ඔබත් මේ වගේ කෙනෙක් නම් කිසිම පිරිමියෙක් ඔබට කැමති වෙන්නේ නැහැ

June 19, 2017
14,720
5 Ways You Are Accidentally Making men Dislike You
කාන්තාවකගේ ලස්සන තියෙන්න ඕනේ මුහුණේ විතරක් නෙවෙයි. ඇය හදවතිනුත් ලස්සන කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට අපිට මුණගැසෙන කාන්තාවන් දිහා බැලුවහම ඒ අය පිටතින් කොච්චර ලස්සන උනත් ඇතුලෙන් කොච්චර නරක අයද කියන එක අපිට දැනෙනවා.

ඇත්තටම කාන්තාවක් හැසිරෙන විදිහට තමයි ඇය අනිත් අයගේ ප්‍රසාදයට වගේම අප්‍රසාදයටත් ලක් වෙන්නේ. මේ නිසා අද අපි ඔබට කියන්න හිතුවා කාන්තාවක් පිරිමියෙක්ගේ අප්‍රසාදයට ලක් වෙන්න හේතු වෙන හැසිරීම් කිහිපයක් ගැන. ඔබ ලඟත් මේ හැසිරීම් තියෙනවා නම් අදම ඒ දේවල් වෙනස් කර ගන්න බලන්න.

1. අහංකාර වීම

මේ නම් කාන්තාවක් ළඟ තියෙන්න හොදම නැති ගතිගුණයක්. සමහර කාන්තාවන් හැසිරෙන්නේ හරියට ඒ අය තරම් ලස්සන උගත් වෙන කිසිම කෙනෙක් නැති විදිහට. සරලවම කිවුවොත් මේ අය ඇවිදින්නේ අඩි දෙක තුනක් උඩින්. මේ වගේ කාන්තාවන්ට පිරිමි අය නම් කොහොමටවත් කැමති නැහැ. පිරිමි අය විතරක් නොවෙයි කිසිම කෙනෙක් මේ වගේ කාන්තාවන්ට කැමති නැහැ.

2. අනෙක් අයව පාලනය කරන්න උත්සහ කිරීම

සමහර කාන්තාවන් ඉන්නවා මේ අය නිතරම ඉන්නේ තරහෙන්. මේ අයට ඕනේ අනිත් හැම කෙනෙක්ම මේ අයට ඕනේ විදිහට වැඩ කරන්න. මේ නිසා මේ කාන්තාවන් තමන්ගේ වටේ ඉන්න අයව විතරක් නෙවෙයි, අහම්බෙන් ඒ අයට හම්බෙන අයව උනත් බලන්නේ එයාලට ඕනේ විදිහට පාලනය කරන්න. මේ කාන්තාවන්ටත් කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ.

3. තනිව යමක් කල නොහැකි කාන්තාවන්

මේ ගතිගුණය තියන කාන්තාවන්ට ජිවිතයේ කිසිම දෙයක් වෙනත් කෙනෙක්ගේ උදවුවක් නැතුව කරගන්න බැහැ. මේ අය මොන දේ කරත් අනිත් අයගෙන් සහයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ වගේ ඉන්න බහුතරයක් කාන්තාවන් මේ විදිහට කරන්නේ ඇත්තටම ඒ අයගේ තියෙන අසරණකමකට නම් නෙවෙයි. ඒ අයගේ තියෙන කම්මැලිකමට සහ කපටිකමට. මේ නිසා බොහෝ දෙනා මේ වගේ කාන්තාවන්ට කැමති නැහැ.

4. ආත්මාර්ථකාමී වීම

සමහර කාන්තාවන් ඉන්නවා මේ අය හිතන්නේ ඒ අයගේ සුවපහසුව, අවශ්‍යතාවයන් ගැන විතරයි. අනෙක් අයගේ අවශ්‍යතාවයන් ගැන මේ අයට කිසිම හැගීමක් නැහැ. ඒ වගේම මේ වගේ කාන්තාවන් ලග කිසිම විදිහක මානුෂිය හැගීම් නැහැ. මේ නිසා බොහෝ අය අකමැතියි මේ වගේ කාන්තාවන්ට.

5. ජිවිතයේ කිසිම පිළිවෙලක් නැති කාන්තාවන්

මේ වගේ කාන්තාවන්ට තමන් ගැන තියා තමන් අවට සිද්ධ වෙන දේවල් ගැන වත් කිසිම ගානක් නැහැ. ඒ වගේම මේ අය කරන කිසිම වැඩක පිළිවෙලක් නැහැ. ඔවුන්ට මිනිස්සු ඔවුන් ගැන කියන දේවල් ගැන වත් කිසිම ගානක් නැහැ. මේ වගේ කාන්තාවටත් පිරිමි කිසිම අවස්ථාවක කැමති වෙන්නේ නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 317 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:34:25 PM
Script:/article/317/5-ways-you-are-accidentally-making-men-dislike-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:34:26 PM
Script:/article/317/5-ways-you-are-accidentally-making-men-dislike-you.html