රහට උයන්න ආස අය මේ විදියට මාළු උයලා බලන්න

March 26, 2017
154,195
Fish Curry Recipe
තෝර මළු පෙති 6ක්
ලොකු ළූණූ ගෙඩි 2ක්
අඹරාගත්ත තක්කාලි ගෙඩි 2ක්
තලාගත්ත සුදු ළූණූ බික් 6ක්
තලාගත්ත ඉගුරු කෑල්ලක්
සියඹලා ඉස්ම තේ හැදි 1ක්
වතුර කෝප්ප 1/2ක්
ගම්මිරිස් ඇට තේ හැදි 1/2ක්
ලුණු පදමට
තුනපහ කුඩු තේ හැදි 2ක්
මිරිස් කුඩු තේ හැදි 3ක්
කහකුඩු තේ හැදි 1/2ක්
අබ ඇට තේ හැදි 1/2ක්
උළු හාල් තේ හැදි 1/4ක්
සූදුරු තේ හැදි 1/4ක්
අමු මිරිස් කරල් 2ක්
කරපිංචා ඉත්තක්
රම්පේ කොළ කෑල්ලක්
තෙල් මේස හැදි 2ක්

මුලින්ම මාලු වලට මිරිස් කුඩු හැදි 2ක්, කහ ස්වල්පයක්, ලුණු පදමට දමා හොදින් අතගාගෙන විනාඩි 30ක් පමන තියන්න. ඒ අතර සුදු ළූණූ තලා ගද්දි ඒකටම ගම්මිරිසුත් දාගන්න. පසුව තෙල් රත්කරලා මාළු ටික දෙපැත්තම හොදින් රන්වන් පැහැවනතුරු බැදගන්න. ඒ සදහා non stick pan එකක් භාවිතාකරන්න. තෙල් මේස හැදි 2ක් ප්‍රමාණවත්. මීලගට ඒ තෙල් වලටම අබ ඇට දාගෙන පුපුරන විට උළුහාල්, සූදුරු, ළූණූ, ඉගුරු, රම්පේ, කරපිංචා, අමු මිරිස් එකතු කර හොදින් තෙම්පරාදු කරගන්න. මද වේලාවකින් සුදු ළූණූ හා ඉතුරු වු සියළුම කුලුබඩු දමා කවලම් කරන්න. දැන් තක්කාලි සහ සියබලා ඉස්ම දාලා ආවරනය කරාලා විනාඩි 2ක් විතර තියලා වතුර දාන්න. පසුව හොදින් නටාගෙන එන විට මාළු දාලා මද ගින්නේ විනාඩි 10ක් විතර පිසගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

What are the young looking secrets of Madhuri Dixit
   24,808
   1,742

මධුරි ඩික්සිත් ගේ තවමත් තරුණ පෙනුමේ රහස කුමක්ද?

අපි ඇගේ මේ අඩු නොවන තාරුණ්‍යයේ රහස් පෙළ ඔබ වෙත ගෙන එන්නේ කියවලා අමතක කර දමන්න නම් නෙවෙයි. ඔබත් විසි ගණන් වල සිටම මේ යහපත් සිරිත්
20 Serious Questions You Should Ask Your Boyfriend
   21,900
   967

හිතේ හිරකරන් ඉන්නේ නැතිව ඔබේ ආදරවන්තයාගෙන් ඔබ ඇසිය යුතුම ප්‍රශ්න මෙන්න

ඔබ පෙම්වතියක් බිරිඳක් වෙන්න පුළුවන්. පෙම්වතියක්ව ඉන්න කාලයේදී අපි හරිම ආසයිනේ ඔහු එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉන්න
Don't ever think of marring a man like this
   5,634
   258

මේ වගේ පිරිමියෙක් එක්ක නම් කවදාවත් විවාහ වෙන්න තියා හිතන්න වත් එපා

විවාහ ජීවිතය රැක ගන්න ඕන නිසා අමාරුවෙන් හරි හැම දේම ඉවසා ගෙන හිටියත් කවදාවත් ඔයාට සතුටින් ජීවිතය ගෙවන්න බැරි වෙයි. ඒ නිසා මේ වගේ ගති
A new rage from Mallika Hemachandra specially for the season
   1,230
   176

නත්තල් සමය තවත් හැඩ කරන්නට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් නවතම ස්වර්ණාභරණ පෙළක්

මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් විසින් නත්තල් සමය වෙනුවෙන් නිමැවුණු සිය නවතම බැගේ(ට්) කට් (Baguette) දියමන්ති සහ කැරට් 22 සිය නවතම රන් ආභරණ එකතුව ඔවුන්ගේ ක්‍රෙස්කැට් හි විවෘත කරන ලද නවතම ශාඛාවේ දි පසු ගියදා

Latest Articles

Most Viwed