ස්ටූ කියන්නේ කෑම රුචිය වැඩි කරන මස් මාලු වගේ දේවල් හදන විදිහක්. ඒත් මේ හතු වලින් සාදන ස්ටූ එක ඒවාට දෙවනි වෙන්නේ නෑ
අවශ්‍ය දුව්‍ය :
බිම්මල් 500g
අර්තාපල් 150g
කැරට් 100g
මාළු මිරිස් 50g
තක්කාලි ගෙඩි 01
අමු මිරිස් කරල් 04
සුදු ලූනූ බික් 03
ලුණු තේ හැඳි 1
ලොකු ලූනූ ගෙඩි 02
දිය කිරි 250ml
මිටි කිරි 125ml
විනාකිරි තේ හැඳි 2
ගම්මිරිස් තේ හැඳි 2
අමු තුනපහ තේ හැඳි 1
අබ තේ හැඳි 1/4
තෙල් තේ හැඳි 2
කහ ස්වල්පයක්
කරපිංචා, රම්පේ ස්වල්පයක්
සදන ක්‍රමය :
01. බිම්මල් තරමක් මහතට කඩා හොඳට සෝදා වතුර ඉවත්වනතුරු මිරිකා ගන්න.
02. කැරට්, අර්තාපල් ,මාළුමිරිස්, අමු මිරිස් දික් අතට කැබලි කර ලොකු ලූනූ ,තක්කාලි රවුම් අතට කපාගන්න.
03. භාජනයට තෙල් ස්වල්පයක් දමා සිහින්ව ලියාගත් රම්පේ, කරපිංචා සහ සුදු ලූනූ තෙලට දමා කැබලි කරගත් අල සහ කැරට් සමග සියලු කුළු බඩු වර්ග, ලූණු ,විනාකිරි දමා දිය කිරෙන් තම්බා ගන්න.
04. පසුව බිම්මල්, ලූනූ, මාළු මිරිස්, අමු මිරිස් සහ තක්කාලි සමග මිටිකිරි එකතු කරන්න