තම්බාගත් ඉරිගු කෝප්ප 2ක්
මොසෙරැල්ලා චීස් කෝප්ප 1ක්
පාන් පිටි තේ හැදි 4ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
කිරි කෝප්ප 1ක්
පාන් කුඩු
තෙල් බෝතල් 1/2ක්
මුලින්ම තම්බාගත් ඉරිගු blender එකක දමා හොදින් අඹරා ගන්න. පසුව එයට ලුණු, සිහින්ව කපාගත් අමු මිරිස්, ගම්මිරිස්, චීස් එකතු කරගෙන හොදින් අනාගන්න. හොදින් මිශ්‍රකරගත් පසුව කට්ලට් වගෙ බෝල හදාගන්න. පසුව හදාගත්ත බෝල ශීතකරණයේ විනාඩි 10-15ක් පමන තියන්න. ඊට පස්සේ හැම බෝලයක්ම කිරි වල ගිල්වාගෙන පාන්කුඩු සමගින් තවරා ගැඹුරු තෙලේ පරිස්සමින් බැදගන්න. බලන්න මස් මාළුම ඔනි නැහැ කටට රහට කන්න. හදලම බලන්නකෝ.