මසාලා මාලු පෙති

January 21, 2019
4,664
Masala Fried Fish Recipe
කටට රසට අපි සාමන්‍යයෙන් මාළු බැදලා කන විදිහට වෙනස් හැබයි පොඩ්ඩක් වත් අමාරු නැති විදිහට මාළු හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

ග්‍රයින්ඩ් කිරීමට-
ලූණු ගෙඩි 1 (ලොකු)
ඉඟුරු සුදු ලූණු පේස්ට් තේ හැඳි 1
කුරුඳු පොතු පොඩි කැබැල්ලක්
කරාඹු නැටි 3-4
කොත්තම්මල්ලි ඇට තේ හැඳි 1
සූදුරු ඇට තේ හැඳි 1/2
ගම්මිරිස් ඇට තේ හැඳි 1/2
මහදුරු ඇට තේ හැඳි 1/4

පදම් කිරීමට-
තෝරා මාළු පෙති 4-5
කහ කුඩු තේ හැඳි 1/4
මිරිස් කුඩු තේ හැඳි 1/2
දෙහි යුෂ තේ හැඳි 1
රස පදමට ලුණු

බැදීමට තෙල්

සාදන ආකාරය :

01. ග්‍රයින්ඩ් කිරීමට ගත් අමුද්‍යව්‍ය සියල්ල එකට ග්‍රයින්ඩ් කර පේස්ට් එකක් සාදා පසෙකින් තබන්න.

02. පිරිසිදු කරගත් මාලු ටික පදම් කිරීමට ගත් සියල්ල එකතු කර (දෙහි යුෂ අවසානයේ එකතු කරන්න.) පදම් වෙන්න හරින්න. විනාඩි 30ක් පමණ.

03. දැන් ග්‍රයින්ඩ් කරගත් පේස්ට් සියල්ල මාලු වල හොඳින් තවරන්න.

04. ගෑරොප්පුවකින් මාළු ටිකේ සිදුරු සිටින සේ අනින්න.

05. තව විනාඩි 30ක් එසේ තබන්න.

06. නොන්ස්ටික් පෑන් එකකට තෙල් හැන්දක් පමණ රත් වෙන්න තබා දෙපැත්ත හරවමින් තෙලේ හොඳින් පිස ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1237 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:45:34 PM
Script:/article/1237/masala-fried-fish-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:45:35 PM
Script:/article/1237/masala-fried-fish-recipe.html