නිරෝගීව ඉන්න කාන්තාවන් හැමෝම කැමැතියි. අප විසින් ලබා ගන්නා නොයෙකුත් ආහාර නිසා අපගේ ශරීරයෙහි ස්ථුලභාවය වැඩි කරනවා. එමගින් නිරෝගී බවක් නම් ඇති වන්නේ නැහැ. එවිට අපිට වුවමනා වෙන්නේ කොහොම හරි අපේ ශරීරයේ බර අඩුකරගන්න විතරයි. කායවර්ධන එකකට ගිහින් ශරීරයේ නියමිත ප්‍රමාණයට සකසා ගන්නවාට වඩා සුවදායී ක්‍රම මඟින් අපේ ශරීරයේ ස්ථුල භාවය අඩු කරගන්න පුළුවන්.
1. තෙල් සහිත ආහාරවලට කාන්තාවන් බොහෝ රුචිකත්වයක් දක්වනවා. නමුත් එමගින් වැළඳෙන ලෙඩ රෝග වැඩියි. එනිසා මේදය රහිත හෝ මේදය අඩු කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට පුරුදු වෙන්න.
2. කාන්තාවන් තෙල් භාවිතයට කොතරම් කැමැති වුණත් ශරීරයට හිතකර තෙල් වර්ග කිසියම් සීමාවකට අනුව භාවිත කරන්න. උදාහරණ ලෙස ඔලිව් තෙල්, කැනෝලා තෙල්, මත්ස්‍ය තෙල් ආදියේ වැඩිපුර ඔමේගා 3 සහ ඔමේගා 6 අඩංගු වෙනවා. ඒවා මඟින් ශරීරයේ බර අඩු කරගත හැකියි.
3. සුවබර ආහාර වේලකට ඔබ නැවුම් එළවළු ආහාරයට ගත යුතුයි. ඒවායෙහි විටමින්, ඛනිජ ලවන බහුලව ඇතුළත්. එහෙයින් දෛනිකව පළමු ආහාර වේලට පෙර එළවළු ආහාරයට ගැනීම වඩාත් යෝග්‍යයි.
4. කාර්යබහුල භාවය නිසාම කාන්තාවන් ජලය පානය කරනවා අඩුයි. නමුත් දිනකට වතුර වීදුරු 8-10 ක් පානය කළ යුතුයි. සමහර වෙලාවට ඔබගේ මොළයට වැරැදී පිපාසය වෙනුවට කුසගින්න දැනෙන්න හරිනවා. බඩගිනි එන හැම වෙලාවකම වතුර වීදුරුවක් පානය කිරිමට පුරුදු වෙන්න.
5. දිනකට ඔබ ලබාගත යුතු කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුයි. දිනකට කැලරි 500 ක් පමණ ලබා ගැනීමෙන් ඔබගේ බර සතියකට කිලෝ එකකින් පමණ අඩු කරගත හැකියි.
6. ආහාර තෝරා ගැනීමේදී නුවණක්කාර වෙමින් ධාන්‍ය ආහාරයට ගන්න. ඔබ ලබා ගන්නා ධාන්‍ය සියල්ලෙන් 50%කින් කාබෝහයිඩ්‍රේට් ලැබෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
7. ඔබේ සිරුරට ප්‍රෝටීන ලබා ගැනීමට නම් තෙල් රහිත රතු මස්, කළුකුං මස්, කුකුළාගේ ළය පෙදෙසේ මස් සහ බෝංචි ලබා ගැනීම යෝග්‍යයි. මෙමඟින් ශරීරයේ බර අඩුවීම සිදුවෙනවා.
දිනකට ලබා ගන්නා ආහාර පිළිබඳ ඔබ සටහන් තබා ගැනීමට පුරුදු වෙන්න. අනිවාර්යයෙන්ම ලබාගත් ආහාර ප්‍රමාණය සටහන් කර ගන්නත් අමතක කරන්න එපා. එමෙන්ම කුස පිරෙනතුරු ආහාර අනුභව කළ යුතුයි. බඩගින්න නැතිවෙනකල් ආහාර ලබා ගැනීම නවත්වන්න එපා. මොකද කුස පිරිලා කියලා මොළයට තේරුම් යන්න හරියටම විනාඩි කිහිපයක් ගතවෙනවා.