රූපලාවන්‍ය රහස් ටිකක්

March 29, 2017
14,075
Beauty Tips & Tricks Every Woman Needs to Know
හැම කාන්තාවක්ම ලස්සනට ඉන්න ආසයි. ලස්සන වෙනවා කිව්වොත් නොකරන දෙයක් නෑ. නොගාන දෙයක් නෑ. සල්ලි ඇති නැති කියලා නෑ මොනවා හරි ක්‍රීම් වර්ගයක් නොගාන කාන්තාවක් හොයාගන්න බෑ. හැඩ වැඩි කරගන්න ආලේපන, ක්‍රීම් වර්ග වෙළ‍ඳ පොළේ ඕන තරම්. සමහර ඒවා ගිනි ගණන්. මිලක් ගෙවලා ගේන ආලේපන භාවිත කරන්න පුංචි පුංචි උපක්‍රම කිහිපයක් මේ.

කොණ්ඩෙ රුකගෙන කොන්ඩෙ පීරගන්න විශාල දැති සහිත පනාවක් භාවිත කරන්න. වියළි හිස කෙස් ඇත්නම් මේ කරැණ විශේෂයි. හිසකෙස් වියළිව ඇති විට පහසුවෙන් කැඩී යනවා. පනාවේ විශාල දැති ඇත්නම් කොණ්ඩෙ කැඩීම අවමයි.

කොණ්ඩයට තෙල් ආලේප කිරීම ගැන විවිධ මත තියෙනවා. බොහෝ දෙනා තෙල් ආලේප කරන්නත් කැමති නෑ. ඒත් රාත්‍රී නින්දට පෙර ස්වාභාවික තෙල් වර්ගයක් හිස් කබල පුරා පැතිරෙන සේ ගල්වන්න. කෙස්වල මුල සිට අග දක්වා හොඳන් පීරන්න. කෙස්වලට හොඳ බැබළීමක් ගෙන දෙනවා.

කොණ්ඩයට කන්ඩිෂනර් දැමීමෙන් පසුව සීතල වතුරෙන් සෝදා හරින්න. එවිට හිසකෙස්වලට වඩා දීප්තියක් ගෙන දෙනවා.

මුහුණේ ඇති සංවේදීම හා සෞම්‍ය කලාපය ඇස් වටා ඇති කලාපයයි. ඇස් අවට කලාපය සෝදන විට ඉතා මෘදුව සෝදන්න. කිසිම විටක ඇස් වටා අත තදින් සෝදන්න එපා.

ඇහිබැම මුහුණේ අලංකාරය වැඩි කරවන්නට හේතුවක්. ඒ නිසා ඇහි බැම විවිධාකාර හැඩවලට සකස් කරගන්න කාන්තාවෝ උනන්දු වෙනවා. ඇහිබැම සකස් කරද්දි බොහෝ දෙනාට වේදනාවක් ඇති වෙනවා. ඒ නිසා ඇහිබැම සකස් කිරීමට පළමුව උණු වතුරේ පොඟවන ලද පුළුන් කැබැල්ලකින් ඇහිබැම පිසදමන්න. ඒ ආශ්‍රිත සම මෘදු වීමෙන් වේදනාව අඩු වෙනවා. නැත්නම් ක්‍රීම් ස්වල්පයක් හෝ ආලේප කරන්න.

ඇස් වටා ක්‍රීම් හෝ කන්සීලර් ආලේප කරන විට මුදු ඇඟිල්ල භාවිත කරන්න. එම ඇඟිල්ලෙන් තද තෙරපුමක් ඇති වෙන්නේ නෑ.

ඇහිබැම අඳින විට සම්පූර්ණයෙන් අඳින්න එපා. හිස්තැන් පමණක් පුරවන්න.

මුහුණට ක්‍රීම් ගාන විට සැලකිලිමත් වෙන්න. ක්‍රීම් බිංදු කිහිපයක් මුහුණේ තැන් තැන්වල ආලේප කර උඩු අතට මෘදුව පිරිමදින්න. යටි අතට ආලේප කිරීමෙන් කාලයක් ගත වන විට මුහුණේ සම එල්ලා වැටීමට හේතුවක් විය හැකියි.

සතියකට වරක්වත් ස්ක්‍රබ් කරන්න. සමේ අඳුරැ පැහැය ඇති කරන මැරැණු සම ඉවත් වී පැහැපත් බවක් ඇති කරයි.

මුහුණේ කුරැලෑ ඇතිවීම වේදනාවක්, කරදරයක් වගේම අවලස්සනට හේතුවක්. කුරැලෑ කඩන්න එපා. විස බීජ ඇතුළු වී තුවාල ඇති විය හැකියි. තුවාල කැළල මැකී යන්න බොහෝ කාලයක් ගත වේවි.

නළල, නාසය, නිකට මුහුණේ ඇති තෙල් සහිත කලාපය. මේකප් ගැල්වීමෙන් පසුව ටිෂූ කඩදාසියක් තද කර තබා මේකප් එක අලුත් කරගත හැකියි.

ලිප්ස්ටික් ගානවිට සිනාසී ගාන්න. එවිට තොල්වල සෑම තැනකම හොඳින් ගෑවෙයි. තොල් එකම ආකාරයට වර්ණවත් වෙයි.

සමහර තොල් ආලේපන ගැල්වීමෙන් පසුව දිය වී වැගිරෙනවා. එවැන්නක් වළක්වා ගන්න ලිප්ස්ටික් ගාන්න පෙර කන්සීලර් ස්වල්පයක් තොල්වල ආලේප කරන්න.

නියපොතුවල ගැල්වූ කියුටෙක්ස් ඉවත් කිරීම ගැන එතරම් සැලකිල්ලක් නෑ. සමහර අය කියුටෙක්ස් හූරනවා. එහෙම වුණාම නියපොත්ත අවලස්සන වෙනවා. මේ සඳහා නේල් රිමුවර් එකක් භාවිත කරන්න. නේල් රිමුවර් ගැල්වූ පුළුන් කැබැල්ලක් නියපොත්ත මත ස්වල්ප වේලාවක් තබා එකවර පිස දමන්න.

කියුටෙක්ස් ආලේප කිරීමේදී එය කළ යුත්තේ කුඩා ඇඟිල්ලේ සිට මහපට ඇඟිල්ල දක්වායි.

දෙපා අලංකාරයට රෝම බාධාවක්. බොහෝ කාන්තාවන් දෙපාවල රෝම ඉවත් කරනවා. විවිධ ක්‍රම අනුගමනය කරනවා. නෑමෙන් පසුව ෂේව් කරන්න. සම මෘදුව ඇති නිසා ෂේව් කිරීම පහසු වෙනවා.

වියළුණු දෙපා අවලස්සනයි. පාදයේ යට, විළුඹ වියළි බවින් තොරව තබා ගන්න මඳ උණුසුම් වතුරේ විනාඩි පහක් පමණ දෙපා ගිල්වා තබන්න. වියළි සම ඉවත්ව පැහැපත් බවක් ගෙන දෙයි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 167 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:13 AM
Script:/article/167/beauty-tips-tricks-every-woman-needs-to-know.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:13 AM
Script:/article/167/beauty-tips-tricks-every-woman-needs-to-know.html