පහසු කැරමල් පුඩින්

January 5, 2020
6,695
Easy Caramel Pudding
කැරමල් පුඩින් කියන්නේ අපි කවුරුත් කන්න ආස අතුරුපසක්. ගෙදරදී ලේසියෙන්ම රසවත් කැරමල් පුඩින් එකක් හදන හැටි මෙන්න..

අවශ්‍ය ද්‍රව්‍ය :

බිත්තර 4
සීනි තේ හැඳි 10
වැනිලා මේස හැඳි 1
ටින් කිරි 320 ml
සම්පූර්ණ යොදය සහිත කිරි කෝප්ප 1/2
කුඩු කරගත් එනසාල් තේ හැඳි 1/2

සාදන ආකාරය :

01. පළමුවෙන්ම සීනි ටික කැරමල් කරගන්න ඕනේ. ස්ටීමර් එකට දාන්න පුලුවන් භාජනයකට සීනි තේ හැඳි 8ක් එක් කර අඩු ගින්දරේ තියන්න.

02. සීනි ට්ක තද දුඹුරු පාට වෙනතෙක් තියන්න. හැබැයි කර වෙන්න දෙන්න එපා.

03. සීනි සියල්ල දිය වුනු පසු කැරමල් ටික පෑන් එකේ අඩියේ සම්පූර්ණයෙන් තැවරෙන සේ පෑන් එක රවුමට කරකවන්න. දැන් කැරමල් ටික නිවෙන්න පසෙකින් තියන්න.

04. බෝල් එකක බිත්තර, ඉතිරි සීනි තේ හැඳි 2, වැනිලා ටික හොඳින් මිශ්‍ර කරන්න. බිත්තර වල සුදු කෑලි නැති වෙන තෙක් මිශ්‍ර කරගන්න.

05. මේ බිත්තර මිශ්‍රනයට කිරි, ටින්කිරි, කුඩු කරගත් එනසාල් එකතුර කර හොඳින් මිශ්‍ර කරගන්න.

06. කැලමල් ට්ක හොඳින් නිවී ඇත්නම් කිරි මිශ්‍රනය හෙමින් කැරමල් එක උඩට වත් කරන්න.

07. ස්ටීමර් එකේ හෝ ප්‍රෙෂර් කුකර් එකක විනාඩි 30ක් පමණ පුඩින් එක පිස ගන්න. පුඩින් එක පිසී ඇතිදැයි ටූත් පික් එකකින් ඇන බලන්න.

08. සම්පූර්ණයෙන් නිවුනු පසු සිසිල් කර රස විඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1503 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:23:40 PM
Script:/article/1503/easy-caramel-pudding.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:23:40 PM
Script:/article/1503/easy-caramel-pudding.html