අවශ්‍ය ද්‍රව්‍ය :
රතු ලූණු හෝ ලොකු ලූණු ග්‍රෑම් 250
කෑලි මීරිස් මේස හැඳි 1
සීනි මේස හැඳි 1/2
සියඹලා පේස්ට් මේස හැඳි 1/2
කුරුඳු අඟල් 1ක කැබැල්ලක්
කරාඹු නැටි 2
එනසාල් 2
කරපින්චා ඉති 2
තෙල් මේස හැඳි 2
ලුණු රස පදමට
සාදන ක්‍රමය:
01. ලූණු සුද්ද කර සිහින්ව කපාගන්න.
02. ඝන අඩියක් සහිත භාජනක (නොන් ස්ටික් පෑන් එකක් වඩාත් සුදුසුයි) තෙල් රත් කරගන්න.
03. තෙල් රත් වීගෙන එන විට කුරුඳු, කරාඹු නැටි, එනසාල් සහ කරපින්චා කොල ටික තෙලට එකතු කරන්න.
04. කුලුබඩු ටික පිච්චෙන්න දෙන්න එපා.
05. ලූණු එකතු කරන්න. විනාඩි පහක් පමණ ලූණු යන්තමින් දුඹුරු පැහැවන තෙක් පිස ගන්න.
06. එයට කෑලි මිරිස්, ලුණු, සියඹලා පේස්ට් එක, සහ සීනි එකතු කරන්න. ලූණු වල හොඳින් තැවරෙන සේ මිෂ්‍ර කරගන්න.
07. ලූණු දුඹුරු පැහැ වන තෙක් විනාඩි 5ක් 8ක් පමණ පිස ගන්න.
08. ලිප නිවා සීනි සම්බෝලය විනාඩි පහක් පමණ නිවෙන්න හැර පිළිගන්වන්න.