අඹ චට්නි

June 7, 2020
6,540
Mango Chutney
බත් වේලට චට්නි ටිකක් එකතු උනාම කෑම වේලේ රුචිය වැඩි වෙනවා. බලමුද අඹ චට්නි හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :

සාමාන්‍ය තරමේ පෙති කපාගත් බාගෙට ඉදුනු අඹ ග්‍රෑම් 225
සීනි ග්‍රෑම් 100
සුදුලූණු බික් 5
ඉඟුරු පෙති 3
අබ තේ හැඳි 2
කරාඹු නැටි 2
කරඳමුංගු 2
විනාකිරි මිලි ලීටර 75
මිරිස් කුඩු තේ හැඳි 1/2
ලුණු තේ හැඳි 1/4
සුල්තානා ග්‍රෑම් 50

සාදන ආකාරය :

01. අඹ ටිකට සීනි ග්‍රෑම් 50ක් එකතු කර පැය 3ක් තබන්න.

02. කරඳමුංගු සහ කරාඹුනැටි කොටා ගන්න.

03. සුදුලූණු, ඉඟුරු සහ අබ එකට දමා සිහින් වන තෙක් කොටා ගන්න.

04. පෑන් එකක් ලිප තබා, කොටාගත් කලමනා දමා එයට විනාකිරි, මිරිස් කුඩු සහ ලුණු එකතු කරන්න. එයට ඉතිරි සීනි ටිකද එකතු කර විනාඩි 10-15ක් පිස ගන්න.

05. දැන් එයට අඹ ටික එකතු කරන්න. විනාඩි 10ක් පිස ගන්න.

06. විනාඩි 10ක් පිසුනු පසු එයට සුල්තානා ටික එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් ඉවතට ගන්න.

07. සම්පූර්ණයෙන් නිවුණු පසු ජීවාණුහරණය කල බෝතලයක අසුරා කල් තබා ගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1639 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:27 PM
Script:/article/1639/mango-chutney.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:28 PM
Script:/article/1639/mango-chutney.html