ගර්භනී සමයේ ඇති වෙන මේ තත්ත්වයන් නම් කිසිම විටක නොසලකා හරින්න එපා

October 24, 2017
9,195
You should never ignore these conditions when you are pregnant
ගර්භනී සමය කියන්නේ ගොඩක් ශාරීරික වේදනා අපහසුතාවයන්ට පත් වෙන සමයක්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම පරිස්සම සහ සෞඛ්‍ය ගැන වැඩිපුර හිතන්න ඕන කාලයක්. හැම වේදනාවක්ම හා අපහසුතාවයක්ම අතරේ මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය ගැන කිසිම වෙලාවක නොසලකා හරින්න හොඳ නැති තත්ත්වයන් කිහිපයකුත් තියෙනවා. ඔයත් දරු සුරතල් බලන්න පෙරුම් පුරන මවක් නම් මේ පිළිබඳව දැනුවත් වීම ගොඩාක් වැදගත්.

1. වමනය හෝ ඔක්කාරය නොමැතිව ඉඟටිය ප්‍රදේශයේ හෝ උදරයේ ඉහල කොටසේ ඇති වන වේදනාව

මෙය ආහාර ජීර්ණය වීමේ අපහසුතා, ආමාශයේ ඇති වන රෝගි තත්ත්වයක් හෝ ආහාර විෂ වීමක් වැනි තත්ත්වයන් නිසා ඇති වෙන්න පුළුවන්.

2. යටි බඩෙහි ඇති වෙන වේදනා තත්ත්වය

මෙය උදරයේ වම හෝ දකුණු පැත්තේ ඇති වෙන්න පුළුවන් වගේම මේ වගේ තත්ත්වයකදී වෛද්‍යවරයෙක් හමු වී එය අවදානම් තත්ත්වයක් නෙවෙයි කියන කාරණය සැක හැර දැන ගත යුතුයි. යටි බඩේ වේදනාව ගබ්සාවිම, නොමේරු ළදරු උපත් සඳහා පෙර ලකුණු විය හැකියි.

3. උණ

උණ රෝගයෙන් පෙළීමත් නොසලකා හැරිය යුතු තත්ත්වයක් නෙවෙයි. ශරීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ට වඩා වැඩි හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. මේ තත්ත්වය දරුවාට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.

4. පෙනීමේ දුර්වලතා

ඇස් පෙනීමේ යම් යම් දුර්වලතා ඇති වීමේදී එනම් බොඳ වීම, ද්විත්ව දර්ශන, අඳුරු බව වගේ තත්ත්වයන් වලදී සැලකිලිමත් වෙන්න.

5.අත් හා කකුල් වල ඉදිමුම

විශේෂයෙන් ගර්භනී සමයේ අත් හා විශේෂයෙන් කකුල් වල ඉදිමුමු සාමාන්‍යයි. නමුත් හදිසියේ වේදනාවක් සමඟ ඇති වන ඉදිමුම සමඟ හිසේ කැක්කුම වැනි තත්ත්වයක් ඇති වීම බරපතල තත්ත්වයක්.

6. යෝනි මාර්ගයෙන් රුධිර වහනය

වේදනාවකින් තොරව ඉතා මද වශයෙන් රුධිර බිඳුවක් හෝ දෙකක් වහනය හෝමෝන වල බලපෑම නිසා සිදුවන්නක්. එය බිය වීමට අවශ්‍ය දෙයක් නොවුනත් වෛද්‍යවරයා මුණ ගැසීම වඩා ආරක්ෂිතයි.

නමුත් ගර්භනී අවධියේදී ඉතා තද පැහැයෙන් යුතුව අධික ලෙස රුධිර වහනය අසාමාන්‍ය තත්ත්වයක්. හැකි ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා මුණ ගැසෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 466 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:18:36 AM
Script:/article/466/you-should-never-ignore-these-conditions-when-you-are-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:18:37 AM
Script:/article/466/you-should-never-ignore-these-conditions-when-you-are-pregnant.html