දවසකට විනාඩි දෙකක් වැය කරලා ජපන් ක්‍රමේට බඩ අඩුකර ගම්මුද?

March 29, 2017
45,678
This Japanese Method Will Help You Quickly Get Rid of Belly Fat
කාන්තාවකට ලස්සන උදරයක් හිමිවෙනවා කියන්නේ ඇයට හැකියාව ලැබෙනවා බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගන්න. එත් ඉතින් අපේ කාන්තාවන් නිතරම කියන දෙයක් තමයි මොන දේ කරත් ඔවුන්ගේ බඩ අඩුකර ගන්න එක ටිකක් අමාරු වැඩක් කියන එක. මේ නිසා බහුතරයක් කාන්තාවන් ඉන්නේ හිතේ අමාරුවෙන්. නමුත් ඉතින් පුදුමේ කියන්නේ ජපානයේ ඉන්න කාන්තාවන්ට තියෙන්නේ බොහොම ආකර්ශනීය සිහින් සිරුරක්. මේ නිසාම ලොව බොහෝ දෙනා ජපානය හදුන්වනවා සුන්දර කාන්තාවන් ජිවත් වෙන රටක් ලෙස. දවසකට විනාඩි දෙකක් වැය කරලා ජපන් ක්‍රමේට බඩ අඩුකර ගන්න පුළුවන් විදිහක් ගැන තමයි මේ කියන්න හදන්නේ.

මේ ක්‍රමේට අනූව දවසකට විනාඩි දෙකක් නොකඩවා මේ ව්‍යායාමය සති තුනක් කිරීමෙන් ඔබට ඔබේ බර 10kg ක් අඩුකර ගන්න පුළුවන් වගේම ඔබේ උදරය අගල් 4 කින් අඩු කර ගන්න පුළුවන්. මේක හුස්ම ගැනීම හා පිටකිරීම මගින් සිදුකරන ව්‍යායාමයක්. මේකට අනුව සිදුවෙන්නේ අපේ ශරීරය වැඩි වශයෙන් ඔක්සිජන් භාවිතා කිරීමේදී අපේ ශරීරයේ තිබෙන අනවශ්‍ය මේද වැඩි වශයෙන් ඉවත්ව යාමයි.

ඔබ කලයුතු දේ

1. එක් කකුලක් ඉදිරියෙන් සහ අනෙක් කකුළ පිටුපසින් තිබෙන ලෙස සෘජුව සිටගන්න

2. මදක් පිටුපසට ඇලවී ඔබේ ශරීරය සම්පුර්ණයෙන් පිටුපස පාදයට බර කරන්න

3. සෙමින් තත්පර 3 ක් දක්වා හුස්ම ඉහලට ගන්න. හුස්ම ඉහලට ගන්නා අතරතුර ඔබේ දෑත් ඉහළට ඔසවන්න

4. දැන් ඔබේ සිරුරේ සියලු මාංශ පේශීන් තරමක් තද කරන ගමන් තත්පර 7 දක්වා හුස්ම පහත හෙලන්න. ඔබේ දෑත් මේ ක්‍රියාවලිය සමගම පපුවේ මට්ටමට පහලට ගෙන එන්න.



ඔබට විනාඩි 2 කට වඩා මෙය සිදුකල හැකිනම් විනාඩි 2 සිට 10ක් වන තුරු සිදුකල හැකියි. ඒ වගේම මේ ගැන පරීක්ෂණ පැවැත්වූ පර්යේෂකයන් ප්‍රකාශ කරන ආකාරයට මේ ව්‍යායාමය තුලින් ඔබේ මාංශ පේෂීන් ශක්තිමත් වෙනවා වගේම ඔබේ සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය කාර්යක්ෂම වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

What are the young looking secrets of Madhuri Dixit
   24,808
   1,742

මධුරි ඩික්සිත් ගේ තවමත් තරුණ පෙනුමේ රහස කුමක්ද?

අපි ඇගේ මේ අඩු නොවන තාරුණ්‍යයේ රහස් පෙළ ඔබ වෙත ගෙන එන්නේ කියවලා අමතක කර දමන්න නම් නෙවෙයි. ඔබත් විසි ගණන් වල සිටම මේ යහපත් සිරිත්
20 Serious Questions You Should Ask Your Boyfriend
   21,904
   970

හිතේ හිරකරන් ඉන්නේ නැතිව ඔබේ ආදරවන්තයාගෙන් ඔබ ඇසිය යුතුම ප්‍රශ්න මෙන්න

ඔබ පෙම්වතියක් බිරිඳක් වෙන්න පුළුවන්. පෙම්වතියක්ව ඉන්න කාලයේදී අපි හරිම ආසයිනේ ඔහු එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉන්න
Don't ever think of marring a man like this
   5,634
   258

මේ වගේ පිරිමියෙක් එක්ක නම් කවදාවත් විවාහ වෙන්න තියා හිතන්න වත් එපා

විවාහ ජීවිතය රැක ගන්න ඕන නිසා අමාරුවෙන් හරි හැම දේම ඉවසා ගෙන හිටියත් කවදාවත් ඔයාට සතුටින් ජීවිතය ගෙවන්න බැරි වෙයි. ඒ නිසා මේ වගේ ගති
A new rage from Mallika Hemachandra specially for the season
   1,230
   176

නත්තල් සමය තවත් හැඩ කරන්නට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් නවතම ස්වර්ණාභරණ පෙළක්

මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් විසින් නත්තල් සමය වෙනුවෙන් නිමැවුණු සිය නවතම බැගේ(ට්) කට් (Baguette) දියමන්ති සහ කැරට් 22 සිය නවතම රන් ආභරණ එකතුව ඔවුන්ගේ ක්‍රෙස්කැට් හි විවෘත කරන ලද නවතම ශාඛාවේ දි පසු ගියදා

Latest Articles

Most Viwed