දේහ ලක්ෂණයන්ට අනුව ශශ පුරුෂයින්ගේ ගති ගුණ

March 22, 2017
10,450
Physiognomy Of Men (Shasha Purushayan)
පසුගිය සතියේ දේහ ලක්ෂණ විද්‍යාව තුලින් අප ගෙන ආවේ, කාන්තාවන්ගේ මුහුණේ හැඩයන්ගෙන් කියවෙන ඔවුන්ගේ ගති ස්වභාවය ගැනයි. මෙවර අපි හිතුවා කාන්තාවන්ගේ මෙන්ම පිරිමින්ගේ දේහ ලක්ෂණ පිලිබද කතා කරන්න.

වටකුරු මුහුනක් සහිත, වටකුරු ඇස් ඇති පිරිමි පුද්ගලයින් ඔබ මේ සමාජයේ බොහෝ විට දැක ඇති. මෙවැනි පුරුෂයින් හදුන්වන්නේ, "ශශ පුරුෂයන්" ලෙසයි. ඉතිං "ශශ පුරුෂයන්" ගේ ලක්ෂණ මොනාද කියලා අපි බලමු.

මෙවැනි පුද්ගලයන්ගේ ඇස් මදක් රත් පැහැයෙන් යුක්තයි. හිඩැස් රහිත සිහින් අලංකාර දත් දෙපලක් පිහිටයි. මොවුන්ගේ දෙතොල් සිහින්. තද කළු පැහැයෙන් යුක්ත කෙස් කලඹ, ඝනව වැඩී ඇත. අත්ල තඹ පැහැයෙන් යුතු වෙයි. මෘදු මොලොක් වෙයි. සිහින් දිගු ඇගිලි පිහිටයි .ගෙල දිගු බවක් වගේම දෑත් දිගු බවක් බැලු බැල්මට පෙනෙයි. සිරුර රෝම සහිත වෙයි. නිය රෝස පැහැයෙන් යුතුයි. දණහිස් මසින්
පිරි නොපවති.

මේ "ශශ පුරුෂයන්ගේ" ගති ගුණ තවත් බොහෝමයක් තිබෙනවා. මොවුන් ප්‍රිය වචන කතාකරන, බුද්ධිමත් ලෙස හිතන, තර්කාණුකූලව අදහස් ප්‍රකාශ කරන අයයි. ඒත් අන්යයන්ගේ සිත් නොබිඳියි. කරුණාවන්ත වෙයි. අන්යයන්ගේ දුකට පිහිට වීමට දැඩි උනන්දුවක් දක්වයි. ප්‍රති උපකාර බලා උදවු නොකරයි. ඒ නිසා බොහේ අයට මෙවැනි පුද්ගලයින් ප්‍රිය වෙයි. සමාජයේ ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වෙයි.

මෙවැනි පිරිමින් තමන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගැනීමට වෙහෙසෙනවා. ක්‍රියාශීලි අයෙකු නිසා අන් අයට ප්‍රිය බැවින් සර්ථකව කටයුතු ඉටු කරගනි. කලහකාරී නොවේ. එවැනි අවස්ථාවන්ට වුවත් මුහුණ දීමටද අකමැති වෙයි.

කලාකාමී අදහස් දරයි. බොහෝවිට එවැනි හැකියාවන් උපතින් පිහිටයි. හැම කටයුක්තක්ම ඉතාමත් සීරුවට සැලසුම් කරයි. "ශශ" වර්ගයට අයත් පුද්ගලයින් තම බිරිදට, දුදරුවන්ට යුතුකම් ඉටුකරයි. එයින් තෘප්තිමත් වේ. බිරිදට දැඩිසේ ලැදි වෙයි. සෞඛ‍ය පිලිබද නිතර උනන්දු වෙයි. කලගුණ සලකයි. තමන්ට සුළු උදවුවක් කල අයෙකුට උවද දිවි හිමියෙන් උදව් උපකාර කිරීමට පෙලෙඹෙයි. අන් අය නිසා අනවශ‍යය කැපකිරීම් නිසා ඇතැම් විට ප්‍රශ්න මතුකර ගනී. ඒත් තමන්ගේ ක්‍රියා කලාප වෙනස් නොකරයි. මොවුන්ට එකවර කාර්යන් දෙකක් හෝ රැකියවන් දෙකක් කිරීමට හැකියාව ඇත.

හැගීම්බර හදවතක් තිබුණද ශෘන්ගාරයට මිස රාග චේතනාවන්ට එතරම් නැඹුරු නොවේ. තෘප්තිමත් ජීවිතයක් ගතකරයි. මොවුන් ඉතා වාසනාවන්ත පුරුෂයන්ය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 140 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:45:52 AM
Script:/article/140/physiognomy-of-men-shasha-purushayan.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:45:52 AM
Script:/article/140/physiognomy-of-men-shasha-purushayan.html