ෆ්‍රෙන්ච් ටෝස්ට් කියන්නේ එක එක විදිහට හදන්න පුලුවන් කෑමක්නේ. ලංකාවේ අපේ වැඩි කැමැත්ත තියෙන්නේ සේවරි කෑමට. ඉතින් කලබල උදෑසනට, කම්මලි සති අන්තයට ලේසියෙන්ම හදන්න පුලුවන් කෑමක් තමයි මේක.
බිත්තර (සුදුමද ) 3
පාන් පෙති 4
කිරි මිලි ලීටර 200
බටර් මේස හැන්දක් පමණ
සුදු ලූණු බික් 3
කරපින්චා කොල ටිකක්
1. සුදු ලූණු සහ කරපින්චා සිහින්ව කපා ගන්න.
2. පාන් පෙති හරහට දෙකට කපා ගන්න.
3. බිත්තර සුදුමද ටික කට පළල් නොගැඹුරු භාජනයක ගෑරොප්පුවකින් හෝ හෑන්ඩ් විස්කර් එකකින් හොඳින් ගසා ගන්න.
4. එයට කිරි, කපාගත් කරපින්චා, සුදු ලූණු එකතු කර මිශ්‍ර කරන්න.
5. පාන් පෙති බිත්තර මිශ්‍රණයේ පොඟවන්න.
6. පාන් පෙති පෙඟෙන අතර තුර නොන් ස්ටික් පෑන් එකක බටර් ටික රත් කරන්න.
7. එක පැත්තක් විනාඩියක් පමණ වන සේ පාන් පෙති ටික දෙපැත්තම මද ගින්දරේ පිස ගන්න.
8. රස්නෙන් පිළිගන්වන්න.