දරුවාගේ හැසිරීමත් ස්වභාවය තීරණය වෙන්නේ පියා තුළ ඇති ආදරයත් සමගයි

June 12, 2020
5,625
Father’s love makes a better impact on children’s future
අද මම ඔයා වගේම අපි හැමෝම ජීවත් වෙන සමාජ වටපිටාව අතිශය කාර්යබහුල සමාජයක්. ඉතිං පොඩි දරුවන් ගොඩක් වේලාවට උස් මහත් වෙන්නේ ආචිචි, සීයා ගාව එහෙමත් නැතිනම් සේවකයෙක් ළඟ. සමීක්ෂණයකින් දරුවන්ගේ හැසිරීමට පිය සෙනෙහස මානසික හා ශාරීරික වශයෙන් ප්‍රබල බලපෑමක් එල්ල කරන බව නිගමනය කළා. මේ නිසා ම දරුවා වෙනුවෙන් වැඩි වෙලාවක් ගත කරන්න පියා සමත් වෙන්න ඕනා. අද හැඩකාරී අපි ඔයාට දරුවන්ට තම පියාට ළං වන තරමට අනාගතයේ දරුවන්ගේ හැසිරීම් හොඳ වන බව මේ ලිපියෙන් කියලා දෙනවා.  

දරුවාට සෞඛ්‍යට පිය සෙනෙහස අවශ්‍ය වන්නේ ඇයි?

පිය තුමෙකුගේ සෙනෙහස ඔයාට හුගාක් වෙලාවට දන්නේ නැහැ මොකද කිව්වොත් අම්මා ආදරේ පෙන්නුවට බොහෝ විට තාත්තා ආදරේ පෙන්නනේ නැති නිසා. තාත්තා පොඩ්ඩා ගාව රැදෙන වෙලාව අඩුයි. හැබැයි තාත්තාගේ ආදරේ මහ මෙරක් තරම් බරයි. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දරුවාව රැක බලා ගන්න තාත්තාගේ උපකාරය ලැබෙන නිසා දරුවාගේ හැසිරීම් වලින් ඉතා ඉහළ ගුණාත්මක බවක් ලැබෙනවා සේම අම්මටද බෙහෙවින් උපකාරයක් වෙනවා. උදහරයක් ලෙස අම්මාට දරුවාගේ අනෙකුත් වැඩ වලට කාලය වැය කරනවා. දවස පුරා දරුවා වෙනුවෙන් වෙහෙස වීම නිසා මහන්සිය නිවා ගන්න සහ කුටුම්භය තුළ සතුට පතුරුවන්න තාත්තා කෙනෙක්ට පුළුවන්.

පරීකෂණ මගින් සොයාගෙන ඇත්තේ පියෙකුගේ ආදරය දරුවෙකුගේ අනාගත පෞර්ෂත්වයට විශාල බලපෑමක් ඇතිකරන බවයි. එයින් සොයාගෙන ඇත්තේ..

පියා සමඟ ගුණාත්මක කාලයක් ගත කරන දරුවන්,

01. වයස අවුරුදු 3 වන විටම සමාන්‍ය ගැටළු විසඳීමේ දක්ෂතාවය අතින් ඉහලයි. මෙයට හේතුව, පියා මවට වඩා කතා කරන විලාසය වෙනස් නිසා සහ ඔවුන් කතා කරන විට දිග, විස්තරාත්ම වාක්‍ය පවසන බව පරීක්ෂණ වලින් සොයාගෙන තියෙන්වා

02. පාසලේ ගණිතකර්ම, භාෂාව වැනි අංශ වල ඉහල මට්ටමක් පෙන්වනවා

03. තනිවම ප්‍රශ්න විසඳීමේ හැකියාව අතින් ඉහලයි

04. පාසලේ වැඩ වලට උනන්දු වගේම ඉහල අධ්‍යාන මට්ටමක් අත් කරගන්නවා

05. රැකියාවන් කරන කාලය වන විට ඉහල රැකියාවන් සහ මුදල් ඉපයීම ඉහල මට්ටමක් අත් කරගන්නවා

06. ඔවුන් සතුටින් සිටියි

07. ධනාත්මක සිතුවිලි ඇත

08. හොඳ යහළුවන් ආශ්‍රය කිරීම සහ නරක යහලුවන් ප්‍රතික්ෂේප කරයි

09. වැරදි වලට නො පැටලෙයි


දරුවා සමග කාලය ගත කරන වෙලාවට තාත්තා හැසිරෙන්න අවශ්‍ය ක්‍රමය… නිරන්තර සන්නිවේදනයයි.

01. දවසක් නොහැර දරුවා සමග පුංචි වෙලාවක් හරි කතා කරන්න

02. පොඩ්ඩා සමග කාලය ගත කරන්න හොදම අවස්ථාව තමයි විවේකීව ඉන්න වෙලාව. ඒ වෙලාවට එකම විනෝදාංශයක් තෝරා ගත්තොත් දෙදෙනාට එකට එක්ව කාලය ගෙවන්න පුළුවන්

03. දරුවන්ගේ පුංචි පුංචි වැදගත් අවස්ථාවන් අතපසු කරන්න එපා

04. දරුවාට බයිසිකලය පදින හැටි කියා දීම, ගසක් සිටුවන හැටි කියා දීම, රසවත් කෑමක් හදන්න එකතු වීම වගේ පොඩි පොඩි දේවල් වලින් දැනුම ලබා දෙන්න

පිය සෙනෙහස දරුවට දැනෙනවාත් සමග මානසිකව මෙන්ම කායිකවද සැහැල්ලුවක් ලැබෙන අතර දරුවන්ගේ හැසිරීමද යහපත් මට්ටමකට ගෙන එනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1647 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 9:18:29 AM
Script:/article/1647/father-s-love-makes-a-better-impact-on-children-s-future.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 9:18:29 AM
Script:/article/1647/father-s-love-makes-a-better-impact-on-children-s-future.html