අධික ලෙස දහඩිය දුගද දැනෙනවා නම්, විසදුම් හොයන්නේ මෙහෙමයි

August 16, 2018
10,815
Reduce reasons for body odour
දහඩිය දැමීම සමාන්‍ය දෙයක් වුණත් තවත් කෙනෙක් ඔයාගේ දහඩිය දුගද නිසා අපහසුතාවට පත් වෙනවා නම් වරක් නෙමෙයි දෙවරක් ඔයාට ඒ ගැන හිතන්න සිදු වෙනවා. දහඩිය දැමීම ඔයාගෙ ශරිරයේ සෞඛ්‍යය සම්පන්න බවට ඉතාමත් වැදගත් වුණත් අසිමිතව ඔයාගේ සිරුරෙන් දහඩිය වහනය වෙනවා නම් එයට ඉක්මනින් පිළියම් හොයන්න ඔයාට සිදු වෙනවා. ඔයාට සමහරවිට ඔයාගේ දහඩිය දුර්ගන්ධය ගැටළුවක් නොවිය හැකියි. නමුත් ඔයා දිනපතා බසයක හෝ කෝචිචියක උදේ සවස ගමන් කරන කෙනෙක් නම් ඔයාටත් සමහර විට ඉවසා ගත නොහැකි තරමේ දහඩිය දුගද අනන්තවත් දැනිලා ඇති. ඉතිං මේ වගේ ඔයාගේ දහඩිය ගඳත් අනිත් අයට ඒ විදිහටම දැනෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඇයි? අධික ලෙස දහඩිය දුර්ගන්ධය වහනය වීම අඩු කර ගන්නේ කොහොමද කියලා ඔයාට කියලා දෙන්න අද Hadakari අපි තීරණය කළා ඔයා මේ ලිපිය කියවලම බලන්කෝ අධිය ලෙස දහඩිය දුර්ගන්ධය ඇති වෙන්නේ ඇයිද කියලා.

කිහිලිවල අධික ලෙස දහඩිය දැමීම

සමාන්‍යයෙන් අපේ සිරුර පුරාම දහඩිය දැමීම සිදු වුණත් දහඩිය දුගධ අපිට හොඳින්ම දැනෙන්නේ කිහිළි ආශ්‍රිත ප්‍රදේශයෙනුයි. එයට හේතුව වෙන්නේ දහඩිය වගේම කුණු දුහුවිලි රැඳිලා වැඩි වේලාවක් තියෙනවා. ඉතිං මේ වගේ ගැටළුවක් අවම කර ගන්න පුළුවන් දිනාපතා ස්නානය කිරීම මගින්. දිනපතා නාලා හොඳට පිරිසිදුව ඉන්න කෙනෙක්ගෙන් අධික ලෙස දහඩිය දුගද වහනය වෙන්නේ ඉතාමත් අඩුවෙන්. මොකද එවිට ඔයාගේ සිරුරේ දහඩිය වගෙම කුණු දුහුවිලි එකතු වෙන්නේ අඩුවෙන්.

මෙවැනි තත්ත්වයක් අඩු කර ගන්නේ කොහොමද?

ඔයාට අධික ලෙස දහඩිය දමනවා නම් ඒ වගේම අධික ලෙස දහඩිය දුර්ගන්ධය වහනය වෙනවා නම් ඔයාට පුළුවන් කිහිලි ආශ්‍රිතව තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරන්න. මොකද අධිකව රෝම තිබීමෙන් දහඩිය දැමීම වැඩියෙන් සිදු වෙනවා. ඒ වගේම ඔයා සිරුර පිරිසිදු කරන සෑම අවස්ථාවක කිහිලි ආශ්‍රිත ප්‍රදේශයේ හොඳින් සබන් යොදා පිරිසිදු කරන්න. පසුව තෙත මාත්තු කරන්න. අවශ්‍ය නම් ඔයාට පුළුවන් පර්ෆියුම් වර්ගයක් හෝ ඩියෝඩ්‍රන්ට් වර්ගයක් ආලේප කරන්න. මෙයින් දහඩිය දුගද වහනය වීම තරමක් අවම කර ගත හැකියි. ගොඩක් දෙනෙක් කරන්නේ දහඩිය දමා ඇති විට බියෝඩ්‍රන්ට් තැවරීම සිදු කරනවා. එයින් සිදු වෙන්නේ ඔයාගේ සිරුරේ දුර්ගන්ධය වැඩිපුර දැනීමයි.

සුවද විලවුන් භාවිත කිරීමෙන් කොහොමද දහඩිය දුගද අවම කර ගන්නේ?

ගොඩක් දෙනෙක් කුමන වර්ගයේ හෝ පර්ෆියුම් එකක් භාවිත කළත් දහඩිය දුගද අඩුවක් නැතුව වහනය වෙනවා. මෙයට ඔයා තෝරා ගන්න සුවඳ විලවුන් වර්ගය වගේම ඔයා එය ගැල්වීම සිදු කරන ආකාරය අඩු වැඩි වශයෙන් බලපානවා. මොකද ඔයා කොච්චර පර්ෆියුම් ගැහුවත් වැඩක් වෙන්නේ නෑ නිවැරදිව එය සිරුරේ තැවරීම සිදු නොකලොත්. ඔයාට ඔයාගේ සිරුරේ දහඩිය අවම කර ගන්න ඕන නම් පර්ෆියුම් එකක් භාවිත කරන කොට පහත ටිප්ස් ටික අනුගමනය කරන්න අමතක කරන්න එපා.

01. අධික සුවඳ තියෙන සුවද විලවුන් වර්ග තෝරා ගන්න එපා. සැර අඩු සෞම්‍ය සුවඳක් තියෙන සුවඳ විලවුන් වර්ගයක් භාවිත කරන්න.

02. සුවඳ විලවුන් ඔයාගේ සිරුරේ ගල්වන්න කලින් මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. ඒ මගින් ඔයා භාවිත කරන සුවඳ විලවුන් සුවඳ වැඩි වේලාවක් රඳවා තබා ගැනීමට හැකියි.

03. ගොඩක් සුවඳ විලවුන් ගැල්වීම සිදු කරන්නේ ඇඳුම් හා ආභරණ පැළඳුවාටත් පස්සෙයි. විශේෂයෙන්ම ඇඳුම්වලට තමයි ඔයා පර්ෆියුම් තැවරීම සිදු කරන්නේ. එය ඉතාමත් වැරදි ක්‍රමයක්. ඔයා සුවඳ විලවුන් ගැල්විය යුත්තේ ස්නානය කිරීමෙන් අනතුරුවයි.

04. අතේ මැණික් කටුව අසල හෝ ඔයාගේ ගෙල දෙපස සුවඳ විලවුන් ගැල්වීම සිදු කරන්න. පසුව දෑත් හොඳින් පිරිමැදිමෙන් වළකින්න.

05. ඔයා හිසකෙස් මත සුවඳ විලවුන් ගැල්වීම සිදුකරනවා නම් ඔයා හිස පීරණ බුරුසුව හෝ පනාව භාවිත කරන්න අමතක කරන්න එපා. මොකද මේ දේ ඔයා කරන්න ඕන හරි පරිස්සමට. ඉතා සැර ෆර්පියුම් වර්ගයක් වුණොත් ඔයාගේ හිසේ සමට එයින් බලපෑමක් ඇති විය හැකියි. ඒ නිසා ඔයාගේ පනාවට පර්ෆියුම් ස්වල්පයක් ඉසින්න. පසුව හිස පීරන්න. එවිට එහි සුවඳ දීර්ඝ වේලාවක් රැඳී තිබේවී. ඔයාගෙන් දහඩිය දුර්ගන්ධය වහනය වීමත් ටිකක් හරි අවම වේවී.

06. ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි දහඩිය දැමීමකදි විටින් විට පර්ෆියුම් ගැල්වීම සිදු කරන එක. එය ඉතාමත් වැරදියි. කුණු, දුහුවිලි හා දහඩිය එකතු වු ඇඳුම් වල හෝ සමට කොච්චර ඔයා සුවඳ විලවුන් ගැල්වීම සිදු කළත් එයින් ඔයාට ප්‍රයෝජනයක් ඇති ලැබෙන්නේ නෑ. ඇති වෙන්නේ අප්‍රසන්න බවක් පමණයි. මොකද මෙයින් සිදු වෙන්නේ දුර්ගන්ධය තවත් වැඩියෙන් දැනෙන්න පටන් ගැනීමයි.

07. ඔයාට පුළුවන් ඔයා නිවසෙන් එළියට යනකොට කොට්න් බට්න් කිහිපයකට සුවද විලවුන් ගල්වා එය පොළිතින් ආවරණයක බහා ඔයාගේ අත් බෑගයේ තියා ගන්න. තරමක් දුරට හෝ ඔයාට උපකාරී වේවී දහඩිය දුගද අවම කර ගන්න.

08. ඔයාගේ ඇඳුම්වල සුවඳවත් බව ආරක්ෂා කර ගැනීමෙන් යමතාක් දුරට හෝ ඔයාට පුළුවන් දහඩිය දුගඳ අවම කර ගන්න. ඔයා ඇඳුම් අල්මාරියේ පතුළට ටිෂු කිහිපයක් දමා ඒ මත සුවඳවිලවුන් ගැල්වීම සිදු කරන්න. එවිට ඔයාගේ ඇඳුම්වල සුවඳවත් බව ආරක්ෂා වෙලා තියෙනවා.

එකම ඇඳුම එක් වතාවකට වැඩියෙන් අඳින්න පුරුදු වෙන්න එපා

ඔයා කොච්චර කාර්යබහුල වුණත් එක ඇඳුම එක් වතාවකට වඩා අඳින නරක පුරුද්ද නම් තියා ගන්න එපා. විශේෂයෙන්ම ඔයාගේ යට ඇඳුම්. ඒ විතරක් නෙමෙයි ඔයා දිනපතා හොඳින් ඇඳුම් සේදුවට විතරක් මදි. ඒ ඇඳුම් තද අව්වවේ වියළා ගත යුතුයි. දහඩිය උරා ගන්නා කපු රෙදිවලින් නිම වු රෙදි වර්ග සහිත ඇඳුම් වැඩියෙන් තෝරා ගන්න අමතක කරන්න එපා. මොකද සිල්ක් වර්ගයේ ඇඳුම් වලට දහඩිය උරා ගන්නේ නෑ. එවිට දහඩිය දුගද වැඩියෙන් ඔයා තුළින් වහනය විය හැකියි. විශේෂයෙන්ම දෛනික ජීවන රටාව තුළ ඔයාගේ පෞද්ගලික පිරිසිදු කමට ඔයා යොමු කළොත් ඔයාට පුළුවන් තවත් කෙනෙක්ට අප්‍රසන්න බවක් ඇති නොවෙන විදිහට එදිනෙදා වැඩ කටයුතු ටික කර ගන්න.

අත්යට ලෙමන් ගල්වන්න

ලෙමන් වල ඇති ස්වභාවික ශරීරයේ ප්H අගය අඩු කිරීමේ ගුණය නිසා අත් අයට ඇති බැක්ටීරියා මර්ධනය කරනවා. ලෙමන් ගෙඩියක් දෙකට කපා එය අත් යට හොඳින් ගල්වා හොඳින් වියලෙන්න අරින්න. දැන් යන්තම් උණුසුම් වතුරෙන් සෝදා හරින්න. ඔබට සංවේදී සමක් ඇති නම් ඇල්මැරුණු වතුරට ලෙමන් යුෂ දමා එයින් අත් යට සෝදන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1023 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:48 AM
Script:/article/1023/reduce-reasons-for-body-odour.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:48 AM
Script:/article/1023/reduce-reasons-for-body-odour.html