වැලන්ටයින් දවසට boyfriend හම්බෙන්න යන්න කලින් අනිවාර්යෙන් මේ ගැනත් හිතන්න

February 13, 2019
7,400
Think of this before you meet your boyfriend on valentines
ළඟ එන වැලන්ටයින් දවස සමරන එක ගැන ගොඩ දෙනෙක් එළිපිට කතා නොකරට තමන් ආදරය කරන කෙනාව පුදුම කරන්න පුංචිම පුංචි අදහසක් හරි හැම කෙනෙක්ගෙම හිතේ තියෙනවා. ඒ නිසා හැමෝම දැන්ම ඉඳන්ම ඒ දවස සමරන්න පුංචි පුංචි දේවල් plan කරනවා. ඒ අතර ඉතින් දෙන්නම මේ දවසට හම්බෙන්න කොහොම හරි වෙලාවක් වෙන් කරගන්න තමයි ට්‍රයි කරන්නේ. වැලන්ටයින් දවසට හම්බෙනවා කියන්නේ ඉතින් ආදරේ කරන දෙන්නෙක්ට වෙන දවස් වල හම්බෙනවට වඩා ටිකක් වෙනස් විශේෂ දෙයක්. ඒ නිසා වැලන්ටයින් දවසට හම්බෙනකොට ටිකක් විශේෂ විදිහට තමන් ආදරය කරන කෙනාව පුදුම කරන්න පුළුවන් සතුටු කරන්න පුළුවන් දේවල් තමයි හැමෝම හිතන්නේ. ඒ නිසා වැලන්ටයින් දවස විශේෂ විදිහට සමරන්න කැමති ඔයා වැලන්ටයින් දවසට boyfriend හම්බෙන්න යන්න කලින් විශේෂයෙන්ම හිතලා බලන්න ඕනේ දේවල් ටිකක් ගැන තමයි අද අපි ඔයාට කියන්නේ.

01. එයාට කලින් ඔයා ගැන හිතන්න

පළවෙනිම දේ තමයි ඔයාගේ boyfriend ආදරේ කරන්නේ ඔයාට එහෙම නැතුව ඔයා එයා වෙනුවෙන් අරන් දෙන දේවල් වලට නෙවෙයි. ඔයාගේ පිරිසිදු කම ගැන ලස්සන ගැන හිතන්නේ නැතුව එයාට හොඳ වටිනා තෑග්ගක් ලස්සනට ඔතලා ගිහින් දීලා එයාව පුදුම කරන්න හිතාගෙන ඔයා වෙනදා විදිහටම එයාව හම්බෙන්න ගියොත් ඔයා විශේෂයෙන් සමරන්න හිතන වැලන්ටයින් දවස ඔය දෙන්නට සමරන්න වෙන්නේ වෙනදා විදිහටම තමයි. ඒ නිසා පළවෙනිම දේ තමයි එදා දවසේ එයාට අරගෙන දෙන විශේෂ දේවල් ගැන හිතන්න කලින් ඒ දවසට ඔයා එයා කැමතිම වෙන විදිහට ලස්සනට පිරිසිදුවට යන විදිහ ගැන හිතන්න.

02. එයා කැමතිම විදිහ

හැමදාමත් එයා කැමතිම දේවල් කරන්න බැරි වුනත් ඔයාට මේ දවස වත් වෙන් කරගන්න පුළුවන් එයා කැමතිම දේවල් කරන්න. එයා කැමති විදිහේ ඇඳුමක් අඳින්න ඔයාට පුළුවන්, නැත්නම් එයා කැමති විදිහේ අලුත් hair cut එකක් කරන්න පුළුවන්. එයා ඔයාව දකින්න කැමතිම විදිහට ඔයාට ඒ දවසේ එයා වෙනුවෙන් ලෑස්ති වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔයාට එයා කැමතිම විදිහේ පුංචි පුංචි දේවල් ගොඩක් කරන්න පුළුවන්.

03. හොඳම විදිහ

ඔයා එයා කැමතිම විදිහට ලස්සන වෙන අතරේ තවත් විශේෂයෙන්ම හිතන්න ඕනේ දෙයක් තමයි ඔයාගේ පිරිසිදුකම කියලා කියන්නේ අපි කොච්චර අලුත් ඇඳුම් ඇන්දත් අලුත් සපත්තු සෙරෙප්පු දැම්මත් අපේ පිරිසිදු කම ගැන හිතුවේ නැත්නම් එයාව පුදුම කරන එක එච්චර පහසු දෙයක් වෙන්නේ නැහැ. අපේ කොන්ඩේ , නියපොතු , කට වගේම සම ගැනත් හොඳ අවධානයක් යොමු කරන්නන ඕනේ. මොකද ඔයා අතින් වෙන පුංචි අතපසු වීමක් උනත් ඇති එදා දවසේ ඔය දෙන්නගේ ලස්සන හමුවීම හිතපු තරම් ලස්සන එකක් නොවෙන්න.

04. සුමුදු සමක්

අපේ තරුණියෝ ගොඩ දෙනෙක් ඉන්නවා තවමත් ඒ අය හිතන්නේ නැහැ තමන්ගේ සමේ තියෙන අනවශ්‍ය රෝම කූප ඉවත් කරගෙන ලස්සනට ඉන්න ඕනේ කියන කාරණාව ගැන. නැත්නම් ගොඩක් තරුණියන් කරන්නේ සමේ තියෙන අනවශ්‍ය රෝම කූප ඉවත් කරන්න රේසර් කරන එක. ඔයා අනවශ්‍ය රෝම කූප ඉවත් නොකර හිටියත් නැත්නම් ඒවා ඉවත් කරන්න රේසර් කරත් ඔයාට ලැබෙන්නේ එකම ප්‍රථිපලය. මොකද මේ දෙකම නිසා ඔයාට නැතිවෙන්නේ ඔයාගේ ලස්සන සම. සම සුමුදුව ලස්සනට අනවශ්‍ය රෝම ඉවත් කරලා පැහැපත්ව තියාගන්න පුළුවන් නම් ඒ තමයි ඔයාගේ ලස්සන සහ පිරිසිදුකම පෙන්වන්න තියෙන හොඳම විදිහ. ඒකට ඔයා ට්‍රයි කරලා බලන්න ඕනේ එකම දේ තමයි Veet කියන්නේ. ඔයා Veet කරලා සම ලස්සනට සුමුදුව තියාගෙන වැලන්ටයින් දවසට boyfriend හම්බෙන්න යන්නකෝ. අනිවාර්යෙන්ම ඒ දවස ඔය දෙන්නටම විශේෂ දවසක් වෙනවා.

05. පුංචි දෙයක්

අපි කලින් කියපු විදිහට එයා වෙනුවෙන් ඔයා ලස්සන වෙනවා නම්. එයාව පුදුම කරන්න එයා වෙනුවෙන් ලොකු ලොකු ගණන් වල තෑගි ගන්න ඕනෙම නැහැ. ඔයාට එයා වෙනුවෙන් මොනවා හරි දෙන්නම ඕනේ නම්. එයා කැමති වෙන විදිහේ පුංචි සරල දෙයක් එයා වෙනුවෙන් තෝරා ගන්න. අනික තමයි එයා ගැන ඔයා ඉන්නේ හොඳ අවධානෙකින් නම් එයාගේ ළඟ නැති එයාට අවශ්‍ය කරනම දේවල් ගැනත් ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා එයාට අවශ්‍යම කරන දෙයක් එයා වෙනුවෙන් ගන්න. එක ලොකු ලොකු ගණන් වල බොරු තෑගි වලට වඩා එයාට වටිනවා. මොකද එයාට දැනෙනවා ඔයා එයා ගැන කොච්චර හිතනවද කියලා.

එහෙනම් අපි මේ කිවුව දේවලුත් හිතේ තියාගෙන ළඟ එන වැලන්ටයින් දවස විශේෂ විදිහට සමරන්න ලෑස්ති වෙන්න. අපි මේ කිවුව දේවල් ගැනත් හිතුවොත් ඔයාට අනිවාර්යෙන්ම අමතක නොවෙන විදිහට ලස්සනට මේ පාර වැලන්ටයින් එක සමරන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1263 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:41 PM
Script:/article/1263/think-of-this-before-you-meet-your-boyfriend-on-valentines.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:41 PM
Script:/article/1263/think-of-this-before-you-meet-your-boyfriend-on-valentines.html