කුකුල් මස් (සම්පූර්ණ කකුල් 2ක්)
දෙහි යුෂ(ගෙඩියක පමණ)
ලුණු තේ හැදි 1ක්
මුදවපු කිරි කෝප්ප 1ක්
තුනපහ කුඩු තේ හැදි 1ක්
රතු වර්නක තේ හැදි 1/4
(ලොකු ළුණූ ගෙඩියක්, අමු මිරිස් කරල් 2ක්, සුදු ළුණූ බික් 4ක්, මුදවපු කිරි තේ හැදි 2ක්, ඉගුරු කැබැල්ලක් එකවර අඹරාගන්න)
මුලින්ම මස් පිරිසිදුකර හම ඉවත් කරගන්න. පසුව පිහියකින් කුකුල් මස් කකුල් වල හරස් අතට ඉරි ආකාරයට කපාගන්න වෙන් නොවන සේ ඉතා සියුම්ව. අමුද්‍රවය උරාගැනීම සදහ. ඉන්පසු ලුණු හා දෙහි යුෂ එකිනෙකට මිශ්‍රකර මස්වල හොදින් මිශ්‍රකරන්න.
මීලගට අනිකුත් ඉතුරු වු සියලුම අමුද්‍රවය එකිනෙකට කවලම් කරගන්න. paste එකක් ආකරයට. එම මිශ්‍රණය කුකුල් මස් වල තවරන්න. පසුව එය පැය 6ක් පමන ශීතකරණ්යේ තබන්න.
පසුව එය විනාඩි 10ක් පමණ පිසගන්න (180 සෙල්සියස්). පසුව අනිත් අත හරවා විනාඩි 10ක් පමණ පිසගන්න.