ඔහුත් ඔබත් අතර ඇති ගැටළු නිරාකනය කර ගන්නේ කොහොමද?

March 24, 2017
8,880
How to Communicate in a Relationship
සමහරක් අවස්ථා වල ජීවිතේට එන ප්‍රශ්න කතා කරලා විසඳ ගන්න බැරි අවස්ථා තියෙනවා. විශේෂයෙන් ඔබත් ඔහුත් අතර තියෙන ගැටළු. මොකද කිව්වොත් ජීව විද්‍යාත්මකව පිරිමි කතා බහේදී කාන්තා අපිට වඩා මැලි කමක් දක්වන ජීවින් කොට්ටාසයක්. ඔබ ඔබේ තාත්තා, සහෝදරයා, පෙම්වතා සහ ස්වාමිපුරුෂයා තුල මේ ලක්ෂණය දැකලා ඇති.

අපිට ගැටලුවක්ව පවතින ගොඩක් දේවල්, පිරිමින්ට ගැටළුවක් නොවන අවස්ථා බොහොමයක් තියෙනවා. හැබැයි, අපිට ඔහු හා කතා කරන්න ඕනෙමයි කියලා හිතෙන වෙලාවක, ඔහු ඒ වෙනුවෙන් අයහපත් ප්‍රතිචාරයක් දක්වාවි. අපි කියන දේ නිසා ඔහුට තරහා යාවි, එහෙමත් නැත්නම් හොඳට ඉන්න දෙන්නා අතරේ නිකම් ප්‍රශ්නයක් ඇති වේවී කියලා නොයෙක් අවස්ථාවල අපිට බය හිතෙන නිසාම අපේ හිතේ තියෙන දේ ඔහුත් එක්ක නොකියා අපි කරබාගෙන ඉන අවස්ථා තියෙනවා. හැබැයි, එහෙම කරබාගෙන ඉන්න එක කොයි තරම් නම් අපහසුයිද? වෙලාවකට හිතෙනවා ඔන්න ඔහේ බැන්නත් කමක් නෑ කියලා දානවා කියලා. හැබැයි.. අපිට ඇත්තටම බැනුම් අහන්න වුනහම.. ඒක ඊටත් වඩා හිතට දුකයි නේද?

මෙහෙම වෙලාවට අපිට මොනවද කරන්න පුළුවන්?

ලියුමක් ලියන්න

කතා කරනවා වගේ නෙමෙයි, යමක් ලියද්දි අපිට තෝරලා බේරලා ලියන්න පුළුවන්. යම් දෙයකට අදාලව, ඔහු අහන්න කැමති විදිහට අපේ අදහස ලියලා දුන්නම ඔහුටත් නිදහසේ වෙලාව අරගෙන ඒක කියවන්න පුළුවන්. අපි කටින් කියද්දී තේරුම් ගන්නවට වඩා, අපි ලියලා දුන්නු දේ කියවලා අපේ හැඟීම තේරුම් ගන්න පුළුවන්කම පිරිමින්ට වැඩියි. හිනායනවා වෙලාවකට. හැබැයි පිරිමින්ගේ හැටි ඒ. ගැහැණුන් වචන භාවිතයේදී පිරිමින්ට වඩා වේගවත්. ඒ වේගය ග්‍රහණය කරගන්න බොහෝ පිරිමින්ට බැහැ එකයි හේතුව.

ඉතින්,ඔබේ හිතට වද දෙන කාරණාව ඔහුට ලියලා දෙන්න. නිවාඩු පාඩුවේ ඔහු එය කියවා තේරුම් ගනීවි. ඔබට තවදුරටත් ඒ කාරනාව ගැන කතා කරන්න අවශ්‍ය නම්, "මේ ගැන අපි ඉක්මනින්ම කතා කරමු නේද?" කියලත් ලියන්න. අනිවාර්යයෙන්ම ඔහු ඔබත් එක්ක කතා කරාවි. හිත් රිදවීම්, අමනාපකම් ගොඩක් අඩු කර ගන්න පුළුවන් මේ විදිහට.

එලියට යන්න

ගෙදර ඇතුලේ තියෙන අමනාපකම්, ගෙයින් එලියට ගිහාම ගොඩාක් වෙලාවට දුරු වෙනවා. බිත්ති හතර ඇතුලේ කොටු වෙලා ඉන්නකොට හැමවෙලේම වගේ ඔලුවේ තියෙන්නේ පරණ බිල් ගෙවන එකයි, කැඩුණු බඩු හදන එකයි, දරුවන්ගේ දේවලුයි විතරක්ම වෙන්න පුළුවන්. ඔබ දෙදෙනාට කාලයක් වෙන්කර ගන්න එක හරිම අපහසු වෙලා ඇති. නමුත් හිතේ ප්‍රශ්නයක් කැරකි කැරකි තෙයෙන වෙලාවක ඒක නිරාකරණය කරගන්න යන්න එලියට. වැඩි සද්ද බද්ද නැති පරිසරයක කොෆි ෂොප් එකක් වෙන්න පුළුවන්, පාර්ක් එකක් වෙන්න පුළුවන්. මේ වගේ තැනකට ගිහින් දෙන්නා හිතේ තියෙන දේවල් ගැන නිදහසේ කතා කරන්න. ලොකු වෙලාවක් ගත නොවීම ඔබට ඔබගේ ගැටලුවෙන් මිදෙන්න පුළුවන් කම තියෙනවා.

ගොඩක් වෙලාවට හැමදාම කොටුවෙලා ඉන්න බිත්ති හතරෙන් එලියට එන එකම ප්‍රමාණවත්.

සැලසුම් කරන්න

කලින් කියපු ක්‍රම දෙකම වැඩ කරන්නේ නැති වෙලාවක ඔබට කතා කිරීමට අවශ්‍ය ගැටළුවක් ඇති බව කලින් ඔහුව දැනුවත් කරලා, ඒ වෙනුවෙන් විශේෂ වෙලාවක් වෙන් කරගෙන ගෙදරදී හෝ එහෙමත් නැතිනම් වෙනත් තැනකට ගිහින් හෝ කෙලින්ම ඒ ගැන කතා කරන්න. ඔබ යම් ගැටළුවක් ගැන කතා කරද්දී ඔහුව අබිබවා යන්න එපා කොයි මොහොතකදිවත්. ඔබේ අදහස ඔහු තේරුම් ගන්නේ නෑ කියලා තේරුනත්, ඔබ ඉවසන්න. ඒ වගේම ඔබ දෙදෙනා අතර පවතින ගැටළු ගැන දරුවෝ ඉස්සරහා කතා කරන්න එපා. ඒවා තේරුම් බේරුම් කරගන්න පුංචි දරුවන්ට හැකියාවක් නෑ. ඔවුන්ගේ හැඟීම් තලලා පොඩි කරන අම්ම කෙනෙක් වෙන්න එපා කොයි වෙලාවකදිවත්.

කතා කරලා ඔබ අතර තියෙන ගැටළු ප්‍රශ්න විසඳ ගන්න.

අපි මේ ගත කරන ජීවිතය හරිම කෙටියි. එතැන ගැටළු අඩු ආදරය වැඩි තැනක් කර ගන්න ඔබ හැම වෙලාවකදීම මහන්සි ගන්න.

මේ කතාව ඔබට ලියන මම සිංහල බෞධයෙක්. හැබැයි, බයිබලයේ සඳහන් මේ කොටසත් සටහන් කලොත් හොඳයි කියලා මට හිතුනා.

TWO ARE BETTER THAN ONE,
BECAUSE THEY HAVE A GOOD REWARD FOR THEIR LABOUR,
FOR IF THEY FALL,ONE WILL LIFT UP HIS COMPANION.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 146 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:17:01 PM
Script:/article/146/how-to-communicate-in-a-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:17:01 PM
Script:/article/146/how-to-communicate-in-a-relationship.html