ඉන්නල තම්බලා හෝ කරියක් විදිහට කන්න පුරුදු වෙලා ඉන්න අයට අලුත් රහකට ඉන්නල උයන හැටියි මේ කියන්නේ. විනාඩි 40කින් විතර කාලයකින් හදගන්න පුළුවන් මේ ඉන්නල නියඹලාව 6දෙනෙකුට පමණ සෑහෙනවා.
ඉන්නල නියඹලාව හදන්න අවශ්‍ය දේවල් :
ඉන්නල ග්‍රෑම් 500
කහ කුඩු තේ හැඳි 1/4
දියකිරි අඬු කෝප්ප 2
තුනපහ කුඩු ග්‍රෑම් 20
ඉඟුරු ග්‍රෑම් 20
සුදු ළූණු ග්‍රෑම් 20
අමු මිරිස් (කපාගත්) කරල් 2
රතු ළූණු ග්‍රෑම් 20
අබ ඇට ග්‍රෑම් 10
කරපිංචා කිනිත්තක්
පොල් (ගාගත්) ග්‍රෑම් 100
මිටි කිරි අඬු කෝප්ප 2
ලුණු, ගම්මිරිස් රස පදමට
ඉන්නල නියඹලාව හදමු :
1. ඉන්නල සෝදා පොතුහැර ගෙන එයට ලුණු, ගම්මිරිස්, කහ කුඩු සහ සියලූම තුනපහ වර්ග ද එක්කර දියකිරෙන් තම්බා ගන්න.
2. දැන් ඉඟුරු, සුදු ළූණු, අමු මිරිස්, රතු ළූණු, අබ, කරපිංචා, පොල් සමඟ අඹරා ගන්න.
3. එසේ අඹරාගත් මිශ්‍රණය ඉන්නලවලට දමා කලවම් කරගන්න.
4. පසුව එයට මිටි කිරි එකතු කර උතුරුවා ලිපෙන් බා ගන්න