ලස්සන දෙතොලක හිමිකාරිනියක් වෙන්නේ මෙහෙමයි

April 4, 2017
12,328
Ways to Prevent Dry Chapped Lips
කාන්තාවකට ලස්සන දෙතොලක් හිමිවෙනවා කියන්නේ එය ඇයගේ සුන්දර බවට වැදගත්ම වෙන දෙයක්. මොකද නිරෝගී දෙතොලක් හිමි කාන්තාවකට පුළුවන් ඉක්මනින්ම සියලු දෙනාගේම ආකර්ෂණය දිනාගන්න. නමුත් හැම කාන්තාවකටම තියන ප්‍රශ්නයක් තමයි දෙතොල් වියළි භාවයට පත්වී පැලීම. මෙය ඔබේ දෙතොල් අවලස්සන කරනවා වගේම වේදනාවකුත් ඔබට ඇති කරනවා. අද අපි ඔබට කියන්නේ මේ ප්‍රශ්නයෙන් නිදහස් වෙලා ලස්සන දෙතොලක හිමිකරිනියක් වෙන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන

1. මුහුණ සේදීමට පෙර දෙතොල් වල lip balm ටිකක් අලේප කරන්න

අප මුහුණ සේදීමට භාවිතා කරන සමහර සබන් සහ face wash වර්ග දෙතොල්වල ගෑවීමෙන් ඔබේ දෙතොල් වියළි භාවයට පත්විය හැකියි. මේ නිසා මුහුණ සේදීමට පෙර lip balm ස්වල්පයක් දෙතොල්වල අලේප කිරීමෙන් මේ තත්වය ඔබට මගහරවා ගත හැකියි.

2. දෙතොල් සැපීමෙන් වලකින්න

බොහෝ දෙනා තොල් වියලි භාවයට පත්වූ පසු කරන්නේ දෙතොල් සපමින් හම ගිය තැන වල සම ඉවත් කිරීමයි. මේ නිසා ඔබේ දෙතොල් තව තවත් තුවාල වෙනවා වගේම ඔබේ තොල් මත ඇති දෙතොල් වලට හිතකර ස්භාවික තෙල් ගතියත් ඉවත්ව යනවා.

3. මී පැණි සහ සීනි මිශ්‍ර කර තොල් මත ආලේප කර සියුම්ව පිරිමදින්න

ඔබේ තොල් පැලී සම ගැලවී ඇත්නම් අතින් ඒවා ඉවත් කිරීමට නොයා මීපැණි බිංදු 3කට සීනි ස්වල්පයක් දමා සකස් කරගත් මිශ්‍රණය ආලේප කර සියුම්ව දෙතොල් පිරිමදිමින් ගැලවී ඇති සම ඉවත් කරන්න. මේ නිසා ඔබේ දෙතොල් වලට පෝෂණයක් ලැබෙනවා වගේම දෙතොල් ඉක්මනින්ම යථා තත්වයට පත්ව පැහැපත් පෙනුමක් ලබාදෙනවා.

4. එඩරු තෙල්

දවසට දෙතුන් වතාවක් එඩරු තෙල් දෙතොල් වල ආලේප කිරීම මගින් ඔබට දෙතොල් වියළි භාවයට පත්වීම වලක්වා ගත හැකියි. ඒ වගේම නින්දට යාමට පෙරත් මෙය දෙතොල් මත ආලේප කිරීමෙන් දෙතොල් වලට අවශ්‍ය තෙතමනය රාත්‍රී කාලය පුරාවටම ආරක්ෂා කර ගත හැකියි.

5. රෝස වතුර සහ මීපැණි

රෝස වතුර මේස හැන්දකට මීපැණි මේස හැන්දක් එක් කිරීමෙන් සකස් කරගත් මිශ්‍රණය දිනපතා දෙතොල් මත ආලේප කිරීමෙන් ඔබට පැහැපත් සුන්දර වගේම නිරෝගී දෙතොලක් හිමිකරගත හැකියි.

6. නාසයෙන් හුස්ම ගන්න

ඔබ කටින් හුස්ම ගන්නවා කියන්නේ ඔබේ දෙතොල් ඉක්මනින් වියලි භාවයට පත්වෙන්න එය හේතුවක් වෙනවා. මේ නිසා නිතරම නාසයෙන් හුස්ම ගන්න. විශේෂයෙන් වියලි සහ සීත කාලගුණයක් පවතින දවස් වල.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 181 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:30 AM
Script:/article/181/ways-to-prevent-dry-chapped-lips.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:30 AM
Script:/article/181/ways-to-prevent-dry-chapped-lips.html