විවාහයට පෙර කාන්තාවක් මේ කාරණා ගැන දෙපාරක් හිතන්න

September 4, 2017
8,086
6 wrong reasons to get married
විවාහය කියන්නේ අපේ ජිවිතයේ අපි තියන වැදගත් පියවරක්. ඒ නිසා, ඒ ගැන ආවට ගියාට තීරණයක් ගන්න පුළුවන් කමක් අපිට නැහැ. හැබැයි ඉතින් ගොඩක් අය වැඩ වරද්ද ගන්නෙත් විවාහය ගැන වැරදි තීරණ ඉක්මනින් ගන්න ගිහින්. ඇත්තටම ඇයි අපි විවාහ වෙන්න ඕනේ. විවාහ වෙන්න බලපාන හරි හේතු වගේම වැරදි හේතුත් ගොඩක් තියෙනවා. මේ හරි වැරදි හේතු හරියට තේරුම් ගත්තොත් නම් ඔබට පුළුවන් සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන කාන්තාවක් වෙන්න. ඒ නිසා අද අපි ඔබට කියන්න හිතුවේ විවහා වෙන්න ඕනේ කියලා කාන්තාවන් හිතන වැරදි හේතු කිහිපයක් ගැන. ඔබත් විවාහ වෙන්න ඉන්නේ මේ හේතු නිසා නම් ඔබට ඔබේ විවාහය ගැන දෙපාරක් හිතලා බලන්න වෙනවා.

1. ඔබේ මිතුරියන් සියලු දෙනාම විවාහ වෙලා නිසා

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. වටේ ඉන්න යාලුවෝ හැමෝම විවාහ වෙලා නම් හිතට පොඩි මදි කමක් වගේම බයකුත් දැනෙනවා තමන්ගේ විවාහය පරක්කු වීම ගැන. මේ නිසා මේ අය බලන්නේ ඉක්මනින්ම කවුරු හරි කෙනෙක් එක්ක විවාහ වෙන්න. මේක විවාහය ගැන තීරණයක් ගන්න තරම් හරි හේතුවක් නම් නෙවෙයි. මොකද ඔබ අනවශ්‍ය විදිහට බය වෙලා ඉක්මන් වෙනවා කියන්නේ ඔබේ තෝරා ගැනීම වැරදි එකක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

2. දෙමාපියන්ගෙන් ඈත් වෙන්න ඕනේ නිසා

ගොඩක් තරුණියන් හිතන්නේ දෙමාපියන්ගෙන් ඈත් වෙලා නිදහසේ ඉන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි විවාහ වෙන එක කියලා. මේ නිසා මේ අය බලන්නේ ඉක්මනින් විවාහ වෙන්න කෙනෙක් හොයාගෙන විවාහ වෙලා දෙමාපියන්ගෙන් ඈත්වෙලා යන්න. හැබැයි හිතලා බලන්න ඔබ දෙමාපියන්ගෙන් ඈත් වෙන්න කියලා හිතාගෙන විවාහයට තෝරාගත් කෙනා නිවැරදි කෙනා නොවුනොත් ඔබට වෙන්නේ ජීවිත කාලයම පසුතැවීමෙන් කාලය ගත කරන්න.

3. ඔහු පොහොසත් කෙනෙක් නිසා

ගොඩක් කාන්තාවන් විවාහය වරද්ද ගන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි මේක. සමහර කාන්තාවන් හිතන්නේ සල්ලි තියෙනවා නම් ජීවිතේ හොදින් ගත කරන්න පුළුවන් කියලා. හැබැයි මේ අයට තේරෙනකොට විවාහ ජිවිතයේ සතුට සල්ලි වලට ගන්න බැහැ කියලා මේ අය ගොඩක් පරක්කු වැඩියි. මේ නිසා කවදාවත් සල්ලි නිසා විවාහ වෙන්න එපා.

4. ඔහුව අහිමි කරගන්න බැරි නිසා

හිතන්න ඔබ තවමත් විවාහ වෙන්න සුදානම් නැහැ. නමුත් ඔහු ඔබට කියනවා ඔහුට විවාහ වීමට අවශ්‍ය බව. මෙතැනදී ඔබ ඔහු අහිමි වෙයි කියලා බය වෙලා විවාහයට කැමැත්ත ප්‍රකාශ කරොත් ඔබට ඔබගේ ජිවිතයේ ඉලක්ක ගොඩක් අත්හරින්න වෙනවා. මේ නිසා ඔබ තවමත් විවාහයට සුදානම් නැතිනම් ඒ බව ඔහුට කියන්න. ඔහු ඔබට ඇත්තටම ආදරෙයි නම් ඔහු ඔබ වෙනුවෙන් බලාගෙන ඉදියි.

5. ඔබේ හැම ප්‍රශ්නයකටම විසදුමක් කියලා හිතෙන නිසා

සමහර කාන්තාවන් හිතන්නේ තියෙන හැම ප්‍රශ්නයක්ම විවාහ වුනහම විසඳ ගන්න පුළුවන් කියලා. හැබැයි මතක තියාගන්න ඕනේ විවාහය කියන්න ඒකටම අවේනික වුනු ප්‍රශ්න සහ වගකීම් වලින් පිරුණු එකක්. මේ නිසා ඔබ තියෙන ප්‍රශ්න විසඳ ගන්න කියලා හිතලා විවාහ උනොත් ඔබට වෙන්නේ තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ගොඩකට විසදුම් හොයන්න.

6. කවුරුන් හෝ ඔබට බල කරන නිසා

ඔබට විවාහ වෙන්න කියලා දෙමාපියන් පවුලේ අය බල කරන නිසා කවදාවත් ඔබ විවාහයකට කැමැත්ත ප්‍රකාශ කරන්න එපා. මොකද විවාහය වෙන්නේ ඔබ මිසක් පවුලේ අය නෙවෙයිනේ. මේ නිසා ඔබට අවශ්‍ය නිසා මිසක් වෙන කිසිම කෙනෙක් කියන නිසා විවාහය ගැන තීරණයක් ගන්න එපා. එහෙම උනොත් ඔබට වෙන්නේ ජීවිත කාලයෙම ඒ අයට දොස් කිය කිය ඉන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 400 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:18 PM
Script:/article/400/6-wrong-reasons-to-get-married.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:48:19 PM
Script:/article/400/6-wrong-reasons-to-get-married.html