තුනී ඇහිබැමි තියෙන හොඳම විසඳුම වැස්ලින් හා පොල්තෙල් වලින්

April 17, 2018
12,549
Have a thick eye brows with vaseline and coconut oil
ඇස් කියන්නේ කාන්තාවකගේ සුන්දරත්වය වැඩි කරන තවත් අංගයක්. වචන වලින් කියන්න බැරි ගොඩක් දේවල් ඇස් වලින් කියන්න පුළුවන් කියනවනේ. තවත් කෙනෙක් අපි දිහා බලද්දී මුලින්ම බලන්නේ අපේ ඇස් දිහා. අන්න ඒ නිසා තමයි ඇස් දෙක ලස්සනට තියා ගන්න ඕන. ඒ වගේම ඇස් වල ආරක්ෂාව ගැනත් ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුයි.

ඇස් වල ආරක්ෂාව සඳහා තමයි ඇහිබැමි දෙකක් අපිට පිහිටලා තියෙන්නේ. ඇස් වලට සිදුවෙන්න පුළුවන් විවිධ හානිදායක තත්වයන් වලින් එය ආරක්ෂා කරනවා. ඇතැම් අයගේ ඇහිබැමි ප්‍රමාණවත් තරම් ඝණව පිහිටා තිබුනත් තවත් සමහර අයගේ එය ගොඩාක් තුනීව පිහිටනවා. තුනී ඇහිබැමි දෙකක් පිහිටලා තියෙන අයට පොල්තෙල් වලින් දැන් විසඳුම් ලබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබට පොල්තෙල් විවිධ ආකාරයට භාවිතා කරන්න පුළුවන්. කියවලා බලලා පහසු ක්‍රමයක් භාවිතයෙන් තුනී ඇහිබැමි වලට සත්කාර කරන්න.

1. පොල් තෙල් සහ එඬරු තෙල්

එඬරු තෙල් කියන්නේ තුනී ඇහිබැමි වලට හොඳ සත්කාරයක්. මේද අම්ල, මිනරල් හා පෝෂණ ගුණයන් රැසක් එහි අඩංගුයි. කුඩා භාජනයක් අරගෙන පොල් තෙල් තේ හැන්දක් හා එඬරු තෙල් තේ හැඳි භාගයක් මිශ්‍ර කරන්න. ඊට පස්සේ කොට්න් බඩ් එකකින් ඇහිබැමි වල ආලේප කරන්න. මිනිත්තු 2 ක් පමණ සියුම්ව ඇඟිලි වලින් පිරිමදින්න. රාත්‍රී නින්දට පෙර මේ සත්කාරය සිදු කර උදෑසනට සෝදා ඉවත් කරන්න. අවම වශයෙන් සතියකට 3 වතාවක් පමණ සිදු කරන්න.

2. ඔලිව් තෙල් සහ පොල්තෙල්

ඔලිව් තෙල් විටමින් E වලින් පොහොසත් වන අතර ඇහිබැමි වේගවත් ලෙස වර්ධනය කරන්නත් ඝන ඇහිබැමි සඳහාත් එහි ගුණයන් උපකාරී වනවා. පොල් තෙල් තේ හැන්දකට ඔලිව් තෙල් තේ හැඳි භාගයක් මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න. විනාඩි කිහිපයක් සම්භාහනය කර උදෑසන සෝදා ඉවත් කරන්න.

3. වැස්ලින් සහ පොල්තෙල්

වැස්ලින් දිගු, ඝණ මෙන්ම ශක්තිමත් ඇහිබැමි වර්ධනය කිරීමට උපකාරී වෙනවා. පොල් තෙල් තේ හැන්දකට වැස්ලින් තේ හැඳි 1/2 ක් මිශ්‍ර කර තුනී ඇහිබැමි මත ආලේප කරන්න. විනාඩි කිහිපයක් සම්භාහනය කර විනාඩි 20කින් පමණ සෝදා ඉවත් කරන්න. මෙය රාත්‍රියේ ආලේප කරත් ගැටළුවක් නෑ.

4. ලෙමන් යුෂ සහ පොල්තෙල්

ලෙමන් යුෂ අනවශ්‍ය ලෙස මතු වී එන තෙල් පාලනය කරනවා. ඒ වගේම කුණු දූවිලි ඉවත් කරනවා. ලෙමන් ගෙඩි භාගයක යුෂ වලට පොල්තෙල් මේස හැඳි භාගයක් මිශ්‍ර කර ඇහිබැමි මත ආලේප කරන්න.

මේ සත්කාර වලින් එකක් හෝ කිහිපයක් අවම සතියකට තුන් වරක් වත් try කරන්න. හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඔබට අමාරු වෙන එකක් නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   56,678
   46

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to reduce under arm sweating
   27,026
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   57,274
   18

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
Seeni Sambol Recipe
   10,675
   17

සීනි සම්බෝල - Recipe

කිරිබතක්, ඉඳිආප්ප ටිකක්, රෝස් පාන් කෑල්ලක් කනකොට සීනි සම්බොලයක් ගෙදරම හදා ගත්තොත් ඒ ආහාර වේල සතුටින් රසවිඳින්න පුලුවන් වෙයි
Changes in your body if you consume cod-liver oil daily
   98,300
   17

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි

Latest Articles

Most Viwed