රසවත් රාබු වට්ටොරු කීපයක්

November 7, 2019
5,053
Some radish recipes
ලොකු කුඩා කාගේත් අද වෙනකොට දකින්න ලැබෙන ප්‍රශ්ණයක් තමයි ඇඟේ ප්‍රතිශක්තීකරණය නැති කම. ඉතින් අපි හරි ඉක්මනට ලෙඩ වෙනවා. රාබු ගොඩ දෙනෙක් කන්න අකමැති උනත් එහි ප්‍රතිශක්තීකරණ ගුණය ඉතා ඉහලයි. මේ විදි වලට රාබු හැදුවොත් කවුරුත් කන්න බෑ කියන එකක් නෑ.

රාබු අච්චාරු

ඒ අතරින් රාබු අච්චාරුවක් හදා ගන්නේ මෙහෙමයි.

උවමනා දේ :

රාබු ග්‍රෑම් 100 ක්
අමුමිරිස් කරල් 4 ක්
රතුළූණු ගෙඩි 10 ක්
විනාකිරි තේ හැඳි දෙකක් පමණ
සීනි තේ හැන්දක්
අබ තේ හැන්දක්
කහ, ලුණු ස්වල්පයක්

සාදන අන්දම :

01. මුලින්ම රාබු සිහින්ව ලියා ලුණු වතුරෙන් මිරිකා ගන්න.

02. එයටම රතුළූණු, අමුමිරිස් සිහින්ව ලියා එකතු කරන්න.

03. අබ සහ කහ එකට අඹරාගෙන මෙයට රාබු මිශ්ණය එකතු ක‍ර පැය කීපයක් වසා තබා අවශ්‍ය විටෙක ආහාරයට ගන්න.

රාබු අල මැල්ලුම

අවශ්‍ය දේ :

රාබු අල ග්‍රෑම් 200 ක්. ලපටි කොළ සමග
රම්පෙ, කරපිංචා, උලුහාල්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු ගෙඩි 4 ක්
කුරුදු පොතු කැබැල්ලක්
ලුණු
කහ
මිරිස් තේ හැන්දක්
තුනපහ තේ හැදි බාගයක්
ගම්මිරිස් තේ හැදි බාගයක්
සූදුරු තේ හැදි කාලක්
සුදුළූණු බික් පහක්
පොල්තෙල් ස්වල්පයක්

සාදන අන්දම :

01. රාබු සිහින්ව ලියා ගන්න. එයට මිරිස්, තුනපහ, රම්පෙ, කරපිංචා, උලුහාල්, රතුළූනු, සුදුළූණු , කුරුඳු ආදිය එක් කරන්න.

02. දැන් මෙයට ලුණු සහ කහ යොදා ලිප තබන්න.

03. සූදුරු, ගම්මිරිස්, සුදුළූණු එකට අඹරා එයටම පොල් ස්වල්පයක්ද එක් කර අඹරා ගන්න.

04. රාබු තැම්බුන විට අඹරා ගත් පොල් ස්වල්පය දමා මලවා ගන්න. අවශ්‍ය නම් මැල්ලුමට තෙල් ස්වල්පයක් එක කරල තෙම්පරාදු කර ගැනීමෙන් රසය තවත් වැඩි කර ගැනීමට පුලුවනි. තෙම්පරාදු කරේ නෑ කියලා රසයේ කිසිම අඩුවක් වෙන්නේ නෑ.

රාබු තෙම්පරාදුව

රාබු අල ග්‍රෑම් 200 ක්. ලපටි කොළ සමග
රම්පෙ, කරපිංචා, උලුහාල්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු ගෙඩි 4 ක්
කුරුදු පොතු කැබැල්ලක්
ලුණු
කහ
මිරිස් තේ හැන්දක්
තුනපහ තේ හැඳි බාගයක්
පොල්තෙල් ස්වල්පයක්

සාදන අන්දම :

01. රාබු සිහින්ව ලියා ගන්න. එයට මිරිස්, තුනපහ , ලුණු රම්පෙ, කරපිංචා, උලුහාල්, රතුළූනු, සුදුළූණු , කුරුඳු ආදිය එක් කරන්න.

02. තෙල් ටිකක් ලිප තබා වතුරත් සමග රාබු තෙලට දමා වතුර සි‍‍ඳෙන තුරු හෝ හොඳින් තැම්බෙන තුරු පිස ගන්න.

රාබු කිරට

අවශ්‍ය දේ :

රාබු අල ග්‍රෑම් 200 ක්. ලපටි කොළ සමග
රම්පෙ, කරපිංචා, උලුහාල්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු ගෙඩි 4 ක්
කුරුදු පොතු කැබැල්ලක්
ලුණු
කහ
මිරිස් තේ හැන්දක්
තුනපහ තේ හැඳි බාගයක්
පොල්කිරි - දියකිරි කෝප්ප කාලක් සහ මිටිකිරි ස්වල්පයක්

සාදන අන්දම :

01. රාබු අල හීනිවට ලියා ගන්න. ලපටි කොළත් මේ ලියා ගත් අල අතරට එක් කරන්නත් පුලුවනි.

02. දියකිරි එක් කර ඊටම මිරිස්, තුනපහ, ලුණු, රම්පෙ, කරපිංචා, උලුහාල්, රතුළූනු, සුදුළූණු , කුරුඳු ආදිය එක් කරන්න.

03. දැන් මෙය තැම්බී එන විට මිටිකිරි එක් කරපිස ගන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1438 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:30 AM
Script:/article/1438/some-radish-recipes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:31 AM
Script:/article/1438/some-radish-recipes.html