රස නහර පිනා යන සුවඳකින් වගේම රසයකින් පිරුණු බත් එකක් තමයි ගෝවා බත් කියන්නේ. ගෙදර ඉන්න දවසට හදලා හැමොත් එක්කම රස විඳින්න
අවශ්‍ය ද්‍රව්‍ය :
උයාගත්ත බත් කෝප්ප 2
කපා ගත් ගෝවා කෝප්ප 2
තෙල් මේස හැඳි 3
අබ ඇට තේ හැඳි 3/4
සූදුරු තේ හැඳි 1
කරපින්චා කොළ 5
රට කජු මේස හැඳි 2
දෙකට පලා ගත්ත අමු මිරිස් කරල් 1
කපා ගත් ළුණු ගෙඩි 1/2
කපා ගත් පොඩි කැරට් අල 1
කපා ගත් මාලු මිරිස් මේස හැඳි 2
ලුණු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4
මිරිස් කුඩු තේ හැඳි 1/2
මසාලා කුඩු තේ හැඳි 1/2
ගා ගත් පොල් මේස හැඳි 2
කපාගත් කොත්තමල්ලි කොළ පොඩ්ඩක්
සාදන ක්‍රමය :
01. භාජනයක් ගෙන ලිපේ තබා එයට තෙල්, අබ, සූදුරු, කරපින්චා එක් කරන්න.
02. දැන් රටකජු ටිකත් දාලා බැදෙන්න තියන්න.
03. රට කජු ටික බැදෙනකොට ළුණු, අමු මිරිස් එකතු කරලා බැදගන්න.
04. පසුව කැරට් මාලු මිරිස් ටික එකතු කරන්න.
05. හොඳට තෙම්පරාදු වීගෙන එනකොට ගෝවා ටික එකතු කරගෙන විනාඩ් 3ක් විතර ලිපේ තියා එයටම ලුණු ටිකකුත් දාන්න.
06. ඊලගට මසාල කුඩු, මිරිස් කුඩු, කහ කුඩු එළවළු මිශ්‍රණයට එකතු කරගන්න.
07. දැන් ගින්දර ටිකක් අඩු කර බත් ටික එළවලු මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
08. බත් ටික දැම්මට පසුව පියනකින් වහලා විනාඩි 3ක් විතර ලිපේ තියාගන්න
09. අවසානයට ගාගත් පොල්, කොත්තමල්ලි කොළ ටිකයි බත් එකට එකතු කරලා කලවම් කරන්න.