මාසික ඔසප් වීම ක්‍රමවත්ව සිදු වෙන්නේ නැත්තේ මේ නිසා වෙන්න පුළුවන්

October 2, 2017
13,729
What causes menstrual cycle irregularities?
මාසික ඔසප් වීම කියන්නේ කාන්තාවකගේ ජීවිතේ සිදුවෙන වැදගත්ම දෙයක්. මොකද මාසික ඔසප් වීම නිසි ආකාරව සිදු වෙනවා කියන්නේ ඒ කාන්තාව නීරෝගී කෙනෙක් කියන එක එකෙන් කියවෙනවා. හැබැයි බහුතරයක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ අයගේ මාසික ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදු නොවීම. මේ නිසා ගොඩක් කාන්තාවන් ඉන්නේ බයෙන්. ඒ විතරක් නෙවෙයි ඔසප් චක්‍රය අක්‍රමවත් උනාම ඔසප් වීම සිදුවෙන කාලයට දරාගන්න බැරි ඔසප් වේදනාවකුත් මේ කාන්තාවන්ට ඇති වෙනවා. ඒ නිසා අපි අද ඔබට කියන්න හිතුවේ මාසික ඔසප් වීම අක්‍රමවත් වීමට බලපාන හේතු කිහිපයක් ගැන. හැබැයි ඉතින් මේ ලිපිය කියවලා විතරක් ඉන්නේ නැතුව. ඔබේ ඔසප් චක්‍රයත් අක්‍රමවත් නම් අනිවාර්යෙන්ම වෛද්‍ය වරයෙක් හමුවෙලා උපදෙස් ලබාගන්නත් අමතක කරන්න එපා.

1. ගැබ් ගැනීම

ගැබ් ගැනීම නිසා ඔබේ මාසික ඔසප් වීම නතර වෙනවා. මේ නිසා ඔබ විවාහ වෙලා ඉන්න කාන්තාවක් නම් ක්‍රමවත්ව තිබුන ඔබේ මාසික ඔසප් වීම නතර උනා නම් බොහෝ විට එය ඔබ ගැබ් ගැනීම නිසා සිදු උන දෙයක් වෙන්න පුළුවන්. ඒ බව ඔබට වෛද්‍ය වරයෙක් හමු වෙලා සනාථ කරගන්න පුළුවන්.

2. මව් කිරි ලබාදීම

දරුවා ලැබීමෙන් පසු මවු කිරි ලබාදෙන කාලයේදී සමහර කාන්තාවන්ගේ මාසික ඔසප් වීම අක්‍රමවත් වෙනවා. මේකත් ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බලපාන සාමාන්‍ය කාරණාවක්.

3. ආහාර ගැනීමේ අක්‍රමිකතා

ඔබට ආහාර ලබාගැනීම සම්බන්ද යම් යම් ගැටළු තිබෙනවා නම් බොහෝ විට ඔබේ මාසික ඔසප් වීම අක්‍රමවත් විය හැකියි.

4. බර අඩු කර ගැනීමට දරන අධික උත්සාහය

ඔබත් බර අඩුකරගන්න අධික ලෙස උත්සහ කරන කෙනෙක් නම් ඔබේ මනසට සහ ශරීරයට දැනෙන වෙහෙස නිසා ඔසප් වීම අක්‍රමවත් විය හැකියි.

5. අධික ලෙස ව්‍යායාම වල නිරත වීම

සමහර කාන්තාවන් නිරෝගීව ඉන්න වැදගත් කියලා හිතලා අනවශ්‍ය ලෙස ව්‍යායාම කරනවා. මේ විදිහට අනවශ්‍ය ලෙස ව්‍යායාම කිරීමත් ඔසප් වීම අක්‍රමවත් වීමට හේතුවක්.

6. Polycystic ovary syndrome (PCOS)

මෙයත් කාන්තාවන් අතර බහුලව දකින්නට ලැබෙන රෝග තත්වයක්. කාන්තාවන්ගේ ශරීරයේ පිරිමි හෝමෝන වැඩිපුර ඇති විට මේ තත්වය ඇති වෙනවා. මේ නිසාත් ඔසප් වීම අක්‍රමවත් වෙනවා. අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකින් මේ රෝගී තත්වය හදුනාගත හැකියි.

7. Premature ovarian failure

මේ තත්වය තිබෙන කාන්තාවන්ගේ සාමාන්‍ය ඩිම්බකෝෂ ක්‍රියාකාරිත්වය අවුරුදු 40 ට පෙර අහිමිව යනවා. ඒ නිසා මේ කාන්තාවන්ගේ මාසික ඔසප් වීම අක්‍රමවත් වෙනවා.

8. ලිංගාශ්‍රිත රෝග

මෙවැනි තත්වයන් ගෙන් පීඩා විඳින කාන්තාවන්ගේත් මාසික ඔසප් වීම අක්‍රමවත් වීම සිදු විය හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 435 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:31 PM
Script:/article/435/what-causes-menstrual-cycle-irregularities.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:31 PM
Script:/article/435/what-causes-menstrual-cycle-irregularities.html