්. ඔයාට මිනිත්තු කිහිපයකින් යළිත් සෞඛ්‍ය සම්පන්න බවක් සහ සතුටක් දැනෙන්න පටන් ගන්නවා.

1. සබඳතාව ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා.
වැළඳ ගැනීමකින් කියවෙන්නේ “මම ඔයා වෙනුවෙන් ඉන්නවා” කියලයි. ඔයාගේ සම ආදරණීයයාගේ සමට ස්පර්ශ වෙනකොට ශරීරයේ උණුසුම සහ ධනාත්මක ශක්තිය වැඩි වෙලා ඔයාගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න ඒක උපකාරී වෙනවා. ගර්භණී කාල​යේ ඉඳන්ම තම දරුවා සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට අපේක්‍ෂා කරන මවක් ඇගේ බඩ නිතරම අත ගන්න ඕනේ කියන්නෙත් ඒ නිසයි.

2. සෙම්ප්‍රතිශ්‍යාවේ බරපතලකම අඩු කරන අතර ප්‍රතිශක්තිය වැඩි කරනවා.
නිතර වැළඳගැනීම් කරන පවුලකට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානම අඩු බව පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා.  ඔවුන් අසනීප වුණත් නිතර නිතර වැළඳ ගැනීමෙන් ඔවුන්ට සම්පුර්ණයෙන්ම සුවය ලබන්න පුළුවන්. ශාරීරික ස්පර්ශය මගින් ශරීරයට රෝග සමඟ සටන් කිරීමට උපකාරී වෙනවා පමණක් නොවෙයි ප්‍රතිශක්තීකරණ ශක්තියත් වැඩි කරනවා.

3. ආතතිය අඩු කරනවා 
ඔයා ආතතියට පත්වෙනකොට cortisol හෝමෝනය සෑම විටම ඉහළ මට්ටමක පවතිනවා. වැළඳගැනීමෙන් ලැබෙන පුදුම සහගත වාසියක් නම් රුධිරයේ ඇති cortisol මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා. ඉතින් නිරෝධායන කාලය අවසන් වුණාට පස්සේ මතක ඇතිව සැමියා වැඩ ඇරීලා කේන්තියෙන් ගෙදර එනවා දැක්කොත් මුකුත්ම නොකියා ඔහුව තදින් වැළඳ ගන්න. එමගින් ඔහුට නිසැකවම දැනෙනවා ඇයි මම මේ තරම් කරදර වෙන්නේ, කවුරු නැතත් මගේ බිරිඳ මං වෙනුවෙන් ඉන්නවා නේ කියල.

4. හදවත නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙනවා.
සහකරුගේ වැළඳගැනීමකින් රුධිර පීඩන මට්ටමේ සහ හෘද ස්පන්දන වේගයේ විශාල අඩුවීමක් පෙන්නුම් කරනවා. නිතර වැළඳ ගන්නා අය අධි රුධිර පීඩනය සහ හදවත ගැන ඕනෑවට වඩා කරදර වෙන්න ඕනේ නැහැ. ​ඒ වගේම ඔයාගේ නැන්දම්මා හෝ වෙනත් කෙනෙක් දුර්වල හදවතක් සමඟ ජීවත් වෙනවා නම් ඔවුන්ව නිතරම වැළඳ ගැනීමට උත්සහ කරන්න. ආදරය මගින් හදවත් අවදානම් තත්ත්වයන්ගෙන් මුදවා ගන්නවා.

5. බිය අඩු කරනවා
ජීවිතය විඳිනකොට ඔයාට අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවන් වලදී බිය සහ නොසංසුන්තාවය පාලනය කර ගන්න ඇත්තටම අමාරුයි. හැබැයි ඒ වගේ වෙලාවක වැළඳගැනීම් මගින් කාංසාව අඩු කර, ආත්ම විශ්වාසය වැඩි කරනවා. උදාහරණයක් හැටිය​ට, ඔයාගේ සහකරුට හෝ සහකාරියට රැකියා සම්මුඛ පරීක්ෂණයක් ඇති දවසට හෝ  ළදරුවා පාසල් යන පළමු දිනය වැනි දිනයක ඔවුන් නිවසින් පිටවීමට කලින් ආදරණීයව බදා ගැනීමෙන් ඔවුන්ට එයට සාර්ථකව මුහුණ දෙන්න ශක්තිය ලැබෙනවා.

6. වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා.
කෙනෙක් නොසන්සුන් වුණාම ඔහුගේ මාංශ පේශි තද වන නිසා අපහසුතාවයක් දැනෙන්න පටන් ගන්නවා. ඔයා ඔයාගේ සැමියා හෝ පෙම්වතා වටා දෑත් විහිදලා තුරුල් කර ගැනීමෙන් ඔහුගේ මාංශ පේශි ලිහිල් කර රුධිර සංසරණය වැඩි වැඩි කරවන්න පුළුවන්. ඒ වගේම වේදනාවන් අඩු වෙනවා. ඊළඟ වතාවේ ඔයාගේ දරුවා වේදනාවෙන් ඉන්නකොටත් දරුවා සන්සුන් කරගන්න තුරුල් කර ගන්න ක්‍රමය අත්හදා බලන්න.

7. මානසික අවපීඩනයෙන් පෙළෙන අයට සහනයක් ලැබෙනවා.
අසරණ භාවය සහ පහත් කිරීම වගේ හැඟීම් නිසා සමහර අය මානසික අවපීඩනයට වැටීමට හේතු වෙනවා. මානසික අවපීඩනයෙන් පෙළෙන ආදරණීයයෙකු බදාගෙන ආදරය පෙන්වීමෙන් ඔවුන්ගේ ශරීරයේ ඔක්සිටොක්සින් හෝමෝනයේ මට්ටම වැඩි කරන අතර සතුට ද ළඟා කර දෙනවා.

8. ආත්ම අභිමානය ඉහළ නංවනවා
සමහර අවස්ථා වලදී ඔයා ඔයාගේ ආදරණීයයන් සුළු කොට සළකලා ඇති.  ක්‍රියාව වචන වලට වඩා හයියක් වන නිසා කථා නොකරම වැළඳගැනීම නිසැකවම ඔයාගේ සහකරුගේ ආත්ම අභිමානය හා චිත්ත ධෛර්යය ඉහළ නංවන්න පුළුවන් හොඳම ක්‍රමයක්.

වැළඳගැනීම ඔයාගේ සිත තුළ වගේම පවුලේ සාමාජිකයන්ගේ සිත් තුලත් විශාල සතුටක් ඇති කිරීමට සමත් වෙන ආදරණීය පුරුද්දක්. ඉතින් ඔයාගේ ආදරණීයන්ටත් ඒ විදිහට වටිනාකමක් එකතු කරන්න ඔයාට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1552 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:31:13 PM
Script:/article/1552/how-hugging-increase-your-immune-strength.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:31:13 PM
Script:/article/1552/how-hugging-increase-your-immune-strength.html