දුඹුරු සීනි වලින් හිසකෙස් වලට ලැබෙන පෝෂණ සත්කාර

November 9, 2018
14,701
Brown sugar for hair
දුඹුරු සීනි ඔයාගේ හිසකෙස් වල ගුණාත්මක් බව වැඩි කර, හිසකෙස් කැඩී යාම අඩු කර, හිස් කබලේ ඇති කුණු දූවිලි ඉවත් කර, හිසකෙස් වලට පෝෂණය ලබා දෙනවා. දුඹුරු සීනි මගින් ශරීරයේ විෂ ඉවත් කල හැකි අතර හිසකෙස් වලට ස්වභාවික තෙත් බවක් ද දුඹුරු සීනි වලින් ලබා දෙනවා. දුඹුරු සීනි වල සුදු සීනි වලට වඩා මෘදු බවක් ඇති නිසා හිස කබලට හානියක් නොකරම හිසකබලේ ඇති රෝග සුවපත් කිරීමට උපකාර වෙනවා. අද හැඩකාරි අපි ඔයාට ඔයාගේ ගෙදර කුස්සියේ තියෙන දුඹුරු සීනි වලින් ඔයාගේ හිසකෙස් සහ හිස්කබලට ලැබෙන පෝෂණ සත්කාර කිහිපයක් ගැන කියන්නයි යන්නේ.

ඕට්ස් සමග දුඹුරු සීනි

අවශ්‍ය ද්‍රවය :
දුඹුරු සීනි තේ හැඳි 2
ඕට්ස් තේ හැඳි 2
කන්ඩිෂනර් තේ හැඳි 2
ඔලිව් තෙල් තේ හැඳි 2
කුඩා භාජනයක් ගෙන දුඹුරු සීනි සහ ඕට්ස් මිශ්‍ර කර එයට කන්ඩිෂනර් එකතු කර අන්තිමට ඔලිව් තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කර හිස්කබලට සහ හිස කෙස් වලට ගා හිස කෙස් පිරිමැද නාන්න. මෙම සත්කාරය මගින් ඔයාගේ හිස්කබලේ වියලී ඇති ඝන අපද්‍රව්‍ය  ඉවත් කර හිස්කබලේ රුධිර ගමනාගමනය වැඩි කරනවා.

ලෙමන් යුෂ සමග දුඹුරු සීනි 

අවශ්‍ය ද්‍රවය :
දුඹුරු සීනි තේ හැඳි 2
ලෙමන් යුෂ තේ හැඳි 2
ඔලිව් තෙල් තේ හැඳි 2
ලුණු තේ හැඳි 1
බඳුනක් ගෙන පළමුව දුඹුරු සීනි සහ ලුණු මිශ්‍ර කර එයටම ලෙමන් යුෂ සහ ඔලිව් තෙල් දමා හැන්දක් ආධාරයෙන් මිශ්‍ර කරන්න.  මිශ්‍රණය හිසේ ගල්වා පසුව සෝදා හරින්න . ඔයා හිස්සොරි ගැන වදවෙනවා නම් මෙම සත්කාරය මගින් හිස්සොරි නැති කර ගන්නත් හිරුගේ අහිතකර කිරණ වලින් ආරක්ෂා වීමටත් හැකියාව ලැබෙනවා.

බේකින් සෝඩා සමග දුඹුරු සීනි

අවශ්‍ය ද්‍රව්‍ය :
දුඹුරු සීනි තේ හැඳි 1
ෂැම්පු තේ හැඳි 1
Tea tree තෙල් තේ හැඳි 3
බේකින් සෝඩා තේ හැඳි 1 
සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කර හිස් කබලේ ගලවා සම්භාහනය කර, මිනිත්තු කිහිපයකින් මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න. මෙම සත්කාරය මගින් රුධිර සංසරණය වැඩි කරවා වගේම හිසේ බැක්ටීරියා ඉවත් කර හිසකෙස් වලට වන බාහිර හානි වලින් හිස කෙස් ආරක්ෂා කරනවා. ඔයාගේ හිසකෙස් වර්ණ ගන්වලා නම් මෙම සත්කාරය කරන්න එපා. මාසයකට සැරයක් මේ සත්කාරය කිරීම සුදුසුයි.

දුඹුරු සීනි වලින් හිසකෙස් වලට පෝෂණයය වගේම හිසකෙස් කැඩී යාමෙන්ද වලක්වා ගන්න පුළුවන් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1158 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:14:04 PM
Script:/article/1158/brown-sugar-for-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:14:04 PM
Script:/article/1158/brown-sugar-for-hair.html